IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ කමිටුවේ සාමාජික දැන් අනුරගේ උපදේශක

 

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත් කළ උදය ආර්.සෙනෙවිරත්න විශේෂඥ කමිටුවෙහි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාද සාමාජිකත්වය දැරූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී අද(29) පැවසීය.

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත්කොට අදාල වැටුප් වැඩි කළේ අදාළ නිලධාරීන් සියලුම දෙනා සමග සාකච්ඡා කොට කැබිනට් අනුමැතිය ලබාගෙන විධිමත් අයුරින්  බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීමට අදාළ කැබිනට් තීරණය සහ අමාත්‍ය මණ්ඩල සංදේශය ද උදය ආර්.සෙනවිරත්න කමිටුව පත් කිරීම පිළිබඳ ලේඛනය ද මාධ්‍යයට නිකුත් කළේය.

රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ලබා දීමට  ආණ්ඩුවට හොඳටම හැකියාව තිබෙන බව බව කී හිටපු ජනාධිපතිවරයා වහාම අදාළ වැටුප් වැඩි වීම ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කර සිටින බව කීය .

කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම සඳහා නිලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බවට අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය පවසා තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරියට ව්‍යවස්ථාව ගැන ඉගෙන ගැනීමට අවශ්‍ය නම් තමාට එම ඉගැන්වීම කළ හැකි බව සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබා ගත් මාලිමාව දැන් රාජ්‍ය සේවකයන්ට ටටා කියමින් සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ අයිතිය රකින්නට එදා සිටි මාලිමාවේ වෘත්තිය සමිති දැන් කොහෙදැයි ප්‍රශ්න කළේය.

රාජ්‍ය සේවකයන්ගේ අයිතිය රැකීම වෙනුවෙන් තමා ඇතුළු කණ්ඩායම දිගින් දිගටම සටන් කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

 

 



අදහස් (18)

රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ කමිටුවේ සාමාජික දැන් අනුරගේ උපදේශක

Saliya Tuesday, 29 October 2024 07:05 PM

එය තමයි... ජනාධිපති අනුරට ඔයාගේ කපටි දේශපාලන පොරොන්දු ගැන කියලා ඇත්තේ. සොරිම තමයි.

:       23       93

samTuesday, 29 October 2024 07:50 PM

IMF ගිවිසුම ඇතුළු අනෙක් සියලු කාරණා සහ සහන ලබාදීම පිළිබඳ සැලසුමක් පිළිබඳ සංකල්පයක් පමණක් තියෙන නිසා (concept of a plan) හිටපු ජනාධිපතිතුමා ඉල්ලීම කළද අනුර ජනාධිපතිට සහ ඔහුගේ කණ්ඩායමෙන් ඉක්මනින් පිළිතුරු ලබාදීමට නොහැකි වේවි...!

:       5       28

අපිට හුළං Wednesday, 30 October 2024 09:30 AM

මොන නායකයා ආවත් රටේ පාලනය කරන්නෙ නිළධාරි කියලා පේනවා නේද. රනිල්ගෙ වැටුප් කොමිසමේ සාමාජික හුළං මහත්තෙයා වත්මන් ජනාධිපතිගේ උපදේශක වෙලා හැරෙන හැරෙන පැත්තට ගිහිල්ලා එහෙට එකක් කියනවා මෙහෙට එකක් කියනවා. උනුත් එකයි කියනවා මුනුත් එකයි කියනවා. එහෙම කරල තමන්ගෙ මඩිය තරකර ගන්නවා අවුරුදු 76 ක් රටේ වුනේ ඕක තමයි බ්‍රෝලා

:       1       6

බකල ජයා Tuesday, 29 October 2024 07:24 PM

කලින් කිව්වා නේද සල්ලි වෙන් කෙරුවා කියලා. ඒකට වැල්වටාරම් නැතුව ඔව්ද නෑද්ද කියලා උත්තරයක් දුන්නා නම් නේද හොඳ...? අර බල්ලෙකුගෙයි, බූරුවෙකුගෙයි කතාව මතක් වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක එක තැනක කියනවා ජනතාවට වීඩියෝ කරන්න අයිතිය තියෙනවලු, හැබැයි එතැන ඉන්න කවුරුහරි එපා කිව්වොත් බෑලු. වැරැද්ද කරන කෙනා කියයිද? අනේ වීඩියෝ කරන්න කියලා... ඒ වගේම බාධාවෙන විදිහට බෑලු. කව්ද තීරණය කරන්නේ බධාවක්ද? නැද්ද? කියලා. වැරැද්ද හංගන්න ඕන කෙනාද? එතන හිටපු මාධ්‍යවේදියෙකුට අහන්න තිබුණනෙ නීති පොතේ කොතැනද, මොන වගන්තියේද ඒක සඳහන් වෙන්නේ කියලා. පොලිසියට නීති හදන්න බෑනේ. තරාතිරම බලන්නැතුව අපි හැමදෙයක්ම, හැමදෙනෙක්වම ප්‍රශ්න කරන්න ඕනෑ. එතකොට බොරු එලිවෙලා, සත්‍ය මොකක්ද කියලා තේරෙනවා.

:       19       47

shantha Tuesday, 29 October 2024 07:40 PM

කපටි හොරු... අපි ඕවාට අහුවෙන්නේ නැහැ. 14 වෙනිදා ඔබගේ ගෑස්‌ ටැංකියට ඡන්ද " 0 " යි. අපිට ඕනෑ නැහැ !!!

:       50       56

යෝගා Tuesday, 29 October 2024 07:46 PM

බොරු විදලා බලය අරන් උතුර, දකුණ මාරුවෙලා. සෙට් එක කුහකයි තමයි. ඒත් පොදු ජනතාවට අනුකම්පා කරලා ටියුෂන් පාරක් දෙන්න බැරිද?

:       30       45

Nalaka Tuesday, 29 October 2024 07:47 PM

පින් ජනාධිපතිට මොකද? අපිනෙ බදු ගෙවන්න ඕනේ...

:       37       57

රම්බොඩ Tuesday, 29 October 2024 07:56 PM

මෙයා කළේ ඊළඟට එන පාලකයින් අමාරුවේ දාන්න රජ්‍ය සේවයේ පඩි වැඩිකරන්න පොරොන්දු දීපු එක. මේ ආර්ථික තත්ත්වය උඩ ඒක කරන්න බෑ කියලා... කවුරුත් දන්නවා. මෙයාගේ කපටි වැඩ දන්නා නිසා තමයි ගෙදරම යැව්වේ...

:       40       72

සමන්ත Tuesday, 29 October 2024 08:39 PM

සමන්ත කොහොමද අනුර කුමාර ගේ වැඩ! ඔන්න ආණ්ඩු. කියලා වහල්ලු දැන් කියයි. අනේ මගේ කට.. ජේ. වී.පී කාරයින්ගේ කයිය විතරයි. වැඩ නෑ. සමහරු කියනවා රනිල් පින් ජනාධිපතිලු. ඔව් ඒ පින තමයි. එතකොට දැන් ඉන්නේ සියට හතළිහක් අරගත්ත අංග විකල ජනාධිපති වෙන්ටෑ නේද?

:       3       2

Namal Tuesday, 29 October 2024 09:21 PM

ඔබතුමා යන්තන් ගොඩ දාලා දුන්නු රට මේගොල්ලෝ කාලා විනාශ කරනවා ඉර හඳ වගේ...

:       1       2

Batagoda Don Siman Tuesday, 29 October 2024 09:40 PM

අයියෝ මෙයා හරිම වාතයක් වුණානේ. මෙයා දැන් සිලින්ඩර් සීයා නෙමෙයි බාල්දි සීයා! හැබැයි ඔය හුලංගමුව ලං කරගත්තේ හොඳකට නම් නමෙයි. අ.කු.දී ජනාධිපති තුමාටත් දෙවියන්ගේම පිහිටයි! හුලංගමුව දැඩි රනිල් ගැත්තෙක් බඩගෝස්තර වාදියෙක් - මොකට ලංකර ගත්තාද මන්දා...?

:       1       1

A.M.A. Kumara Tuesday, 29 October 2024 09:59 PM

එදා ජීවත්වෙන්න බැරුව වැටුප් වැඩිකරන්න කියලා ඉල්ලපු අපිට ඒ වෙනුවට දුන්නේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර. ඒ නිසා තමයි අපි ඔයාව ගෙදර යැව්වේ...!

:       1       0

සිලින්ඩර බිල්ලා Tuesday, 29 October 2024 10:06 PM

ඊළඟට අර වතු කම්කරුවන්ට ඡන්දේ කාලේ මිනිහා දෙනවා කියපු එක දෙන්න කියයි. මාලිමා ආණ්ඩුවවත්, අනුරවත්, රනිල්ගේ ඡන්ද පොරොන්දු ඉටුකරන්න ඕනේ නැහැ. මොකද ඒවා එකක්වත් ප්‍රායෝගික ඒවා නෙමෙයි...!

:       0       1

Perera Tuesday, 29 October 2024 10:52 PM

අනුර ජනාධිපති වෙලා ඉන්න එක මෙයාට දිරවාගන්න බැහැ.

:       1       0

විදුර Wednesday, 30 October 2024 08:41 AM

පාලු ගෙයි වලං බිදින රනිල් පැත්තකට වෙලා ඉදින්.

:       4       4

සාගල ආර්යාව Wednesday, 30 October 2024 11:18 AM

දැන් ඔයාට ජනතාව රවට්ටන්න බැහැ , ගෙදරට වෙලා පාඩුවේ ඉන්න , ඔයාගේ හොර නඩේත් 14 දායින් පස්සේ ගෙවල්වල. සාගල

:       4       7

mahasen Wednesday, 30 October 2024 11:26 AM

පිස්සු සීයෙක් .කටවහන් පැත්තකට වෙන්න

:       5       5

achini Wednesday, 30 October 2024 02:29 PM

රාජපක්ෂ 2 වැනි කොටස බලයට තියන කෑදරකම අයින්වෙන්නේ නෑ කවදාවත්...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site