
(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (19) නිකුත් කර තිබේ.
මෙවර අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට කළ යෝජනාව අනුව මෙම වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වයස අවුරුදු 55 න් පසුව විශ්‍රාම යාමට හැකි වන අතර අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගතයුතු බව එම ගැසට් පත්‍රයෙන් ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
55 අය විශ්‍රාම යවලා තරුණ කොටස් රාජ්‍ය සේවයට බඳවාගන්න පුළුවන්නේ...
කොහොම වුණත් 55 න් පස්සේ විශ්‍රාම යාමට අවස්ථාව ඇත්නම් හොඳයි මොකද කියනවා නම් දවසක් මට ගුරුවරියක් හමුවුණා විස්තර අහලා... මම කිව්වා දැන් නංගිලාට තවත් අවුරුදු පහක් වැඩ කරන්න පුළුවන් නේද කියලා? ඇය කිව්වේ අනේ අයියේ මම මැන්ටලයක් ලෙසට පාසලට යන්න අකමැතියි කියලා.. හේතුව ඇහුවාම කිව්වේ දරුවන් කැමති තරුණ ගුරුවරුන්ට නිසා දරුවන් අපහසුතාවට පත්කරන්න කැමති නැහැ කියලයි. මමත් විශ්‍රාම ගත් අයෙක් නිසා පමණක් නොවෙයි. රටට සුළුවෙන් හෝ විනිමය සොයන්න දායකත්වය දෙන නිසා ඇගේ අදහස නිවැරදියි කියනවා..
පැන්ෂන් යන මිනිස්සුන්ට පැන්ෂන් පඩි ගෙවන්න සල්ලිත් නැතිනම්, ඒ ගොල්ලෝ පෙන්ෂන් ගියාම අලුතින් කෙනෙක් බඳවාගන්න සල්ලිත් නැතිනම්, වෙන මොනවා කරන්නද?
රටේ වැඩිහිටි පරපුර සක්‍රීයව ආර්ථිකයට දායකකර ගැනීම හොඳ දෙයක්... නමුත් මේකෙන් වෙන්නේ තරුණ පරම්පරාවට තවත් අවුරුදු 10 ක් බලාඉන්න වෙන එක නේද ඔවුන්ට අවස්ථාවක් ගන්න. මට නම් පේන්නේ මේ කරන්න හදන්නේ 65 කියන්නේ ලොකු වයසක් නෙමෙයි වැඩ කරන්න කියලා. ජනතාවට ඒත්තු ගන්වන්නයි. මොකද පාර්ලිමේන්තුවේ බහුතරයක් දෙනා ඔය වයස් සීමාවත් පසුකරපු අය නිසා ඔවුන් ඒක සාධාරණීකරණය කරගන්න හදනවා විය යුතුයි...
මේක නම් රජයේ සේවය තවත් අකාර්යක්ෂම කරන තීරණයක්. කරන්න තිබුනෙ වයස 60න් අනිවාර්ය විශ්‍රාම යවල, 60 සිට 65 දක්වා අය අවශ්‍යතාවය අනුව පමණක් වාර්ෂික කොන්ත්‍රාත් පදනම මත සේවයේ තබා ගැනීමයි.
මෙය ඉතාම අඥාන තීරණයක්. මෙමගින් රාජ්‍ය සේවය තව තවත් හෑල්ලුවීමක් සිදුවිය හැකියි. "දේශපාලන පත්වීම්වලින් තොරව" සුදුසුකම් සම්පූර්ණ කළ තරුණ තරුණියන් ගැනීම, ඔවුන්ට තම රාජකාරිය නිසිලෙස කිරීම, වගකීම් ඍජුවම ලබාදීම සහ විනය පිළිබඳව මනා දැනුමක් ලබාදීමෙන් රාජ්‍ය සේවය ඉහළට තැබීමක් කළ හැකිබව අපගේ "විශ්වාසයයි"...
දැන් අපේ රට සහ ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණු නිසා මිනිස්සු වැඩිපුර කාලයක් ජීවත් වෙනවා. ලෝකයේ සමහර දියුණු රටවල විශ්‍රාම යනකල් සීමාව අවුරුදු 67කි. ලංකාවේ පසුගිය අවුරුදු 10 ඇතුළත සහ අලුතින් රාජ්‍ය සේවයට ඇතුළු වුණු පුද්ගලයන්ගේ විශ්‍රාම වැටුප 65 කරන්න. ඊට කළින් පුද්ගලයන්ගේ 55 කර කැමැති කෙනෙකුට 65 දක්වා සේවය කරන්න අවස්ථාව දෙන්න.
මේ වනවිට වයස 65 සම්පූර්ණ නොවන සියලු දෙනා නැවත සේවයට කැඳවිය යුතුයි. එම නිලධාරින්ගේ පසුගිය වර්ෂ දෙකම අපතේ ගියා. බඳවා ගැනීම් නොවුණු නිසා ඇබෑර්තු තියෙනවා. ලොකු තනතුරුවල අයනම් උපදේශකවරයකු තත්වයෙන් ආයතන වලට බඳවා ගත හැකියි. දැන් පත්වෙලා ඉන්න අයට අසාධාරණයක් නොවෙන්න. 1961.12.31. රාත්‍රි 11.59 උපන් පුද්ගලයා ගෙදර.. 1962.01.01 අලුයම 00.01 ට උපන් පුද්ගලයා වැඩ. කොයිතරම් අසාධාරණයක්ද. ඒ නිසා කැමති කෙනෙකුට ලැබෙන විශ්‍රාම වැටුප අත්හිටුවා ගෙන නැවත රැකියාවට අවස්ථාවක් දිය යුතුයි' ..වැඩ වර්ජන ආදී අයිතීන් නොමැතිව කොන්ත්‍රාත් පදනමකින්.. මේ නිසා ගොඩනැගෙන ශ්‍රම බලකායෙන් වැඩවර්ජන කාලයේ වුවත් ප්‍රමාණවත් සේවාවක් පවත්වා ගත හැකියි.. ඒ වගේම විශ්‍රාම හා වැටුප් ලෙස දෙවරක් රජයේ වරප්‍රසාද විඳින අයද මෙයින් වළක්වා ගත හැකියි. නීතියක් දැමූ විට සාධාරණ විය යුතුයි. හදිසියේ ආණ්ඩුව 55න් යායුතුයි කිව්වා නම් ඒක 2022.01.01 දින සිට බැඳුණු අයට විතරක් ද වලංගු නැහැ. එදා ඉන්න හැමටම...
මේ තකතීරු රජයෙන්, මනා අධ්‍යයනයකින් තොරව ගත් තවත් ගොන් තීරණයක්...
අයියෝ මේ ලංකාවට මොකක්ද වෙලා තියෙන්නේ? නාකි හැත්ත රට කනවා. තරුණ පිරිස රට දාලා යනවා රැකියා හිතාගෙන... රටේ ඉන්න වයසක උදවිය දවසින් දවස රට වලපල්ලට යවනවා. ලංකාව දියුණු වන්නේ නැති එක හේතුවක් තමයි රටේ වියපත් පිරිස රටට විශාල බරක් වීම...
අවුරුදු 65 දක්වා සේවය කිරීමට ඉඩ ලබාදීමෙන් රැකියා කරන්නන්ගේ සාමාන්‍ය වයස ඉහළ යනවා. වයසත් සමග සේවයේ කාර්යක්ෂමතාවය පහත වැටෙනවා. තරුණ තරුණියන් ශ්‍රම බලකායට ඇතුළත් වීමේ ඉඩකඩ මේ නිසා නැතිව යනවා. ලංකාව වගේ රැකියා විරහිත බව ඇති රටක විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම කිසිසේත් සුදුසු නැත. වයසක අය විශ්‍රාම ගොස් තරුණයින්ට එම අවස්ථාව ලබාදිය යුතුයි. මෙවැනි නුසුදුසු තීරණ ගනු ලබන්නේ තිරය පිටුපස අපට නොපෙනෙන වැඩපිළිවෙලක් ඇති නිසා විය යුතුයි...