දකුණු අප්‍රිකාවේ විශේෂ නියෝජිත සිරිල් රමපෝෂා සහ දමෙළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්විණි.
පැය එක හමාරකට ආසන්න කාලයක් පැවැති මෙම හමුවේ දී ජාතික ගැටළුවට විසඳුම් ලබා ගැනීමට ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට කැමැති බව දෙමළ ජාතික සන්ධානය රමපෝෂාට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් කියයි.
එම් ඒ සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරු ද මේ සාකච්ඡාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවෙන් එනකන් ඉන්න ඕනෙද මෙයාලට සාකච්ඡා ආරම්භ කරන්න. (නදී)
සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳන එක තමයි හොඳම දේ (නි)
අර අදින්න හදන පිම්ම ගැන නම් මට සැකයි (නදී)
කැමති නම් ඉතින් අවස්ථාවක් දීලා බලමුකෝ (නි)
දේශපාලන වාසි තකා එක පක්ෂයක් පමණක් මුල් කරගෙන ප්‍රශ්න විසඳන්න බැහැ. රටේ හැමතැන ජීවත්වෙන්නේ රටේ පුරවැසියන් මිසක් පිට අය නොවෙයි. ඒ වගේම නීතිය අකුරට ක්‍රියාත්මක වීම සාමකාමී දේශපාලන රැකවරණය ඇති රටකට බොහොම වැදගත් (නි)
රම්පෝෂා ට මොළයක් තියෙනවා නම් මේ ජාති වාදී දෙමළ "නායකයින්ගෙන්" අහන්න ඕනේ ශ්‍රී ලංකාව ජාතියක් හැටියට ලෝකයම පිළිගෙන තිබෙද්දී, දෙමළ ජාතියක් කොහොමද ඒකීය රාජ්‍යයක් තුල පවතින්නේ කියා. (නදී)
එදා සිට අද වෙනතෙක් මා කිවේ දමිළ ජාතියට පමණක් සුවිශේෂ වූ ප්‍රශ්ණයක් මේ රටේ නැති බවයි. අඩු වැඩියෙන් හැම ජාතියකටම හැම ආගමටම ප්‍රශ්න තිබේ . උදා . අලුත්ගම - බේරුවල ප්‍රශ්නය , මේ වගේ ප්‍රශ්න අපි රටක් හැටියට විසදා ගත යුතුයි. (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු. සේරටම අතරමැදියෝ අල්ලලා තමයි වැඩේ කරගන්න බලන්නේ. මෙයාල නම් ශ්‍රී ලංකික මිනිස්සු කියලවත් සැකයි. කාට විරුද්ධවද මෙයාල මෙච්චර දගලන්නේ. (ස)
ඩයස්පෝරාවේ සල්ලි වැඩ කරනවා නියමෙට. (ස)
අතරමැදියෝ නැත්තම් ආණ්ඩුවෙන් කැරට් හම්බ වෙයි කියලා ඒගොල්ලෝ දන්නවා. (නදී)
සාකච්ඡා කරලා සම්මුතියකට එන එක හොඳයි (නි)