(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම නැති නිසා රටේ ජල කළමනාකරණ ප්රශ්නය මේ තරමට උග්‍ර වී තිබෙන බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තම අමාත්‍යාංශය පැත්තෙන් යම් නිලධාරියෙක් වගකීම සහ වගවීම ඉටුකර නැතිනම් ඒ සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කර තිබෙන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධව අමාත්‍යාංශ ලේකම් හරහා විමර්ශනයක් කොට අදාල ක්‍රියාමාර්ග ගත යුතු යැයි සඳහන් කළේය.
රටක් විදියට නැගිටින්න නම් මෙරට රාජ්‍ය සේවකයන්ගේ සේවා කාලය අනුව නොව හැකියාව අනුව උසස්වීම් ලබා දිය යුතුව තිබෙන බව පැවසූ අමාත්‍යවරයා හරියට රැකියාව නොකරන කෙනාට දඬුවම් දෙන්නත් රැකියාව කරන කෙනාට ඇගයීම් කරන්නටත් හැකි ක්‍රමවේදයක් හැදුවේ නැතිනම් රට ඉදිරියට ගෙනියන්න බැරි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීම සහ වගවීම යන කරුණු දෙක පටන් ගතයුතු තැනත් ඔය ගමන්ම පැහැදිලි කළානම් තමයි වඩාත් හරාත්මක වෙන්නේ.
ඒක හොඳ යෝජනාවක්... පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තා නම් වඩාත් හොඳයි.
අදාල දේශපාලකයින්ගෙන් වගවීම් සහ වගකීම් ඉෂ්ඨ වුණා නම් මෙහෙම වෙන්නේ නෑ.
ඇයි රාජ්‍ය සේවයට පමණක් හැකියාව අනුව පත්වීම් දෙන්නේ? එහෙමනම්, ඇමැති ධුරය දීලා තියෙන්නේ හැකියාව සහ සුදුසුකම් අනුවද?
මේක මාර වැඩක්නෙ. රටේ ඔක්කොම තීරණ ගන්නෙ ජනාධිපති ප්රමුඛ කැබිනට් එක. එතකොට මුලින්ම වගකීම ගන්න ඕන ඔය සෙට් එක...
රාජ්‍ය සේවකයට නොවෙයි. තමුන්ලාට ඔය වගවීම සහ වගකීම තියෙනවාද? තමුන්ලාගේ වැරැදි රාජ්‍ය සේවකයින් පිට යවන්න එපා. රාජ්‍ය සේවකයෝ තමුන්ලා වගේ නෙවෙයි, වගකීමෙන් වැඩ කරනවා. තමුන්නාන්සේලා නිසා ඒක හරියට කරගන්න බැහැ. තමුන්නාන්සේලා නැති කාලයක් තිබුණා මතකද? රජ්‍ය සේවය ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා. බයිලා කතා කරන්න එපා.. කරුණාකරලා ගෙදර යන්න.
ඔයාලගේ වගවීම ඉහටත් උඩින්. ඒකනේ මේ රට සුඛිත මුදිත වෙලා තියෙන්නේ...!
හරියට මුන්ට ඔය දෙක තියනවා වගේ මෙයාගේ කතාව