උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න හා පට්ටිපොළ අතර දී ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ හේතුවෙන් අද උදෑසන බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පොඩි මැණීකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ දී නතර කිරීමට සිදුව ඇත.
වව්නියාවේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජන දුම්රිය එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් එම දුම්රිය පොල්ගහවෙල හා පොතුහැර දුම්රිය ස්ථාන දෙක අතර නැවතී ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය කියයි. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයට ද බාධා එල්ල වී ඇත. මේ මාර්ග දෙකම කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැණිකෙලා ඉතින් මාසෙකට දෙතුන් පාරක් අතරමග හිටිනවනේ. (අ)