වවුනියාවේ සිට මාතර බලා ධාවනය වන රජරට රැජින දුම්රිය ගල්ගමුවේ දුම්රිය පෙළේ දී කාර්මික දෝෂයකට ලක්වී පැය තුනකට අධික කාලයක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.
මහවෙන් ගෙන්වාගත් දුම්රිය ඇන්ජිමක ආධාරයෙන් දුම්රිය උදෑසන 9.27ට පිටත් වූ බව ගල්ගමුව දුම්රිය ස්ථානයේ ප්‍රකාශයෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණු රට වල නොවෙන දෙයක්.අපේ රටේ සාමාන්‍ය දෙයක්. ඒ ගැන කලබල වෙන්න ඕනේ නෑ(දිල්)
සිද්දිය කුමක් වුවත් අවුරුදු පනහකට වැඩ පරණ මේ එම 2 වර්ගයේ එන්ගජින් දකින කොට එදා සිටි ඇමතිවරු සහ දුම්රිය ලොකු මහත්වරු ගැන ඇතිවෙන්නේ ගෞරවයක් . (දී)
සෑම්ගෙ කතාව හරියටම හරි(දී)
රමිත් මහත්තයෝ එන්ජිමක් කැඩුණු ගමන් එන්ජිමක් හයි කරන්න හැම ස්ටේසමක් ගානේ එන්ජින් ගාල් කරන්න තරම් වත්කමක් අපේ දුම්රිය සේවය සතු නැහැ. එන්ජිම ක්‍රියා විරහිත්වෙන්න හේතු හොයලා බලලා අදාළ තැන වලට දනුම නොදී එන්ජිමක් ගෙන්න ගන්න මෙතරම් කාලයක් යනවා ඇති. දුම්රිය නියාමකට වත් රියදුරු තැනටවත් එවන් දෙයක් තමන්ට හිතුමනාපෙට කරන්න බැරුව ඇති රාජකාරි නීති රෙගුලාසි අනුව. (දී)
මෙහෙම හදිසි දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒත් පැය තුනක ප්‍රමාදය අවම කරගන්න තිබුනා නේද. හදිසි අවස්ථාවලට සුදානමක් නැති බවයි පේන්නෙ.(නදී)
මේ කැඩුන එන්ජිම පනස් ගණන්වල කොළඹ ක්‍රමය යටතේ නොමිලේ ලැබුන කැනේඩියානු ජී එම් එකක්. මම දන්නා තරමට ලෝකයේ මේවා තාම පාවිච්චි කරන එකම රට අපියි. අපගේ ඉන්දියානු සහ චීන මිතුරන්ගේ එන්ජින් අවරුදු දෙකක් වත් දුවන්න බැරිඋනාට මේ අධිරාජ්‍යවාදීන්ගේ ඒවා තාම දුවනවා.(නදී)
රජරට රැජිණ දුම්රියට තවම පාවිච්චි කරන්නෙ පරණ එන්ජින් සහ පෙට්ටි. වවුනියාවේ සිට මාතරට යන දුම්රියට මීට වඩා අලුත් දුම්රියක් යොදවන්න ඕනෑ. (නි)
දැන් ඔය එන්ජින් පරණ වැඩයි , අලුත් ඒවා ගෙන්නකෝ.. අපිට දැන් සල්ලි ඕනෑතරම් තියනවානේ.(දී)
අධිරාජ්‍යවාදී නොවේ මොනවා උනත් ඒ එන්ජින් හොඳට වැඩ කරනවා. කැඩුනත් හදල හරි දුවන්න පුළුවන්. (ස)