තමා රජයෙන් ඉල්ලා අස්වීමත් සමඟ රජය දෙදරා ඇතැයි ද, හෙට අනිද්දා වන විට තවත් පිරිසක් රජයෙන් කැඩී යනු ඇතැයි ද විපක්ෂයේ පොදු පේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පොළොන්නරුවේ දී පැවසීය.
‘අතිගරු ජනාධිපතිතුමනි මම ඔබට පෞද්ගලිකව ද්‍රෝහි වූවා නොවේ. මම ද්‍රෝහි වූයේ ඔබ ගෙන යන ක්‍රමයටයි. ඔබට හෝ ඔබේ පවුලේ අය සමඟ ද්‍රෝහි වූවා නොවේ. ද්‍රෝහි වූයේ අල්ලසටය, දූෂණයට හා වංචාවටයි.
තුනෙන් දෙකේ බලය තිබූ මේ ආණ්ඩුවට රටට වැඩක් කළේ නෑ. ඒ බලය පාවිච්චි කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට පමණයි. (එම සංශෝධනයේ අරමුණ වූයේ බලයේ සිටින ජනපතිවරණයකු දෙවරකට වැඩි වාර ගණනක් ජනපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව සැලසීමයි.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඇත්තෙන්ම. ඔබ හරි (ත)
හෙළ උරුමය අමතක කරන්න එපා. හොඳ දර්ශනයක් තිබෙන පක්ෂයක් (නි)
කොහොමත් ඒක වෙනවා.(හේ)
බබ්බුව තමා.අපිට නම් ලැබුණු ආරංචි හැටියට දෙපැත්තේ හිටි දෙන්න විරසක වෙලාලු. 45 ක් අරණ එනවා කියපු නිසා එ. ජා. පෙ. න් ඉල්ලන්න දුන්නේ, කෝ ඒ ය කියල දැන් ලොක්ක අහනවලු.මේක මේ දැන් මොකුත් කියන්න දෙයක් නැති නිසා කියන කතාවක්ද? අය වැය පැරැද්දුවේ නැතිනම් මම අහවලාගේ දුව නෙමේ කියලත් එක්කෙනෙක් කීවලු.සද්දේ හැටියට වැඩ නැති එක ගැන දුකයි.සෝඩා බෝතෙලෙත් කඩපු ගමන් ඔහොමයි. (ස)
ඔය එන අයට යන්නත් ගොඩක් වෙලා යන එකක් නෑ. මොකද ගිය අයමනේ එන්නෙත්. (ර)
ඔය පරෙයියත් ලබන අවුරුද්දේ පරණ ගෙදර කූඩුවට ගනීවි ලොකු මාමා. (නදී)
ලැම්බෝගිනි වලින් ඉක්මනින් බඩු කොළඹට ගේන්න පුලුවන් නේද? (නදී)
ඔබ තුමාට දිනන්න පුළුවන්. හැබයි හෙළ උරුමය වගේ පක්ෂ ළගින් තියාගන්න. රට ජාතිය ආගම වගේම සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදන්න. අපි සුබ පතන්නම්. (ස)
ඔබ අවංක නම් 18 සංසෝදනය ගෙනෙන වෙලාවේ අයින් වෙන්න තිබ්බේ. (නදී)
කවුරු ගියත් බුද්ධිමත් මිනිස්සු ඇත්ත තේරුම් අරගෙනයි ඉන්නේ (නි)
කවුරු ආවා ගියත් ඡන්දෙ දෙන්නෙ මිනිස්සු. යනවා නම් යන්න තිබුනෙ කලින්. (නි)
අපි දන්නවා මේ පාර හොදට කනවා !! (ස)
පිස්සු. (ස)
ඔබට ජය නියතයි. (ත)
විධායක ජනාධිපති ක්‍රමයත් පාර්ලිමේන්තු වැඩි ඡන්දෙන් පත්වූ ව්‍යවස්ථාවත් සම්මත කළ අය තවම අපෙන් ඡන්දය ඉල්ලනවා. (නි)
කමලා මොනවා කියවනවාද? (නි)
ඔව් ඔව් මම එන්නේ රනිල්ව අගමැති ජනාධිපති කරවන්න (දිල්)
කන්නේ රට කාපු අයයි. ලැම්බෝගිනි බදු නැති කරපු අයයි. (ස)
සමාජ ආචාර ධර්ම බිඳ දමමින් රට නැවත බෙදුම්වාදය කරා ගෙනයන බලවේග අපි පරාජය කළයුතුය. එය ජනවාරි 9 වැනිදා අලුයම සිදුවෙනවාමයි. ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනනවාමයි. (නි)
ඔය එනවා යයි කියන පිරිස තවම ආප්ප කනවා වෙන්න ඇති. (නදී)
ඔබට නියත ජය! (නි)
කවුරු කවුරු ගැනත් අපි හොඳට දන්නවා (නි)
ඔය නාට්ටියේ කලින් ඔය චරිතය රඟපෑවේ ෆොන්සේකා කියලා එක්කෙනෙක්. ප්‍රධාන නළුවා විතරයි වෙනස්. තිර නාටකය ඒකමයි. අවසානය දුකයි.(නදී)
ඔබට ජයවේවා! අපිට ඔබ විශ්වාසයි (නි)
කවුරු කඩාගෙන ගියත් අපි නම් කවදාවත් යන්නේ නැහැ (නි)
ඔබට ජය! (නි)
ඔබතුමාට සුබපතනවා! හැබැයි අහිංසක ජනතාවත් එක්ක අනිත් දෙන්නා වගේ හැංගිමුතන් සෙල්ලන් දන්නා එපා. (දිල්)
ඔය හිතන තරම් මෝඩ මිනිස්සු දැන් නැහැ. මේ රජයත් ජනාධිපතිතුමාත් දමා යන්නට කාටවත් උවමනා නැහැ. මේ රජයේ වටිනාකම දන්නා නිසා කරදර දුක්ගැහැට විඳගෙන හරි ඉන්නවා මිස කවදාවත් ජනාධිපතිතුමා දාලා යන්නේ නැහැ. ඔබේ තක්සේරුව නම් වැරදියි (නි)
කවදත් කට්ටියම කළේ ගාල කඩාගෙන වගේ එහාට මෙහාට ගිය එක විතරයි. (නි)
එන වේගේ හැටියට වාන් දාවිද කියලා සැකයි.(හේ)
එතුමා තවම හීන බලනවා. මෙතුමාට දැනුයි දුෂණ වංචා ගැන තේරිලා තියෙන්නේ. (නි)
ඒ අය එහාට මෙහාට පැන පැන ඉන්න එකනේ වැඩේ.(හේ)
මේ පාර නම් වෙනසක් වෙයි වගේ.(හේ)
පිට රට සිටින අපටත් ඡන්දේ දෙන්න අවස්ථාවක් තිබුනා නම් .(හේ)
අන්තිමට මේකේ පක්ෂයේ නම විතරයි වෙනස් වෙන්නේ. කට්ටිය එතනමයි (නි)
මම නම් හිතන්නේ නැහැ තවත් එයි කියලා (නි)
එහාට මෙහාට පනින ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හිතාගෙන ඉන්නේ තමන්ගේ පාක්ෂිකයා තමන් කියන කෙනාට ඡන්දය දෙනවා කියලයි. ඒ යුගය කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. ඒ බැවින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා මේ පිළිබඳව කලබල වියයුතු නැහැ. අපේ රටේ තීරණාත්මක ඡන්ද මල්ල දැන් දේශපාලනීකරණය කරන්න බැහැ. (නි)
බන්දුල පෙරේරා දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් ආවඩන්න පටන් අරගෙන තියෙන්නේ. මහින්ද මහත්තයට කඩේ ගිහිල්ලා ඉවරයි වගේ. වාසි පැත්තට හෝයියා. ලැජ්ජයි විලි ලැජ්ජයි. (නි)
යහපාලනය ඇති කරන්න. මහජන මුදල් හා රාජ්‍ය සම්පත් නාස්ති කරන දේශපාලකයන් එලියට දමන්න වෙනම නීති මාලාවක් පාර්ලිමේන්තුව හරහා සම්මත කරන්න. අපේ දරුවන් මත් කුඩු හා බේබදු කමෙන් මුදවන්න. ඔබතුමාට ජය නියතයි. (ස)
ඔබ තුමාට ජය වේවා ...!! (ස)
මම නම් කියන්නේ සාධාරණ ඡන්දයකදී මෙතුමා අනිවාර්යයෙන් දිනනවා (නි)
ඒකේ දෙකක් නෑ එන අය එනවා.ජය වේවා.(හේ)
කවුරු කඩාගෙන ආවත් රට, ජාතිය ආගමට ආදරය කරන ජනතාව නම් කඩාගෙන එන්නේ නැහැ (නි)
නිහතමානි පුද්ගලයන් සමග යන ගමනට අපේ සුබ පැතුම් ! ඔබට ජය නියතයි (නදී)
ඔබට ජය නියතයි ! (නදී)
ලියනගේ මහත්තයෝ, බන්දුල පෙරේරා කියන්නේ හොද සිංහල හාලේ බත් කන ඇලෙන් දොලෙන් නාන ගැමි කම දන්නා පොළොවේ පය ගහලා ජිවත් වෙන හොදට කළ ගුනදත් මනුස්සයෙක්. ඒ මනුස්සය කවදාවත් ගුණ මකු වෙන්නේ නැහැ. අපි මේ විකාර බල බල කට්ටියට අනුකම්පා කරනවා. 9 වෙනිදා වෙනකම් ඔන්න ඔහේ ඔය මෝඩ චුන් එක විඳපුදෙන්. ඊට පස්සේ ඔක්කොම අල්ලලා දාන්න පුළුවන් පොළොන්නරුවේ කුඹුරු හාන්න (නදී)
ඔබට ජය මෛත්‍රී මහතාණෙනි (නදී)
ශ්‍රේෂ්ට ජනනායකයානනි, ඔබගේ ජයග්‍රහනය සක්සුදක් වගේ පැහදිලියි. මගේ රත්‍රන් මව් බිම සහ අහිංසක ජනතාව ආරක්ෂා කරන්න. ඔබට බුදු සරණින් සහ සියලු දෙවියන්ගේ රැකවරණ සමගින් ජය සහ සතුට ! (නදී)
හෝව් හෝව්....! කඩාගෙන ඇවිල්ලා කොහේ යන්නද හදන්නේ? (නි)
අර පැත්තෙන් මේ පැත්තෙන් එන එන ඒවා ගණන් කර කර ඉන්නේ නැතුව පැහැදිලි වැඩපිළිවෙලක් ගැන කත කළොත් නේද හොඳ? (නි)
දේශපාලන රැලි වලට ගහගෙන යන අය ඉන්නේ පාර්ලිමේන්තුවේ මහජනතාව දේශපාලන රොඩු වෙන්නේ නෑ . (අ)
කෝ සෙනග ..(අ)
මේ මහත්තයාට පිස්සු නේ? (අ)
කට ඉස්සර කර ගන්න එපා (නදී)
සංශෝධන කළේ පවුල් පාලනයට නේ වෙන මොකටත් නෙමි සේවයක් කරනවා නම් අවුරුද්දකුත් වැඩි , (අ)
පිස්සු නැත්නම් හොඳයි (නදී)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ඔය පැත්තට ගැනීමෙන් එතරම් වැඩක් නැහැ. ඔබට ජය ගැනීමට අවශ්‍ය නම් ජනතාවයි දිනාගත යුත්තේ. මොකද ඔබව තෝරා පත්කර ගන්නේ මහජනතාව. ඒ නිසා සියලු ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන් ජනවාර්ගික ප්‍රශ්නයට ඔබේ ස්ථිර විසදුම් වැනි දේ පැහැදිලි කරන්න. (නි)
මොලේ තියන ඇස් තියන ඕනෙම කෙනෙකුට පේනවා රටට වැඩක් කර තියනවද නැද්ද යන වග.(අ)
කමලා, අපේ රටේ ලොක්කෙක් පරෙයියෝ ගහල ඌ මැරිලා වැටුනා. හැබැයි ඔබ කියන්න වගේ ගහපු මිනිහට නම් අසුභ උනේ නැහැ. අපිට තමයි පල දුන්නේ. (නදී)
මෙන්න මෛත්‍රී දේශපාලනය. දන්නේ නැත්නම් දැනගන්න. දැන් පුලුවන් නම් ෆයිල් අදින්න (නදී)
වෙන දේ බලන් ඉන්න තමයි අපිට තියෙන්නේ.(හේ)
කවුරු කඩාගෙන ගියත් අපි මහින්දටයි (නි)
බලාගෙන ඉන්න.කඩාගෙන එනකොට කඩාගෙන යන්නත් පුලුවන් කියලා හිතන්න (නි)
නියම වැඩක්.(හේ)
ඉදිරියේ එන පිරිස කොහොම නවත්වන්නද? (නි)
මේකත් හරියට එළුවා පස්සේ ගිය නරියාගේ කතාවට සමානයි පුතේ.(නදී)
ඕවා දැන් කියන්නේ ඇයි? මේ ආණ්ඩුව මොකුත්ම කළේ නැහැ කියන්නේ කොහොමද? ඕවා කියලා නම් දිනන්න පහසු නැහැ. කරපු වැඩ පාරට බැස්සහම රට පුරාම දකින්න පුළුවන් ඇස් පෙනෙන අයට. (නි)
නියමයිනේ.(හේ)
පනත ගෙනාපු වෙලේ සම්මත වෙන්න නොදී ජනතාව දැනුවත්කර විරුද්ධව කටයුතු කළානම් නේද නියම වීරයා ?(හේ)
මෛත්‍රීපාල සිරි සේන මහතාණනි. ඔබතුමාගේ මංගල රැස්වීම ආරම්භ කරන වෙලාවේදී ගහපු පරෙයියා ගුවනේ පියාසර කළේ නැහැ. අපිත් අයියලා මල්ලිලා එක්ක පුංචි කාලේ පරෙයියෝ ගහලා තියෙනවා. ඒක නිසා ඔබට මතක් කර දෙන්නම්. උඩ ගහපු ගමන් පරෙයියා ආපහු කුඩුවට එන එක අසුභ ලකුණක්. (නදී)