දැනට පවතින ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූළ වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත් , පත් කර සිටින ඇමැතිවරු , රාජ්‍ය ඇමැතිවරුන් , සහ නියෝජ්‍ය ඇමැතිවරු පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධිත පෙත්සමක් ලෙස ඉදරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) අවසර ලබා දුන්නේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සම ඉදරිපත් කරන අවස්ථාව වන විට පැවති කැබිනට් මණ්ඩලය මේ වන විට වෙනස් වී ඇති බැවින් අලූතින් කැබිනට් මණ්ඩලයට එක්වූ සාමාජිකයින්ගේ නම් ඇතුළත් කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම අවසරය දෙන ලදී.
පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
අධිකරණය හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාර නීතීඥවරුන් දන්වා සිටි අතර විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ එම සංශෝධිත පෙත්සම මුල් නඩු ගොනුවට ඇතුළත්ව නොමැති බවය.
පෙත්සම ජුනි මස 03 වැනිදාට පෙර ගොනු කරන ලෙස නියම කරන ලදී.
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජයට එරෙහි පෙත්සම විභාගයට අවසර
උපාලි Monday, 16 May 2016 02:52 PM
නඩු කියන තරමට නීතිය පිරිසිදු වෙනවයි කියනවනේ. ඒ හින්ද මෙහෙම නඩු එන එකත් හොඳයි. (ර)
නන්ද Tuesday, 17 May 2016 04:44 AM
මෙය ඉතාම වැදගත් නඩුවක් (බ)
අතුකෝරල Monday, 16 May 2016 01:04 PM
නීතිය අපිට විස්වාසයි. (ර)