රජයේ සේවක වැටුප රුපියල් පන්දහසකින් ලබන 29 වැනිදා අනිවාර්යෙන්ම වැඩි කරන බවත් , ඉන්ධන මිල තවත් පහළ දැමීමට ඉඩ ඇති බවත් , ළදරු ආහාර හා අත්‍යශව්‍ය භාණ්ඩ මිල අඩු කරන බවත් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා අද (25) කොස්ගම කනන්පැල්ල සුමනාරාම විහාරස්ථානයේදී පැවැසීය.
‘විසි නව වැනිදා අය වැය ඉදිරිපත් කරන්නේ මුදල් ඇමැති රවී කරුණානායක මහතා.නමුත් අද මම මේ ඉඟිය මහජනයාට දුන්නා යැයි එතුමා අමනාප වෙන එකක් නෑ. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රලතා ඔයා යුරෝපයට වෙලා ඉන්න. දින සීයෙන් පස්සේ මොනවද වෙන්නේ කියල රටතුල ඉන්න අය බලාගනීවි. (නදී)
එතකොට පුද්ගලික අංශයේ සේවකයන් ට බඩගිනි දැනෙන්නේ නැද්ද ? (නදී)
පුද්ගලික අංශයේ වැඩ කරන අපි ඡන්ද කාලෙට විතරක් කන බොන සත්ව කොට්ටාශයක් බවට පත් වෙලා. (නදී)
වැටුප් පාලක සභා වලින් අනුමත වැටුප් මිස අනෙක් පුද්ගලික අංශයේ වැටුප් පිළිබඳව රජයට නියෝග නිකුත් කරන්න පුළුවන්කමක් තිබෙනවද? ඉල්ලීමක් විතරයි නේද රජයට කරන්න පුළුවන්. (නි)
රජයේ සෙවකයෝ විතරද කන්නේ.? ඇයි පෞද්ගලික සේවකයෝ.? (ර)
මට මේක තාම පැහැදිලි නෑ. මහින්ද මහත්තයා දුන්න 3000 ට තව 2000 ක්ද නැත්නම් වෙනමම 5000ක්ද.? (ර)
පිටරට ඉන්න අයගේ විශ්‍රාම වැටුප දෙන්නේ නැද්ද? ඡන්ද පොරොන්දු විතරද? මේවාට උත්තර දෙන්නේ කවදාද? (නි)
විශ්‍රාමිකයින්ට සහන නැද්ද? (නි)
විශ්‍රාමිකයන් පිලිබදව ද යහපත් ව සිතිය යුතුය. මන්ද කිසිදු ආදායමක් නොමැති නිවෙස් වලද එකම පිළිසරණය එම විශ්‍රාම වැටුප පමණක්මය . යහපාලනය සැබෑ ලෙසම අර්ථවත් වේවා ..! ජය ..! (නදී)
රටේ ජනතාවට සහනයක් ලැබෙන එක ගැන සතුටු වෙනවා වගේම හිතන්න තව දේවල් තියනවා. කෙටි කාලයක් තුල මේවා දෙන්නේ. අඩුකරන්නේ කොහොමද ? රටේ දල ජාතික අදායම මේ කරුණු වලට බලපාන්නේ කොහොමද කියන එක හිතන්න වෙනවා. බදු අඩුකළ පමණින් මේවට විසදුම් දෙන්න පුලුවන්ද. මේ දේවල් ස්ථීරද තාවකාලික ඡන්ද පොරොන්දුද කියන එකත් ජනතාව සිතිය යුතුයි (නදී)
පුද්ගලික අංශයේ වගේම අර්ධ රාජ්‍ය අය ගැනත් හොයා බලන්න ගරු ඇමතිතුමනි. ඔවුන්ට කිසිම පැත්තකින් නැහැ. අපිට වසර ගණනාවකින් පඩි වැඩිවෙලා නැහැ. (නි)
කොහොම කොහොමහරි කවුරු බලයට ආවත් හැමෝම කෑවේ මොනවද කියලා දැනගන්නේ පෙරහැර ගියාට පස්සෙයි. (නි)
පසුගිය රජයට වැරදුන තවත් තැනක් තමයි රටේ බඩගින්නට අඬන දරුවන්ට කිරිපිටි ටිකක් බොන්න නොදී, ලෝක වෙළෙඳ පොළේ අඩුවුණ කිරිපිටි මිලේ සාධාරණ අයිතිය රටේ දුප්පත් දරුවන්ට ලැබෙන්න නොදී බහුජාතික කිරිපිටි සමාගම් වලට අධික ලාබ ලබාගන්න සළස්වා නිහඬව සිටීම. දරුවන්ට පෙන්වූ ආදරය අවංක නම් කිරිපිටි මිලේ අධික බදු කප්පාදු කරන්න තිබුනා නේද? (නි)
හසී, මෙහෙමයි ඉස්සැල්ලා 5000 ක් දෙනවා. පස්සේ තව 2000 ක් දෙනවා. එතකොට 7000 යි. දීල තියෙන 3000 ත් එක්ක 10000 යි (නදී)
ඇත්තට අර කියන විදිහට රජයේ සේවකයෝ විතරද කන්නේ. ලංකාවේ රැකියා නැති දුගී ජනයා එදා වේල කන්නේ බොහොම අමාරුවෙන්. තිබෙන අයට වැඩි පුර දෙනවා නැති බැරි කෙනාට දෙන දේත් අඩුව දෙනවා. තිබෙන අය බඩ පුරා කනවා, දුගියා බඩෙන් බාගයක් පිරෙන්න කනවා. මේ ලංකාවේ රැකියා නැති දුගී ජනයා ගැනත් ටිකක් හිතන්න. (නදී)
චන්ද්‍රලතාලා වගේ කුහකකමින් යමක් දෙස බලන අය ඉන්නතුරු රටක් හදන්න බැහැ. චන්ද්‍රලතාලා ඉන්න රට කුමක් වුණත්, කරන රස්සාව කුමක් වුණත් එතනත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙන්න ඕනෑ. (නි)
අනේ ඉතින් බොලාට කොච්චර කලත් මදිනේ. 10000 ක් දෙනවා කියල මැතිවරණ පොරුන්දුවක් දුන්නා නම් තමයි. එ්ත් 5000ක් හරි දෙනවා කියන්නේ ගොඩක් ලොකු දෙයක්. මොකද කලින් හිටපු කෙනා හිටයා නම් සත 5ක් වත් නැහැ. බඩු මිල අඩු වෙන්නෙත් නැහැ. ඇත්තටම කතාවක් තියෙනවනේ පොඩි මිනිහ ගැන හිතල වැඩ කරන්න යු.ඇන්.පී ආණ්ඩුවක්ම එන්න ඕනා කියන එක. මාත් දැන් විශ්වාස කරනවා. කල් වැඩියිද මන්දා, සමහරවිට ඉදිරි මහා මැතිවරණය ඉලක්කය වෙන්නත් පුළුවන්. කොහොම උනත් සහනයක් දීලා ජන්දේ උනත් ඉල්ලන්න පුළුවන්නේ භය නැතිව. කලින් අය කිසිම ආර්ථික සහනයක් නොදී යුද්දේ විතරක් පෙන්නලානේ ජන්දේ ගන්න ආවේ. (නදී)
වැටුප් වැඩි කරන්නෙත් රජයේ සේවකයින්ට. නිලධාරින් යයි කියන රජයේ ආයතනවල වැඩ කරන අයට වැටුපට අමතරව රජයේ වාහනත් රියදුරෙක් එක්කම පාවිච්චි කරනවා ගෙදර යන්නත්. නමුත් සෙසු ඉහල තලවල ඉන්න දොස්තරවරුන්ට වගේ අයට උනත් පර්ම්ට් විතරයි දෙන්නේ. ප්‍රවාහන පහසුකම් දෙන්නේ නැහැ රජයෙන්. ඇයි මේ වෙනස? ඇත්තම කිව්වොත් පුටු රත්කරන නිලධාරින්ට මහලොකු අධ්‍යාපනයකුත් නැහැ. කරන වැඩකුත් නැහැ. පත්වෙන ඇමතිට කඩේ යන එක විතරයි බොහෝ අය කරන්නේ. (නදී)
මහින්ද මහත්තයා දුන්න 3000 ට තව 2000 ක්ද නැත්නම් වෙනමම 5000ක්ද. (නදී)
දුප්පතාගේ දුක දන්නා නව රජයට සුභ පැතුම් (නදී)
ඔව් දිනේෂ්, ඔබ ඔය කියන කණ්ඩායම් වල නිකරුනේ පාව්ච්චි කරන පෙට්‍රල් වල වියදම විතරක් ඉතුරුකරගන්න පුළුවන් වුණොත් එතනත් සෑහෙන ඉතුරුවක් වෙයි රජයට. මේවා හොයලා බලලා, ඒ වාසිය සාමාන්‍ය ජනයාට ලබා දෙන්න ඇමති්තුමනි. (නි)
දැන් තියන තෙල් මිල දෙගුණයක් වැඩියි. ලෝක වෙළද පොලේ බැරලයක් ඩොලර් 50 කටත් අඩුයි. හරියට ගණන් හදල බැලුවොත් රුපියල් 60 කට පෙට්‍රල් දුන්නත් ආණ්ඩුවට ලාබයි. (නදී)
හොර නවත්වලා සාමාන්‍ය ජනතාවගේ ආදායම වැඩිකරන්න මේ රජය ක්‍රියාකළොත් ඇතිවුණ දේශපාලනික වෙනස නවත්වන්න කාටවත් බැහැ. එය මේ රට සංවර්ධිත රටක් වීමේ හැරවුම් ලක්ෂය බවට පත්වේවි. (නි)
රාජා ගුණවර්ධන දැන්වත් මල්ල බිමින් තියන්නකෝ.(නදී)
ඇසල - 100% බදු අයින් කරාම රජයේ අධායම අඩු වෙනවා. පහුගිය ආණ්ඩුවෙන් වැඩිපුර අයකරපු ඒවා තමයි අඩු කරේ. මහින්ද මහත්තය අඩු කරපු එක තාම සේවකයන්ගේ වැටුපට එකතු උනේ නැහැ. ඒ 3000 ත් ඇතුළුව තමයි 10,000 කියන්නේ. (නදී)
එතකොට ජීවන වියදම 2300 ක් දෙනවද ? (නදී)
ඇසලට පහු ගිය කාලයේ දුන්න ගාන අවුලක් නෑ වගේ. ඒ කාලේත් ලෝක වෙලද පොලේ මේ වගේම තෙල් මිල අඩු උනා කියලා තිබුනා. එතකොට ඔයා කොහෙද උන්නේ? (නදී)
පඩි වැඩිකරන්නෙත් බදු අයින් කරන්නෙත් බඩුමිල අඩු කරන්නෙත් එයාලට දිගටම පුටුවල වාඩිවෙලා ඉන්න අසාවෙන්. දින 100 න් පස්සේ දුන් පොරොන්දු ටිකෙන් ටික හොඳ පදමට අඩුවෙනවා. (නදී)
මහින්ද මහත්තයා ජනවාරි තවත් 2200 ක් රාජ්‍ය සේවකයින්ට දීල ජනවාරි ඉදලා 5200 ක් දෙනවා කිව්ව කියල මතකයි. ඒ 5200 ම අයින් කරල 5000 ක් ද දෙන්නේ කියල හොයන්න වෙනවා. හැබැයි පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි කලා නම් තමා හොඳ (නදී)
අවුරුදු 60 ට වැඩි වයස අය ගැන කතාවක් නැද්ද. (නදී)
ඇසළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. රජයේ ප්‍රධානම ආදායම් මාර්ගය ඉන්ධන බදු ගාස්තුයි. නිකන් දෙන අශ්වයාගේ දත් ගණන් කරන්නද හදන්නේ? ඒ ආදායමෙන් තමයි වැටුප් වැඩි කරන්නේ, බඩු මිල අඩු කරන්නේ. මහින්ද මහත්තයට කරන්න බැරි දේ මෛත්‍රී මහත්තය කරලා පෙන්නනකොට දුකයිද? කලින් අවුරුදු 10 ඇසළ නිදාගෙනද හිටියේ? (නදී)
තවමත් මහින්දට කඩේ යන අයට තේරෙන්නේ නෑ රාජපක්ෂලා ගහපු ගැහිල්ල. බින්දු ගනින්න බැරි ගානට ගහල තියෙන්නේ (නදී)
බුදු අප්පච්චියේ ආර්ථිකය ගැන න්‍යායාචාර්ය වරයෙකු වන හර්ෂ සිල්වා මහතා මේ වැඩේ ගැන කියනවා නම් රටට සුඛිත මුධිත තත්වයක් ඇතිවෙනවා නොඅනුමානයි. රටට කිරිපැණි පිහිටයි. (නදී)
පුද්ගලික අංශයේ පඩි වැඩි කරන්න කියල රජයට කියන්න බැහැ. පෞද්ගලික අංශය තමන්ගේ සේවකයන්ගේ වැටුප් වැඩි කලයුතුයි. මාත් පුද්ගලික අංශයේ. අපේ කළමනාකාරිත්වය තරඟකාරී ලෙස වාර්ෂිකව වැටුප් වැඩිවීම් ලබාදෙනවා. අනික භාණ්ඩ මිල අඩුවීම වැටුප් වැඩිවීම හා සමානවම බලපානවා. (නදී)
ඇත්ත අළහකෝන්, රජයට නියෝග කරන්න බැහැ.නමුත් ඒ සඳහා යම් ධනාත්මක බලපෑමක් කළහැකියි නේද? විශේෂයෙන්ම මේ ගැන කම්කරු කටයුතු භාර බලවතුන් ඉදිරිපත් වියයුතුයි. (නි)
චන්ද්‍රලතා නැන්දේ ඔහෙලගේ එක්කෙනා එහෙමවත් කළේ නැහැනේ. අපේ එක්කෙනාට බල තණ්හාව නැති නිසා රටට සෙතක් කරලා අවුරුදු 6 න් යනවා. (නදී)
පුද්ගලික අංශයේ සේවකයන්ගෙන් තව තව බදු අය කරාවි. ඒවා ඔරලෝසුව දිහා බලාගෙන වැඩකරන , හැම වැඩකටම පගා ගන්නා රජයේ සේවකයන්ට බෙදා හරීවි. මඩිය තර කරගෙන රට උනත් පවා දෙන අය මේ ගොල්ලන්ට උඩ පැන පැන ඡන්දෙ දේවි. (නදී)
චන්ද්‍ර මඩල බැද්ද වටින් මෝදු වෙලා. චන්ද්‍රා නැන්දේ ඔයා වෙන රටක ඉන්න නිසා මම මුකුත් නොකියා ඉන්නම්. (නදී)
මම නම් කියන්නේ කවුරු මොනදේ කළත් අපිට නම් ඒක මදි. ඒත් වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙල ගැන නම් මට ගොඩක් සන්තෝෂයි (නි)
ඉන්දන මිල තව අඩු කරොත් හැමෝටම ප්‍රතිලාබ ලැබෙනවා. නිකන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුවෙනවා නේද. (නදී)
තවම ගැලරියට ගහන දේශපාලන බොරුවලට රැවෙටෙන සිංහලයෝ ඉන්නවා. (නි)
රාජ්‍ය ව්‍යාපෘති වල වැඩකරන අයටත් මෙය ලබාදෙන්න (නි)
පොඩ්ඩක් කියන්න පුලුවන්ද අයවැය පරතරය පියවන්නේ කොහොමද කියලා? (නි)
අඩුවුණ පොරොන්දු මොනවද කියලා කියන්නකො චන්ද්‍රලතා. ඔයා යුරෝපයේ හිටියට ලංකාවෙ දුක්වින්ඳ මිනිසුන්ටනේ වෙනස තේරෙන්නෙ. (නි)
හින්නි බන්දුල පෙරේරාට නම් මොකද? එයාට ආදායම ලැබෙන්නේ අන්තේවාසික රාජකාරියෙන් නේ. අනිත් මිනිස්සුන්ට තමයි ප්‍රශ්නේ. (නදී)
චන්ද්‍රලතා, දැන් පසුගිය ආණ්ඩුව එතකොට බලයේ හිටියේ මාස තුනයිද? නිකන් දොඩවන්න එපා. දිගටම ඉන්න හදනවා කියන්නේ මේ උදවිය පත්වෙලා අවරුදු දහයක් ගියා වගේනේ ඔයාගේ කතාව ! (නි)
සමහර අයට තෙල් මිල අඩු බව පෙනුනේ නව රජය තෙල් මිල අඩු කලාට පස්සෙයි. හැබැයි ලෝක වෙළඳ පලේ තෙල් මිල 50% කටත් වඩා අඩු උනේ මීට මාස 08 කටත් කලින්. නමුත් පැවති රජයට තෙල් මිල අඩු කරන්න අදහසක් වත් තිබුනේ නැහැ. ඒක නිසා නව රජය විසින් තෙල් මිල මෙතරම් ප්‍රමාණයක් අඩු කිරීම අපිට නම් සෑහෙනවා. (නදී)
ඇයි විශ්‍රාමිකයෝ? (නි)
ආශ්චර්ය එනතුරු අවුරුදු 10ක් හිටපු අයට මේ දින 100 ඉවසන්න බැරි ඇයි? (නි)
මේ රටේ ඉන්න අයට කන්න දෙනවා නම් එපමණයි ඕනෑ. (නි)
මොකුත් නැතුව සිටි අපිට මේකත් ඇති.... (නි)
මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න පඩි වැඩිකරන එක ,එකම විසදුම නොවේ. රටේ හැම අංශයකින්ම නිෂ්පාදනය වැඩිකොට ඉල්ලුම,සැපයුම අතර සමතුලිතබාවයක් ඇති කළයූතුය. (නි)
පුද්ගලික අංශයේ පඩි වැඩිකරන්න ඉල්ලන්න පුළුවන්. ඒත් එක වැඩිකරන්න රජයට බැහැනේ. පුද්ගලික අංශයේ කාර්යක්ෂමතාව ඉහළයි. වැඩ නොකළොත් ගෙදර. රජයේ එහෙම එකක් නැහැ. වැඩ කළත් වර්ජනයක් කළත් මාසේ අන්තිමට වැටුප ලැබෙනවා. දින 100 කදී ලැබෙන දේවල් සහ වෙන්නේ මොකක්ද කියලා බලමු. පොරොන්දු සහ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැටියට වැඩ නොකෙරුනොත් ගෙදර යවමු (නි)
එතකොට පුද්ගලික අංශයේ අපිට? (නි)
ඔහොම යමු. ඔහොම යමු. යහපාලනය. යහපාලනය.... (නි)
අඩුකිරීම කොච්චර කාලයකටද? බොර තෙල් පහතට වැටුනාට තාම අපිට නම් ඇඟට දැනුනේ නැහැ. අත්‍යශව්‍ය භාණ්ඩ 10 ක් විතරද ජීවත්වීමට අවශ්‍ය? රජයේ සේවකින්ට විතරද පඩි වැඩිවීම? අරාබිකරයේ ඉන්න මිනිස්සු පුංචි මුදලක් සොයා ඔවුන්ගේ පවුල් ජීවත්කර ලංකාවට ආවිට ඔවුන්ට ඇති දෙයක් නැහැ නේද? ඔවුන්ට ඔබ දෙන සහනය කුමක්ද? (නි)
අඩු කිරීම කොච්චර කාලයකටද ? බොර තෙල් පහතට වැටුනට තාම අපිට නම් ඇගට දැනුනේ නැහැ. අත්‍යශව්‍ය භාණ්ඩ 10 ක් විතරද ජීවත්වීමට අවශ්‍ය. රජයේ සේවකයින්ට විතරද පඩි වැඩි වීම. අනෙක් අය අමනුස්සයෝද? අරාබිකරයේ ඉන්න මිනිස්සු පුංචි මුදලක් සොයා ඔවුන් ගේ පවුල් ජීවත් කරලා ලංකාවට අාවම ඔවුන්ට ඇති දෙයක් නැහැ. ඔවුන්ට ඔබලා දෙන සහනය කුමක්ද ? ඔවුන්ගේ පවුල් ඡන්දය දුන්නේ ඔබලාට නේද ? (නදී)
පඩිත් වැඩිකරලා බඩු මිලත් අඩුකරලා දිගටම පවත්වාගෙන යන්න පුලුවන්ද? ඔව්චරම සල්ලි තියෙනවද? එහෙනම් පසුගිය ආණ්ඩුව හොඳින් පාලනය ගෙනගිහින්නේ! (නි)
බළලා මල්ලෙන් එලියට පැන්නා හර්ෂ මහත්තයෝ. දැන් නම් අපිට සක් සුදක් සේ පැහැදිලියි මේක රවීගේ අය වැයක් නොවෙයි. ඡන්දය ඉලක්ක කරගෙන සාමුහිකව ගත් තීරණයක්. නිසලව ගලා යන ගංදියේ, පහලට යන ඔරුවේ වාඩිවී, කිසිදු වෙහෙසකින් තොරව, අවට සිරි නරඹමින් ප්‍රීතියෙන් අපි පහලටම යමු. අවසාන, රළු මුහුදට වැටුන පසු (නදී)
රාජ්‍ය බැංකු වල ඇතිි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සඳහා වන පොළී අනුපාතය 12% දක්වා වැඩිකර තිබෙන්නේ වයස අවුරුදු 60 සිටය. මීට පෙර වයස අවුරුදු 55 පිරුනු අය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සැළකූ අතර, අවුරුදු 55න් විශ්‍රාම ගෙන ලැබුනු අරමුදල බැංකුවල තැන්පත්කර ලැබෙන පොළී මුදලෙන් ජීවිතය ගැටගසාගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට විශාල අසාධාරණයක් සිදුවී ඇත. තවත් වසර කිහිපක්, බැංකු තැන්පතු සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වයස් සීමාව අවු:55 ලෙස සාධාරනීකරණය වියයුතුය. (නි)
පඩි වැඩි වෙන එක හොදයි.(හේ)
මහින්ද මහත්තයා ඉදිරිපත් කල අය වැයෙත් මේ ජනවාරි වලට 2200 ක් තව එකතු වෙන්න තිබ්බා යාළුවනේ එහෙම උනා නම් එතනත් 5000 ක් තමයි (නදී)
රජයේ සේවකයෝ විතරද කන්නේ පෞද්ගලික අංශයේ අපට පඩි වැඩි කරලා දෙන්න ජනාදිපති තුමනි ඔබට පින්.(නදී)
පෞද්ගලික අංශයේ සේවක ප්‍රමාණය 85% යි. ඒ මිනිස්සු කන්නේ බොන්නේ නැති වර්ගයක්ද ? ලක් රජයට මේ මිනිස්සුන්ව වලංගු නැද්ද ? (නදී)
මහින්ද මහත්තයා දීපු 3000 ට ඉතුරු ගාන ඉල්ලුවොත් අපිට පාඩුයි. 2200 ත් කපල දාලා. කියපු විදියට නම් මහින්ද මහත්තයා දීපු 3000 යි 2200 යි එක්ක තමා 5000 දෙන්න ඕනි. (නදී)
පද්මසිරි, ඔය මුදල හොයන්න රටේ තිබුන දුෂණය නැවැත්තුවාම ලේසියෙන් පුළුවන්. නිදසුනක් විදිහට හිටපු ජනාදිපහිගේ දිනක වියදම ලක්ෂ 2 1/2 ඉතුරු කරාම අවුරුද්දට කොච්චර ඉතුරු වෙනවද බලන්න. ඒ එකක් විතරයි. (නදී)
අනේ චන්ද්‍රලතා ඔහේ වගේ උදවිය යුරෝපෙටම වෙලා ඉන්න. වැටිලා ඉන්න මඩ ගොහොරුවෙන් ලංකාවට ගොඩ එන්න ඔහෙලගෙ මෝඩ කතා වලින් කිසිම උදව්වක් නෑ (නදී)
කොතරම් හොඳ කළත් දුදනෝ නොවෙති යහපත්. මේ කියන්නේ චන්ද්‍රලතාට. (නදී)
ඇත්තටම දෙන්නේ 2500 යි (නදී)
චන්ද්‍රලතා නගේ විකාර නොකියා ඉන්නවද. (නදී)
ඇසළ, බන්දුල පෙරේරාට ජයවේවා. (නදී)
රාජා මහත්තයෝ, අහන්නකො ප්‍රශ්නය ඇයි පසුගිය ආණ්ඩුවට බඩුමිල අඩු කරන්න බැරි වුනේ කියලා. එතකොට ඔබතුමාටම පැහැදිලි වෙයි හොඳටම පාලනය ගෙන ගිහින් තිබ්බද? නැද්ද? කියලා. (නදි)
මම පුද්ගලික අංශයේ වැඩ කරන්නේ. ඇත්තම කියනවා නම් පස් දෙනකුගේ විතර වැඩ කරනවා. නිවාඩු ගන්නේ ඉතාම අඩුවෙන්. උදේට වෙලාවට පැයකට කලින් වැඩට එන්නේ රාත්‍රී වෙනකන් වැඩ. රාජකාරිය අකුරටම ඉටු කර ආයතනයට ලාබ ලබා දෙනවා. ඉඳහිට තමයි අන්තර්ජාලයේ මෙවැනි පුවතකට අදහස් ලියන්න පවා ඉඩක් ලැබෙන්නේ. මොකද ඇමතු තුමනි, අපි වගේ පුද්ගලික අංශයේ සේවකයන් ගැන අඩු තක්සේරුවක්? ඔක්කොම රජයේ සේවකයන් උනා නම් බලා ගන්න තිබුනා රටේ සේවක පලදායිතාවය. ඔබතුමාම ගණනය කර බලන්න. කරුණාකර අපේ වැටුප් ගැනත් සිතට දැනෙන යමක් කරන්න. (නදී)