IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි පහමාරක  බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජීප් රථය  රාජසන්තක කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  අද  (11)රේගුවට නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කළ ජි ඉසෙඩ් 9630 දරන ජීප් රථය මෙසේ රාජසන්තක කිරීමට නියෝග කළේය.

අදාළ රථය බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සතුව තිබියදී අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

රුපියල් කෝටි ගණනක බදු රජයට අහිමි කරමින් 2015 වසරෙන් පසුව රේගුවට හොර රහසේ ආනයනය කළ මෝටර් රථ දෙසීයක් යළි රජයට භාර දෙන ලෙසට  කළ අධිකරණ නියෝගය අනුව රථය අත්අඩංගුවට ගත් බවත්,අදාල ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ  රථය රේගුවට බාරදී රාජ්‍ය සන්තක කරන ලෙසට නියෝග කළේය.

සෙසු රථ සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ජනවාරි 17 වැනි දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය. 



අදහස් (1)

රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි

සෙනෙවිරත්න Saturday, 12 October 2024 08:18 AM

මෙවැනි වාහන විශාල ප්‍රමාණයක් ඇති බව පෙනේ. ඉතා ඉක්මනින් මෙම වාහන අල්ලා දඩ නඩයම කර වාහන රාජසන්තක කරන්න. මෙයට ඇති බාධක අවසන් බව හැඟේ ජාවාරම් කාර පෙලැන්තිය ප්‍රගතිශීලී රජයක් බලයට ඒමට එරෙහි වන්නේ මේ නිසාය.

:       3       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site