රජරට සරසවි ගැටුම බේරුම් කැරෙන ලකුණු මින් මද වේලාවකට පෙර පහළ විය. ආචාර්ය පිරිසක් සිසුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රගතියක් ඇති බවත්, පන්ති තහනමට ලක්වූ සිසුනට ළිහිල් දඬුවමක් දිය යුතු බවට සරසවි පාලක මණ්ඩලයට දැන්වීමටත් එකඟත්වයක් ඇති විය.
ලබන 10 වැනි දා පාලක මණ්ඩලය රැස්වීමට ද නියමිතය.
සිසුන්ගේ ද එකඟත්වයෙන් මේ යෝජනාවට පාලක මණ්ඩලයේ අනුමැතිය ලද හොත් හිරකරගෙන සිටින උපකුලපති ඇතුළු පිරිසට එතැනින් ඉවත්ව යෑමට ඉඩ ලැබෙන ලකුණු ද දක්නට ඇත.
(අතුල බණ්ඩාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අධ්‍යාපනේ (දී)
ඕනෑම කෙනෙක් වරදක් කලානම් දඬුවම් දිය යුතුයි. නමුත් සරසවියක් කියන්නේ ලංකාවේම සිටින උගතුන් එකට එක්රැස් වී අධ්‍යාපනය ලබන තැනක්. මේක පාලනය කරන අය බෝගම්බර ,වැලිකඩ, පාලනය කරන ආකාරයට බුද්ධිමතුන් පාලනය කරන්න යාම මේ ප්‍රශ්න වලට එක හේතුවක්. දඬුවම් ලිහිල් කරන්න යනවා කියන්නේ දඬුවම් දීපු අය දීලා තියන දඬුවම් සැර වැඩියි කියන එක ඒ අයටම තේරුම් යාමක්. (නදී)
දැන් මේකද එතකොට මෙයාලගේ ක්‍රමය දඩුවම් වලින් බේරෙන්න තියෙන? මෙයාල කල වරදවල් මොනවද දන්නේ නේ නේද? ඒවා පිළිබඳවත් අපිව දැනුවත් කලොත් තමයි වඩා හොඳ. (ස)
මේ ගොල්ල උපාධිය ලබල ගෙදර ගිහිල්ල ඊළඟට ඉඩ කඩම් ලියලා දුන්නේ නැහැ කියලා තමන්ගේ මව් දෙමව්පියන්වත් කාමරේට දාල නිවාස අඩස්සිගත කරවී. ඇයි ඉතින් අයිතිවාසිකම් විතරනේ . මේගොල්ලන්ට යුතුකම් අදාළ නැහැ. (ස)
ඇයි ලිහිල් කලේ ? දැන් මෙයාලට ඕන විදියටද පරිපාලනය කෙරෙන්න ඕන ? (ස)
නියම ආදර්ශයක්නේ දෙන්න හදන්නේ..ඉදිරියේදී හැම කෙනාම මේ වැඩේ පටන් ගනීවි. ඔතනදි බුරුලක් දුන්නොත්. මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ත්‍රස්තවාදයට ඒ අයුරින් පිළිතුරු දෙන්න. නලවල වැඩ දික්ගස්ස ගන්නේ නැතුව. (නදී)
පුදුම තත්වයක්නේ ! මේ උපකුලපති සිර කල අයගේ ගෙවල් දන්නා කෙනෙක් නැද්ද ? මේ අයට නාස්ති කරන බදු මුදල් හම්බ කරන අපි ගිහින් මේ අයගේ ගෙවල් වල උදවිය අඩස්සිගත කරන්න ඕන. මේ අයගේ අම්මලා ට තේරෙන්නේ නැද්ද තමන්ගේ චන්ඩි ළමයා රටට බරක් කියලා, (දී)
මේ ගොල්ල උපාධිය අරන් ගෙදර ආපු දවසට අහල පහල උදවියවත් නිවාස අඩස්සි ගත කරාවිද දන්නේ නැහැ . (දී)
උසස් අධ්‍යාපන බලවතුන්ගේ කට හොඳ නැහැ තමා. ඒ වුනාට මේ චන්ඩි රැලට මීට වඩා ඇමතීමට සුදුසු මොන නමින් ද කියලා මම කල්පනා කරන්නේ. මේ අයගේ දෙමවිපියොත් ළමයින් ට කැමති විදියට හැසිරෙන්න ජීවත් වෙන්න ඉඩ දීල පැත්තකට වෙලා ඉන්නවා. ඔවුන්ටත් වගකීමක් තියනවා තමන්ගේ ළමයා ඉගෙන ගන්නවද රට හදන්න යනවද කියලා හොයලා බලන්න. (නදී)
අපි නම් කවදාවත් අපේ ලමයින්ව ලංකාවේ විශ්ව විද්‍යාල වලට යවලා ඔවුන් ගේ ජීවිත අනාරක්ශිත කරන්නේ නැහැ. ඉඩමක් හරි විකුනලා යව්වේ කැනඩා හෝ එංගලන්තේ. ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගියොත් අනාතයි. උපාධි සහතිකයට පිලිගැනීමක්වත් නැහැ රැකියාවලුත් නැහැ (දී)