ආණ්ඩුවේ දූෂණය, වංචාව හා නාස්තිය නිසා ආර්ථික ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට වෙත නොයන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයයේ දී පැවසීය.
‘ආර්ථික විග්‍රහය‘ මැයෙන් එම මාධය හමුව නම් කර තිබිණි.
‘ අද ආණ්ඩුව ගත් වාණිජ ණය වැඩි වී තිබෙනවා. චීනයට ඩොලර් බිලියන හයත් හතත් අතර ප‍්‍රමාණයක් තිබෙනවා. ගෘහස්ථ ආර්ථිකයේ වර්ධන වේගයක් දකින්නට ලැබෙන්නේ නෑ. අතිවිශාල වියදම් පියවීමට ණය ලබාගන්නවා. ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මෙම වසරේ ඇමරිකා ඩොලර් මිලියන 8,875 (රුපියල් කෝටි 117150) ලබා ගත්තා. 2013 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ සඳහන් වෙනවා. ඉහළ අදායම් ලබන 10% අහාර සඳහා ආදායමෙන් වැඩි ප‍්‍රතිශතයක් වැය කර ඇති බවට. කොතරම් භෞතික දේ සංවර්ධනය කරත්, ඉන් ගෘහස්ථයට ප‍්‍රතිලාභ ගමන් කරන්නේ නැත්නම් එහි ආර්ථිකයෙන් සෙතක් නෑ.”
පාඨලී චම්පික රණවක මහතා -
‘වර්තමාන ආණ්ඩුවේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ආණ්ඩුව දරන වියදම් අනුව, ආදායම් උපයාගන්න ක‍්‍රියාමාර්ග සිදු නොවීමයි. ඒ නිසා එම වියදම් දරාගැනීමට ණය මුදල් ලබාගැනීමට සිදුවෙලා. වාණිජ මට්ටමේ ණය ලබාගත යුතුව තිබෙනවා. 1% ට වඩා පොලී අනුපාතය අඩු යයි ආණ්ඩුවේ බලධාරින් ප‍්‍රකාශ කළත්, 2013 පොලිය වෙනුවෙන් ගෙවූ මුදල මිලියන 462 යි. ගිය වසරේ ගෙවීමට තිබු සමස්ත ණය මුදල මිලියන 6,976 කි. පොලී අනුපාතය 6.8% කි. සෑම ක්ෂේත‍්‍රයක්ම වර්ධනය කරනවා යැයි සඳහන් කරමින් ණය ලබා ගන්නවා. ජනාධිපති මුදල් අමාත්‍යංශයෙන් ණය බර අඩු කරා යැයි සඳහන් කරත්, එය සිදුකර තිබෙන්නේ රජය විවිධ ආයතනවලට බෙදාහැරීමෙන්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 421 ක් , ලංකා විදුලිබල මණ්ඩලයට බිලියන 48, මහජන බැංකු ඩොලර් බිලියන් 1500 යි (රුපියල්. කෝටි 1980000), ලංකා බැංකුව ඩොලර් බිලියන 50 යි (රුපියල් කෝටි 500) මෙවැනි දේවල් මුදල් අමාත්‍යංශයට ගැනෙන්නේ නැහැ. මෙලෙස රාජ්‍ය ආයතන ණය උගුලකට හසුකර ජනතාව මත බදු බර පටවා තිබෙනවා. තෙල් වලට අධික බදු මුදලක් අය කරනවා. කොළඹ වරාය දැනටමත් චීනයට පවරලා. මේක භයානක මුදල් සූදුවක්. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනුෂ්ක මහතාණෙනි , ඔබ ගේ වටිනා අදහස් වලට මගේ ප්‍රණාමය. මේ ආණ්ඩුවෙන් වැරදි සිදු වූ බව පැහැදිලියි. නමුත් ඒ වැරදි හදන්න අපේ රට උකස් කරන්න හෝ කැබලි කරන්න ඉඩ දෙන්න බැහැ. ඔබ තුමා රේසින් කාර් ගැන කතා කරනවා, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොහොමද එතරම් විශාල හෝටල් හැදුවේ. නිකන් නොවේ වැව් තාවුල්ල ගොඩ කරලා ? ගොවි මහතෙකුගේ පුතෙක් කොහොමද මේවා කරන්නේ ? (නදී)
මහානාම මහතාණෙනි, ඔය කියන හෝටලය ඔබ තුමා කියන තරම් ලොකු එකක් නෙවෙයි. ඇවිල්ලම බලන්න. (ර)
අපේ සමස්ත ණය ප්‍රමාණය = 385,000(එක පුද්ගල ණය) x 20,000,000 (ජනගහනය) = 7,700,000,000,000 මට ගාන කියවගන්නත් බෑ. කොහොමද ආශ්චර්යය. (නදී)
ආර්ථිකය අපි දකින්නේ ගමේ අපට පෙනෙන සත්‍ය තුලින්. මහින්ද රාජපක්ෂ අපිට සංසන්දනය කරන්න තියෙන්නේ ඊට පෙර හිටපු නායකයින් සමග සැසඳීමෙන්. ආර්ථිකයත් එහෙමයි. අපේ රටේ පවතිනා ක්‍රමයට අනුව දේශපාලනයට එන අය සියළුම දෙනා එන්නේ අපට සේවය කරන්න නොවන බව අපි දන්නවා. මේ ක්‍රමය යටතේ ජනතාවට තෝරන්න වෙලා තියෙන්නෙ හොඳම දේශපාලනඥයා නොවෙයි. සාපේක්ෂව නරක අඩු දේශපාලඥයා. ඒ අනුව ඉදිරියෙන් ඉන්නේ කවුද කියා තීරණය කිරීම ජනතාව සතු දෙයක්. ආර්ථිකය පිළිබඳ ඇමරිකන් උපාධියක් තියෙන ඇමරිකන් චින්තනයේ ආචාර්යවරයෙක් දකින්නේ ඇමරිකන් සංස්කෘතියට අනුව. අපි දකින්නේ අපේ ගමේ රටේ ඇතිවී තිබුණ හා දැනට ඇතිව තියෙන දියුණුවට සාපේක්ෂව. (නදී)
ජනවාරි 9 වෙනතුරු නොමැරී මැරෙනවට වැඩියේ හොඳයි දැන්මම මොනවා හරි කරගත්තොත්. ඔබට නිවන් සුව. (නදී)
එහම කියන්න එපා, නාමල් මන්ත්‍රීවරයා කියන්නේ 2020 වනවිට අපේ තනි පුද්ගල අදායම ඩොලර් බිලියන 7500 යිලු. තවද එස් බී ඇමතිතුමා කියනවා ලෝකේ දියුණු රටවල් අතර අපි ඉදිරියෙන්ලු. මේ රජය තවදුරටත් බලයේ හිටියා නම් ඉදිරියේදී ලෝක බැංකුවත් අපෙන් නය ගනීවි. එතකොට කාටද ආඩම්බර (නදී)
චම්පික හිටපු ඇමති තුමනි , මමත් ඔබ තුමා ගේ සරසවියේ ඔබ තුමාට වසරක් පිටු පසින් ඉගෙන ගත්තෙමි. මම එදා වගේම අදත් ඔබතුමාට ගරු කරමි. එ්ත් මේ දේවල් කලින් කියලා ඇමති කමින් අයින් උනා නම් හොදයි නේද ? අනෙක ඔබ තුමා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත්වුනේ ඔබලාගේ ඉල්ලීම් නොදුන් නිසා නේද ? අනෙක ජනාධිපතිවරණ තව අවූ 2 කින් තිබ්බ නම් ඔබලා අයින් වෙන්නේ නැහැ නේද ? මම කවදාවත් කෙනෙකුට අපහාස කරන්නේ නැහැ වගේම ඔප්පු කළ නොහැකි බොරු චෝදනා කරන්නත් නැහැ (නදී)
මම දකින දේ:- එදා නගරයේ තිබූ ෆුඩ්සිටි අද ගමට ඇවිත්. වාහන සේල් ගමට ඇවිත්. එදා ගමකට රෝද හතරේ වාහන තිබුණේ ඉතා කලාතුරකින්. අද ගමේ තියන රෝද හතරේ වාහන ප්‍රමාණය වැඩි වෙලා. අද ඉදිකිරීම් වැඩි නිසා ගමට හාඩ්වෙයාර් කඩ ඇවිත්. එදා යන්තම් ගේ සාදාගත් අය ඒ ගෙවල් කඩා වෙනස් කර තට්ටු දෙකට තුනට හදනවා. ගමේ අතුරුපාරවල් වලත් තට්ටු දෙකේ තුනේ ගෙවල්. අද සෑම නිවසක්ම උළු සෙවිලිකළ හෝ ඇස්බැස්ටස් ගැසූ ස්ථිර වහල සහිතයි. ගමේ තිබුණ පුංචි සිල්ලර කඩ ලොකු ග්‍රොසරි වෙලා. තේ කඩ බුෆේ වෙලා. ඔය කියන විදියට ඒ ආර්ථික දියුණුවක් නැති නිසාද මන්දා. වෛරයට පැවැත්මක් නෑ. ඒ නිසා වෛරයෙන් ඇස් වසාගෙන හීන නොදැක ප්‍රකෘතියෙන් ඇවිත් බලන්න. (අ)
මහානාම ඔයාගේ අදහසට මම එකඟයි. අයින් වෙන්න ඉස්සරවෙලා කිව්වනම් ඉවරයිනේ. (නදී)
අද පවතින වාතාවරණ අනුව මෙන්ම ස්වභාවදර්මයේ බලපෑම් නිසා රජයේ ආදායම් මාර්ග සීග්‍රයෙන් පහල බැස ඇති අතර මහා ඡන්ද කටයුතු අදාලව වන අසීමිත වියදම් ආදිය නිසා රජයේ වියදම වැඩිවී ඇති බව මහජනයා දනී (නදී)
සන්වනි අපි කියන්නේ නෑ රටේ සංවර්ධනයක් නෑ කියලා. සංවර්ධනයක් වෙනවා ඔබ කියන විදිහට ගමෙත්, නගරෙත්. නමුත් ඔය සංවර්දනය මුවාවෙන් අති විශාල මහා ජන මුදල් කොල්ල කෑමක් වෙන බවයි පොදු විපක්ෂය කියන්නේ. රුපියල් ලක්ෂයකින් කරන්න පුළුවන් දේට රුපියල් ලක්ෂ 100 ට බිල හදල පෙන්නලා, රුපියල් ලක්ෂයකින් වැඩෙත් ඉවර කරලා, රුපියල් ලක්ෂ 99 මහජන මුදල් කොල්ල කනවා. එ්කයි කියන්නේ පැහැදිලිව වෙනස තේරුම් ගන්න. මේ විදිහට ව්‍යාප්‍රෘති වලින් කෝටි ගණන් මුදල් කොල්ල කන එකයි දැන් වෙන්නේ. නැත්නම් කෝටි ගණන් වටිනා රේසින් කාර් ගේන්න කොහෙන්ද සල්ලි පාර්ලිමේන්තුවේ ලාබාල මන්ත්‍රී වරයකුට. ඔබලා ඔබෙන්ම ප්‍රශ්න කරාලා සාධාරණව හිතල බලන්න. මේ මහා මුදල් කොල්ල කනවට මදිවට ලංකාවට ගෝනි ගණන් කුඩුත් ගේනවා. ඔය කුඩුත් බොන්නේ ඔය කියන ඔය ගමේ හැදුනු කොල්ල කෙල්ලෝ. කැසිනෝ ගේන්න පණත් කෙටුම් පත හදනවා. ඒවා දවසින් ස්තිර කරනවා. මේ විදිහට රටේ අධ්‍යාපනේ දියුණු කරන්න, ගමේ පාසල්, පන්සල් හදන්න පනත් ගේන්නේ නැත්තේ ඇයි ? ඊයෙත් අපි දැක්කා එන්.ඩී.ටී ළමයි ට මහා තිරිසන් විදිහට ගහනවා. මේ වා ඔය කට්ටිය දකින්නේ නැද්ද ? ඒ ළමයි තමන්ගේ අධ්‍යාපන අයිති වාසිකම් ඉල්ලුවේ (නදී)
හර්ෂ මහත්තයා ආචාර්ය උනත් අදහස් හරි ලාමකයි (නදී)