
(යොහාන් භාසුර)
සියලු රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 20,000 කින් ඉහළ දමන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ සේවකයෝ අද (27) විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මෙම විරෝධතාව රට පුරා සියලුම රාජ්‍ය ආයතන ඉදිරිපිට පැවැත්විණි.
දීමනා හෝ වැටුප් වැඩිකිරීම් 2024 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීම, 2016 සිට අහිමි කළ පූර්ණ විශ්‍රාම වැටුප් අයිතිය යළි දීම, වැන්දඹු අනත්දරු අරමුදලට වැටුපෙන් සියයට 8 ක් ක් කැපීම නැවැත්වීම සහ සියලු සේවකයින්ගේ ශ්‍රේණි උසස්වීම් වහා ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන ඉල්ලීම් ද මෙම විරෝධතාවට ඇතුළත් වේ.
එහි ප්‍රධාන විරෝධතාව කොළඹ සෙත්සිරිපාය ඉදිරිපිට පැවති අතර එම විරෝධතාවයට වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් චන්දන සූරියආරච්චි මහතා ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් රස්සාව කරන්න... බැරිනම් දාලා යන්න... ඔයාලාට පඩි ගෙවන්න අපිට හිඟා කන්න බැහැ. වැඩි වැටුප් ගෙවන්නේ 225 බුදලයෙන් නොවෙයි, ජනතාවගෙන් ගන්න බදුවලින් වැඩි පඩි දියව් කියන ජෙප්පන්ගෙන් වැඩි පඩි ඉල්ලා ගනීවි.
බැරි නම් යන්න... නුඹලාත් වගකියන්න ඕනේ මේවට... පඩිගන්නයි... අපි ගෙවන්නයි... මරු වැඩේ...
මුදල් අච්චු ගහලා රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් කරන්නේ නම් ඩොලරයේ අගය ඊට සාපේක්ෂව ඉහළ නැංවීම කළ යුතුයි. නැත්නම් මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා කරන අයට කරන විශාල අසාධාරණයක් ඒක. මහ බැංකු අධිපතිතුමා මෙය ගැන සලකා බලන්න අවශ්‍යයි. මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා කරන අයට කිසිම බැංකුව කින් ණයක් දෙන්නේ නැහැ. පඩියෙන් හම්බ කරලා ණය ගෙවන විදියට. එතකොට කාලයක් ගියාම ඒ අය ඉතුරු කළ මුදලේ නොම්මරය විතරයි වටිනාකමක් නැහැ... හැම කෙනෙක්ටම NRFC ගිණුම් වල ඉතුරු කරගන්න තරම් මුදලක් ඉතුරු වෙන්නේ නැහැනේ ගෙදර වියදම් ගියාම. ඉතිං සම්පුර්ණ පඩියම ගෙදරට එව්වාම ගෙදර බිරිඳ තමයි ඉන් කොටසක් ඉතිරි කරන්නේ... මේ මුදලේ අගය සොරකම් කර රජයේ සේවකයින්ට වැටුප් වැඩිකිරීම කොතරම් අසාධාරණයක්ද? අනෙක් අතට රජයේ සේවකයින් බැංකු වලින් ණය අරගෙන පසුව පඩි වැඩිකරගෙන ඒ ණය ගෙවනවා. මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා කරන අයද මෙම ප්‍රශ්නයට යම් විසඳුමක් සොයාගත යුතුයි...!
විදේශ සේවය සහ පෞද්ගලික අංශය උපයන දෙයින් රාජ්‍ය අංශයට වැඩිපුර ඉල්ලාගෙන දඟලන්න ලජ්ජාව නැතිකම.. මොන නිවට හැතිකරයක්ද,?
පින් පඩි කාරයෝ
පින් පඩි කාරයෝ
වැඩ කරලා පඩි ඉල්ලන්න මගේ ගැටලු වක් දැනට අවුරුදු දෙකක් තිස්සේ රජයේ දෙපාර් දෙපාර්තමේන්තුවක නොවිසඳා තියෙනවා අවශ්‍ය නම් තොරතුරු දෙන්න ප් පුළුවන්