
(යොහාන් භාසුර)
පසුගිය ආර්ථික රටාව තුළ රාජ්‍ය සේවයේ ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත් දේශපාලනය සහ රාජ්‍ය සේවය නිසා සමස්ත රටම බිඳවැටුණු බවත් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අද (22) පැවසීය.
හයිලන්ඩ් වරලත් අළෙවිසැල් 500 ක් ආරම්භ කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (22) පැවැති උත්සවයේදී කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා එසේ පැවසීය.
හොරකම, දූෂණ සහ වංචාව සියයට 100 ක්ම නවතා ජනතාවට සහතික කර ඇති බවත් වර්තමානයේ හොර ගුහාව දේශපාලන ක්ෂේත්‍රය නොව රාජ්‍ය සේවය බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා කීය.
වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය හොදින් කරගෙන යන්නේ යැයි ආණ්ඩුව විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සියලු රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සේවය කඩා වැටීමට ඉඩහැරි බවත් අතීතයේ මෙරට ගමක රාජ්‍ය සේවයේ කටයුතු කරන කෙනෙක්ට පුදුමාකාර පිළිගැනීමක් තිබූ බවත් ඔහු සඳහන් කළේය. රාජ්‍ය සේවකයෙක් කියූ පමණින් අද වන විට හොරෙක්ද, ගැහිලිකාරයෙක්ද යැයි විමසන බවත් අමාත්‍යංශයක ලේකම් කෙනෙක් කිව්වම අද හිතන්නේ මිනිහත් අර පොහොර සිද්ධියට හවුල් ඇති බවත් අමාත්‍යවරයා කීය.
හයිලන්ඩ් සහ එන්එල්ඩීබී ආයතන විකිණීමට නියමිතව තිබූ බවත් අමුල් සමාගම සමඟ ඇතිකරගත් එකඟතාවක් තවමත් පවතින අතර මෙම ආයතන දෙකේ අත පය දිග හැර වැඩකළ නොහැකි බවත් ඒ මහතා කීය.
ඉන්දියාවත් සමඟ සම්බන්ධය නිදහස් කරගෙන, ලොකු රාජ්‍ය තාන්ත්‍රික පටලැවිල්ලක් නොවන ආකාරයට නිදහස් කරගෙන මෙම ආයතන දෙකේ කටයුතු කරන්න ඉඩ සළසාගනිමින් සියටින බවත් ලාල් කාන්ත මහතා පැවසීය.
දේශීය ආයෝජකයන් ආයෝජනවලට සම්බන්ධ වීමට නිතරම විමසන අතර එන්එල්ඩීබී ඉඩම් අක්කර 500 ක් මැලේසියාවට දූරියන් යැවීමේ වගාවක් සඳහා මෑතකදී ඉල්ලා සිටින බවත් මෙරට සියලුම ඉඩම් විදේශ විනියම උපයන නිෂ්පාදනයක්ට ගියහොත් මෙරට ජනතාවගේ ආහාර නිෂ්පාදනයට ඉඩම් නොමැති තත්වයක් ඇති බවත් හෙතෙම කීය.
‘මිලිකෝ’ ලෙස සඳහන්ව ඇති කල්කිරි බෝතලයක් බීමට තමන් ඇතුළු බොහෝ දෙනෙක් අදත් සොයන බව කී ලාල් කාන්ත මහතා පැවසුවේ පෞද්ගලික අංශයේ නිෂ්පාදනවලින් වස විෂ සම්බන්ධ ගැටලු මතුවුවද රාජ්‍ය අංශයේ කිසි නිෂ්පාදනයකින් එහෙම ප්‍රශ්නයක් කවදාවත් ඇති නොවූ බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය අවුරුද්දේ ගෙදර නගර සභාවේ සැලසුම පාසල් කරන්න රුපියල් ලක්ෂ 2ක් පගාව දෙන්න වුණා. කොස්, බුරුත ගස් කපන්න ග්‍රාමසේවක, වන සංරක්ෂක ඉඳන් පගාව දෙන්න වුණා...
අපට තියෙන ප්‍රශ්නේ රාජ්‍ය සේවය හොර ගුහාවක් බව දැනගෙන ඒ වැඩකට නැති උන්ටම වැඩකරන ජනතාව කියන ලේබල් අලවා ලක්ෂ ගනන් පඩි දීමනා ගෙවද්දී තවත් වැඩි පඩි බෙදලා රටේ ආර්ථිකය සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත් කිරීම ගැනයි!!
රාජ්‍ය සේවාව අඩපන කළේ කවුද කියා පපුවක් තිබෙි නම් තට්ටු කර අසන්න...
කතාව ඉතා හරි. ඉකුත් පාලන කාලයේදී, හොරකම සහ වාසිය මුළු සමාජයටම පැතිරෙව්වා. ඒවාට පුරුදු වෙච්ච, පත්වීම් ලබපු උසස් වීම් ලබපු රාජ්‍ය සේවකයෝ එක්ක තමයි වැඩ කිරීමට සිදුව ඇත්තේ. එම පුරුදු ආපස්සට යැවීම ඉතා දුෂ්කරයි. නරකක් කිරීම ඉතා පහසුයි. යහපතක් කිරීම සහ ගොඩ නැගීම ඉතා අපහසුයි. හැබැයි ප්‍රවෘත්තියේ හෙඩිම මුළු රාජ්‍ය සේවයම හෑල්ලු කර, සමස්ත රාජ්‍ය සේවයම රජය කෙරෙහි අප්‍රසාදයට ලක් කරනවා
මුලින්ම දේශප්පාලන හිතවතුන්ට පමණක් රජයේ රැකියාදීම ආරම්බ කලේ 1970 පත්වූ සමගි පෙරමුණ ආණ්ඩුව කාලයේ කිව්වොත් නිවැරදියි මොකද මම ඒදේ අත්දැකපු නිසා කියන්න ඊළගට පත්වූ ආණ්ඩුව වුනත් එහෙම කලා ඊළගට කොමිසමක නිර්දේශ අනුව ප්‍රේමදාස ජනාධිපතිතුමා රජයේ සේවයට බදවා ගැනීම විභාග අනුවම කරන්න තීරණය කලත් 94 ආණ්ඩුව එය සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා 1999 උපාධිධාරීන්ට රැකියාදීම තනිකරම දේශපාලන හිතවත්කමට කලා කියල හොදාකාරවම දන්නවා කණිෂ්ඨ සේවකයින් බදවාගැනීම් විභාගයකින් තොරව කරන නිසා ජෝන් උන්දැ කලේ උසස්පෙල සමත් ඔහුට බැලමෙහෙවර (දේශපාලන ගැතිකමේ යෙදුනු උන්ට) කල අයට රටපුරා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හා අනෙක් කාර්‍යාල වලට කාකාස පත්වීම් දුන්නා අවුරුදු 4 කින් 5 කින් ඔවුනුත් කළමණාකරන සේවා නිළධාරින් බවට පත්වුනා මේ අතරේ තාක්ෂණ නිළධාරි තනතුරු සදහා එහෙම කරන්න බැරිනිසා දැනට එහෙම ආයතන වැසීගෙන යන තත්වයක් තියෙනවා රාජ්‍ය සේවයට ගතහැකි සීමාවක් තියෙනවානේ ඉතින් ඒ ටිකත් ගෝඨාභය ගැත්තන්ට දීලා රාජ්‍යසේවයේ නිකම්මු පිරිසක් ඉන්නවා උන්ටත් හරියාකාරව කරන්න දෙයක් නැතත් මසකට රුපියල් පනස් දහසක් ඉක්මවා වැටුප් ලැබෙනවා විස්තර කරන්න ඉඩමදි
කෘශි ඉංජිනේරු පීටයක් මොරටුව වි. වි යේ පිහිටුවන්න. එයාලාට හොද පඩියක් දෙන්න. පිට රටවල සුපිරි පඩි දෙනවා එයාලාට.
ඔහෙලාගේ කැබිනට් එකෙත් රාජ්‍ය සේවයෙන් පන්නපු හොරු ඉන්නවා. ඉස්සෙල්ලා ඒවා නිවැරදි කරන්න
උඹලා ඉතින් හැමෝටම හොරා හොරා කිය කියා අවුරුදු පහම හිටපන්.අල්ලන හොරෙකුත් නැහැ මිනිස්සුන්ට සහනයකුත් නැහැ.
ඔබතුමා කියන සියල්ල සහතික ඇත්ත. ඒත් රාජ්‍ය සේවකයන් ලවා වැඩ වර්ජන, උද්ඝෝෂණ සහ කඩාකප්පල් වැඩ කලේ ඔබතුමාගේම නායකත්වය යටතේ බවත් බිය නොවී කියන්න.
මාලිමාවට ලැබුණු තැපැල් ඡන්ද ටිකත් හොර ඒවාද?
අමු, අව්‍යාජ දේශපාලනඥයෙක් සහ මම වඩාත්ම කැමති මිනිහෙක්. මේ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට සතුටුයි. මගේ අත්දැකීමෙන් කියන්නේ ඒක අපේ බදු ගෙවන්නන්ගේ සම්පූර්ණ නාස්තියක් කියලා. විශ්ව විද්‍යාල පද්ධතියේ වැඩකට නැති, රැකියා විරහිත සහ සේවකයින් විශාල සංඛ්‍යාවක් දෙස බලන්න. මුළු විශ්ව විද්‍යාල පද්ධතියම සියලු ආධාරකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර ඔවුන්ට බොහෝ ප්‍රතිලාභ ලැබෙන අතර ගුරුවරුන් කුඩා වැටුප් වැඩිවීමක් සඳහා හඬා වැටේ. කණගාටුදායකයි.
රජ්‍ය සේවය හොර ගුහාවක් නම් මොකටද මාලිමාව බලයට ආව ගමන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරේ. ඒකත් වංචා දූශණවලට උදවු කිරීමක් වෙනවනේ හොරුන්ට තව සල්ලි දුන්නම.
හොරුන්ගේ ඡන්ද අරගෙන හරි දිනන්න ඕන නිසා දිනුවම පඩි වැඩි කරනවා කියලා ඇත්තටම වැඩි කරා. ඉතින් ඒකෙන් කියන්නේ මාලිමාව මැතිවරණ වේදිකාවේ දී අල්ලස් දෙන්න පොරොන්දු වුණා විතරක් නෙවෙයි මැතිවරණය දිනුවම අල්ලස් දුන්නා කියලත්. අන්තිමට බැලුවම රජයේ සේවය විතරක් නෙවෙයි සිස්ටම් චේන්ජ් කරන්න ආව අයත් හොර ගුහාවක් වගේ.
පඩි වැඩි කරනවා කියලා පොරොන්දු, අල්ලස් දීලා තැපැල් ඡන්ද ගත්තු මිනිස්සු තමයි රජයේ කම්කරුවන්ට අල්ලස ගැන පොරොන්දුවලින් ඉගැන්නුවේ...!
හොර ගුහාවක් විතරක් නෙවෙයි, පිං පඩි කාරයෝ බහුතරයක් ඉන්නේ. රජයේ හරක් ගොවිපලක හරක් වෙලා තමයි ඕවා ගෙවන්න වෙන්නේ...
ආණ්ඩුවේ නොහැකියාවට රාජ්‍ය සේවකයෝ පලි නැහැ...