රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන හා විනය පාලකවරුන් දෙදෙනා පැය 17ක් පුරා බලෙන් ඔහුගේ කාර්යාලයයේ සිරකරගෙන සිටිති.
පන්ති තහනමට ලක්වූ සිසුන් 28 දෙනකුගේ තහනම ඉවත් කරන්නැයි පෙර දින පස්වරු 4.30ට උපකුලපති ඇතුළු පිරිස හිරකර ගත් අතර උපකුලපති සැටියක රාත්‍රිය ගත කළ බවත්, කාමරයේ තිබූ චොක්ලට් පෙත්තකින් කුසගිනි නිවා ගත් බවත් කුලපති කියා ඇත.
අද උදේ එහි ගිය මාධ්‍යවේදීන් කෑම ගෙනවිත්දෙන්නදැයි ඇසූ නමුත් කෑම ගැනීමට තරම් සුදුසු වටපිටාවක් නැතැයි කියමින් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.
විශ්ව විද්‍යාල ආරක්ෂකයන් ද පොලිසියේ හා කැරලි මර්දන කණ්ඩායම් ද සරසවියට කැඳවා ඇති නමුත් තමන් බේරා ගන්නැයි උපකුලපති ඉල්ලීමක් නොකළ නිසා ඔවුන් අද උදේ 9.30 වන තුරුත් මැදිහත් නොවූ බව පොලිසිය කියයි.
එවැනි ඉල්ලීමක් කළ හොත් අවම බලය යොදා මුදා ගැනීමට සූදානම් බව පොලිසිය පවසයි.
විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව වසා දමන බවට උප කුලපති සිසු අත්අඩංගුවේ සිටිය දීම නිවේදනයකට අත්සන් කළේය.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජරට උප කුලපති පැය 17ක් හිර අඩස්සියේ
සමන් Friday, 27 June 2014 09:45 AM
කෝ මේ කහ බල්ලලු , ප්‍රා කට්ටියෙ ? (අ)
පිටිගල Friday, 27 June 2014 09:45 AM
කෝ අර කයිවාරු ගහන ඇමති තුමා.? (අ)
හසිත Friday, 27 June 2014 10:00 AM
මේ අය නම් ඉගෙන ගන්න නමේ ඇවිත් ඉන්නේ .. අපරාදේ කුබුරක් කොටගෙන හිටියනම් හරි..ඉගෙන ගන්න අයටත් ඉගෙන ගන්න නෑ (දී)
හේමන්ත Friday, 27 June 2014 10:08 AM
පාසලේ විනය නැත. පන්සලේ විනය නැත, කවුන්සිලේ විනය නැත, විශ්ව විද්‍යාලයේ විනය නැත, මහමග විනය නැත, පොලිසියේ විනය නැත. දැන් රටේම විනය නැත. "විනය" ශබ්ධකෝෂයෙන් ඉවත්කළ යුතුව ඇත. (නදී)
කුෂානි Friday, 27 June 2014 10:09 AM
අපේ ආයතන පුරප්පාඩු වලට හරියට උපාධි දාරීන් ඉල්ලුම් කරනවා. එ්ත් ප්‍රධානියා සහ මානව සම්පත් නිලධාරිනිය කැමතියි උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට. දැන් තේරෙනවා හේතුව. මේ උදවිය බඳවා ගත්තොත් දවසක පඩි මදි කියලා අපි හැමෝම කාර්යාල අඩස්සියට ගනීවි. (නදී)
කපිල බණ්ඩාර Friday, 27 June 2014 11:13 AM
අවම බලය නොවේ, උපරිම බලය දාල හරි මොවුන්ට පාඩමක් උගන්වන්න...කැම්පස් යන්නේ මොකටද කියලා අමතක කරලා දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරන එක නවත්තන්න....(දී)