රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන හා විනය පාලකවරුන් දෙදෙනා පැය 17ක් පුරා බලෙන් ඔහුගේ කාර්යාලයයේ සිරකරගෙන සිටිති.
පන්ති තහනමට ලක්වූ සිසුන් 28 දෙනකුගේ තහනම ඉවත් කරන්නැයි පෙර දින පස්වරු 4.30ට උපකුලපති ඇතුළු පිරිස හිරකර ගත් අතර උපකුලපති සැටියක රාත්‍රිය ගත කළ බවත්, කාමරයේ තිබූ චොක්ලට් පෙත්තකින් කුසගිනි නිවා ගත් බවත් කුලපති කියා ඇත.
අද උදේ එහි ගිය මාධ්‍යවේදීන් කෑම ගෙනවිත්දෙන්නදැයි ඇසූ නමුත් කෑම ගැනීමට තරම් සුදුසු වටපිටාවක් නැතැයි කියමින් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.
විශ්ව විද්‍යාල ආරක්ෂකයන් ද පොලිසියේ හා කැරලි මර්දන කණ්ඩායම් ද සරසවියට කැඳවා ඇති නමුත් තමන් බේරා ගන්නැයි උපකුලපති ඉල්ලීමක් නොකළ නිසා ඔවුන් අද උදේ 9.30 වන තුරුත් මැදිහත් නොවූ බව පොලිසිය කියයි.
එවැනි ඉල්ලීමක් කළ හොත් අවම බලය යොදා මුදා ගැනීමට සූදානම් බව පොලිසිය පවසයි.
විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව වසා දමන බවට උප කුලපති සිසු අත්අඩංගුවේ සිටිය දීම නිවේදනයකට අත්සන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ කහ බල්ලලු , ප්‍රා කට්ටියෙ ? (අ)
කෝ අර කයිවාරු ගහන ඇමති තුමා.? (අ)
මේ අය නම් ඉගෙන ගන්න නමේ ඇවිත් ඉන්නේ .. අපරාදේ කුබුරක් කොටගෙන හිටියනම් හරි..ඉගෙන ගන්න අයටත් ඉගෙන ගන්න නෑ (දී)
පාසලේ විනය නැත. පන්සලේ විනය නැත, කවුන්සිලේ විනය නැත, විශ්ව විද්‍යාලයේ විනය නැත, මහමග විනය නැත, පොලිසියේ විනය නැත. දැන් රටේම විනය නැත. "විනය" ශබ්ධකෝෂයෙන් ඉවත්කළ යුතුව ඇත. (නදී)
අපේ ආයතන පුරප්පාඩු වලට හරියට උපාධි දාරීන් ඉල්ලුම් කරනවා. එ්ත් ප්‍රධානියා සහ මානව සම්පත් නිලධාරිනිය කැමතියි උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට. දැන් තේරෙනවා හේතුව. මේ උදවිය බඳවා ගත්තොත් දවසක පඩි මදි කියලා අපි හැමෝම කාර්යාල අඩස්සියට ගනීවි. (නදී)
අවම බලය නොවේ, උපරිම බලය දාල හරි මොවුන්ට පාඩමක් උගන්වන්න...කැම්පස් යන්නේ මොකටද කියලා අමතක කරලා දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරන එක නවත්තන්න....(දී)