
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තිය සමිති විසින් වරින් වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන එකී වැටුප් විෂමතාවයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් මෙම විෂමතා නිවැරදි කිරීමට හැකිවන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සමගම සමාන වැටුප් ලබා එකම කාලයේ සාමාන්‍ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයට විශ්‍රාම ලැබූ අයගේත් විශ්‍රාම වැටුප් විෂමතා ඇතිකර තියෙනවා ඒවා ගැනත් අසාධාරණයට ලක්වූ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ විස්තර ලබාගෙන සාධාරණයක් කරන්න කියලා ඉල්ලීමට කැමතියි ගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවේවා
රාජ්‍ය සේවාවේ තත්ව්‍යා ඉස්සෙල්ලා ඉහල නග්ගලා ඉන්න .වැඩි හරියක් වැඩ කරන්නේ ජරාවට .කාලකන්නි .රට බංකලොත් වීමට මුන්ගේ බලු කමත් බලපෑවා
කල්මැරීමට එකම විසදුම........ යහපාලන කාලෙත් වැටුප් විෂමතා දුරුකිරීමට කමිටුවක් දැම්මා මතකයි. වෙච්චි දෙයක් නම් නෑ.
රටේ වෘත්තීන් අතර වැටුප් විෂමතාවයට ලොකුම හේතුව, පාදෙණිය ඇතුලු GMOA නඩය. මේගොල්ලො තමා ජාතික වැටුප් ප්‍රතිපත්තිය හදන එකට පැනල ඔක්කොම අවුල් කරල එයාලට ලොකුම හැන්දෙන් බෙදාගෙන අනිත් වෘත්තීන් වලට විශාල වැටුප් පරතරයක් දැම්මෙ. යහපාලනයෙන් රාජ්‍ය සේවකන්ගෙ මූලික වැටුප රු 10,000 කින් වැඩි කරන එකට විරුද්ධ වුන එකම පිරිස GOMA නඩය.
ඔය වැටුප් විෂමතාවය දුරුකරනවා කියන්නෙ ගෙම්බන් තරාදියක දමා කිරනවා වගෙ වැඩක්. කලයුත්තේ සාමාන්‍ය ජනතාවගෙ ආදායම් මට්ටම ඉහල දැමීමයි.