හබරාදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නාමල් ප්‍රියන්ත හා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අසෝක එදිරිවීර මහත්වරු තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කලින් පැවසුව ද අද පැවති ප්‍රාදේශීය සභා රැස්වීමේ දී යළි විපක්ෂයේ අසුන් ගැනීමෙන් සභාව උණුසුම් විය. විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත මහතා කියා සිටියේ ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙපල විපක්ෂයේ අසුන්ගැනීම සම්ප්‍රදාය නොවන බවයි. තමන් එලෙස රජයට එක්නොවූ බව එම මන්ත්‍රීවරු දෙපළ කීහ. ඒ සමගම සභාව එකම ගාලගෝට්ටියක් වූ අතර විපක්ෂයේ චෝදනාව වූයේ මේ මන්ත්‍රීවරු දෙදෙනා වසරකට පෙර අය වැයට පක්ෂව ඡන්දය දෙමින් රජය සමග සිටි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නාට නම් මොළේ තියෙන හැඩයි. (නි)
පොරොන්දු වුනු ගාන දුන්නේ නැතුව ඇති.(හේ)
විපක්ෂයට වැඩක් නැහැ මේ වගේ දෙපිට කාට්ටුවෝ. (නදී)
ගම්මන්පිල මහත්තයා අනුගමනය කරන තාලේ අය වෙන්න ඇති. (නදී)
මරු බිස්නස් එක ..ලාබ නම් ගියා (බ)
මෙහෙමත් විහිලු. (දී)
කෝලන් (දී)
හොඳ තීරණයක් මෛත්‍රීට ශක්තියක් (බ)
දෙපාර්ශයේම මන්ත්‍රින් ප්‍රතිපත්ති ගරු කරනවානම් වටිනවා.පිල් මාරැ කරනවානම් එය කළ යුත්තේ රට ගැන සිතා මිස මුදල් ගැන සිතා නොවෙයි (බ)
මේවා විහිලු නෙමේ ..මෙහෙම පවු කාරයෝ පාලනය කරන නිසා විනාශ වෙන්නේ මේ රට.(හේ)
එළියෙන් අඳුරට නැවත අඳුරින් එළියට.(හේ)
දේශපාලනය යනු සැබෑවටම විහිළුවකි (දී)
යන කොට සල්ලි අරන් කියනවා..එනකොට හොද තීරණයක් කියනවා (හේ)
ෂිකේ, ෂිකේ මාරයි නේද ? (නදී)
දේශපාලනයේ සදාකාලීන මිතුරෝද නැත . සදාකාලීන සතුරෝද නැත. මෙවන් කියමන් යළි යළිත් අලුත්වෙයි. (බ)
දන්සැල ගියාට හැමදාම කනකොට අර අතිරස වාගේ වෙනවා . (අ)
දවස් කුලියට වැඩට යනවා වගේ තමයි දැන් මන්ත්‍රී වරුත්. නරකමත් නැහැ.(හේ)
වියදමට කියක් හරි හොයා ගන්න යන්න ඇති. ගෙදර ආර්ථික ප්‍රශ්න ඇති. දැන් ඒ ගොල්ල තුන් වෙලා කනවා ඇති. (හේ)