සේවා කාලය මත පදනම්ව  රාජ්‍ය සේවයේ උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කර රාජ්‍ය සේවකයාගේ දක්ෂතාවය , කාර්යක්ෂමතාව මත උසස්වී දීමේ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

රාජ්‍ය සේවකයින්ගේ සේවා කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා විදෙස් පුහුණු වැඩ සටහන් වැඩි වැඩියෙන් ලබා දීමට කටයුතු කරන බව ද කී අමාත්‍යවරයා  ලෝකයේ දියුණු රටවල රාජ්‍ය සේවාවන්හි ගුණාංග මෙරට රාජ්‍ය සේවයට ගලපා ගැනීම සඳහා වු වැඩසටහනක්ද දියත් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් ක‍ළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2017 නව වසර සඳහා අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ඇරඹීම වෙනුවෙන් අද (2) එම අමාත්‍යාංශයේදී පැවති උත්සවයක්  අමතමිනි.