පෙබරවාරි මාසයේ සිට රජයේ සේවක වැටුප රුපියල් 5000කින් වැඩි කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
අයවැයට සවන් දීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2500කින් වැඩි කරීමට සලකා බලන ලෙස මුදල් ඇමති හාම්පුතුන්ගෙන් ඉල්ලයි.
අප්‍රේල් මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් දහසක් එකතු වේ.
සමෘද්ධි දීමනාව සියයට 200කින් වැඩි කෙරේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු (උපරිමය ලක්ෂ 10) සඳහා පොලිසිය සියයට 15 දක්වා වැඩි කෙරේ.
ගොවි ණය රුපියල් ලක්ෂය දක්වා සියයට 50ක් කපා හැරේ.
සහල් කිලෝවේ සහතින මිල රුපියල් 50 දක්වා වැඩි කෙරේ. අර්තාපල් කිලෝවේ සහතික මිල රුපියල් 80 දක්වා ද, තේදළු කිලෝවේ රුපියල් 80, රබර් කිලෝව රුපියල් 350ක් වාද වැඩි කෙරේ.
කිරි ලීටරය රුපියල් 70 දක්වා වැඩිවේ.
අත්ට්‍රැක්ටර් සහන මිලට
පොහොර සහනාධාරය දිගටම
භූමිතෙල් ලීරයක මිල රුපියල් හයකින් අඩු කරේ. ඒ අනුව ලීටරයක මිල රුපියල් 59කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහන ලැබුණට ආශාවන් සහ නියම අවශ්‍යතාවන් හඳුනා ගෙන ඉතිරි කිරීම් වැඩි කර ගන්න ජනතාව සිතට ගත යුතුයි (දිල්)
පෞද්ගලික අංශයටත් මොකක් හරි වෙනසක් කරොත් හොදයි නේද? (නදී)
රාජ්‍ය සේවක වැටුප් විතරයි වැඩි වෙන්නේ. ලංකාවේ වැඩියෙන් ඉන්න පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න කියල ඉල්ලීමක්වත් කරලා නැහැ (නදී)
ජනපතිතුමනි මිනිසුන් ගැන හිතුවාට පිං (නදී)
හාල් මැස්සෝ කිලෝවක් කිව්වම මට හිනහත් ගියා.(නදී)
දැන් වැඩි වෙන්නේ තවත් රුපියල් 5000 ක් ද ...නැත්නම් කලින් දෙසැම්බර් මාසේ අතින් දුන්න 3000 ට තව 2000 ක් එකතුවෙනවා විතරද....(බ)
වයස අවුරුදු 55 පිරුනු අය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සැළකූ අතර, නව රජයේ සහන යටතේ රාජ්‍ය බැංකු වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා පොළී අනුපාතය වැඩිකර තිබෙන්නේ වයස අවුරුදු 60 සිටය.මේ නිසා අවුරුදු 55න් විශ්‍රාම ගෙන ලැබුනු අරමුදල බැංකුවල තැන්පත්කර ලැබෙන පොළී මුදලෙන් ජීවිතය ගැටගසාගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට විශාල අසාධාරණයක් සිදුවී ඇත. තවත් වසර කිහිපක්වත්, බැංකු තැන්පතු සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වයස් සීමාව අවු:55 ලෙස සලකා එම පොළී අනුපාතයම ඔවුනටද ලබා දීමට රජය පියවර ගන්නේ නම් ඉතා මැනවි.(හේ)
ජනාධිපති තුමනි, ඔබ දිගු කාලයක් අපේ ජනාධිපති වෙන්න කියලා මම එක සිතින් ප්‍රර්ථනා කරනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි. (ර)