ජනපතිවරණයට තරඟ කරන මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දක්වන වැඩසටහන් නතර කරන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය නාලිකාවලට දන්වයි.
රාජ්‍ය නාලිකා එළිපිටම ජනපති වෙනුවෙන් ඡන්ද සටනට සහයෝගය දෙතියි ස්වාධීන නිරීක්ෂකයන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි දේශප්‍රිය මහතා පවසයි.
මෙම කටයුත්ත නිදහස් හා සාධාරණ මැතිවරණයකට බරපතල අවහිරයකියි රාජ්‍ය විද්‍යුත් නාලිකාවලට ලිපියක් යවමින් කොමසාරිස් කියයි.
එම ලිපියේ පිටපතක් දුටු බව ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය කියයි.
දෙකෝටියක ජනගහනයෙන් යුත් ශ්‍රී ලංකාවේ වැඩිපුරම පිරිසක් වෙත වැඩසටහන් විකාශනය කරනුයේ මෛ රාජ්‍ය නාලිකා දෙකෙනි.
දේශපාලන වශයෙන් සංවේදී තොරතුරු විකාශනය කිරීමට පෙර තම උපදෙස් ගන්නැයි කොමසාරිස් එම නාලිකා ප්‍රධානින් හට අනතුරු අඟවයි.
ඡන්ද නීති උල්ලංඝණය කිරීමේ වගකීම ඔවුන් භාර ගත යුතු බව ද ඔහු ඔවුනට කියා ඇත.
රජයේ වාහන සහ රාජ්‍ය නිලධරයන් රාජපක්ෂ මහතාගේ ඡන්ද වැඩට විශාල වශයෙන් යොදා ගන්නා බව පෙනේයැයි දේශීය ඡන්ද නිරීක්ෂකයෝ කියති.
පාලක පක්ෂයේ ඡන්ද ප්‍රචාරයට හවුල්වන රාජ්‍ය නිලධරයනට එරෙහිව නඩු පැවරීම සඳහා විපක්ෂය තොරතුරු එක්රැස් කරන බව ද වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රජයේ සමහර නාලිකා මැතිවරණ රැස්වීම් සජීවීව විකාශනය කරන්නේ කොහොමද? හරි නම් එම නාලිකාවට මුදල් ගෙවලාද කියලත් හොයලා බලන්න ඕනෑ. අනෙක එහෙම කරල තියෙනවා නම් ඒ නීතිවිරෝධී වැඩේට දඩුවමකුත් තියෙන්න ඕනෑ නේද. මේ මහජනතාවගේ පරම බලය නේද හෑල්ලු කරන්නේ? (නි)
නියමයි සුනිල් ගීකියනගේ (නි)
මම ලංකාදීපයට විශිෂ්ඨ ස්තුතිය පලකරනවා මේ ලිපිය පල කිරීම ගැනත් දේශපාලන වශයෙන් මධ්‍යස්ථව කටයුතු කිරීම ගැනත් (නදී)
කඩේ යන නාලිකාත් ඒවා කරන්නේ රස්සාව බේරා ගන්න වෙන්න පුළුවන්. (නදී)
කලකට පසු කොන්න්දක් ඇති ඡන්ද කොමසාරිස් ලැබී තිබීම රටේ වාසනාවකි (නදී)
එතකොට මෛත්‍රීට කඩේ යන නාලිකා? ඒවා පුද්ගලික නාලිකා ඔය දෙකේ වෙනසත් තෝරා දෙන්න ඕනෙද ? (නදී)
කොන්දක් ඇති ඡන්ද කොමසාරිස් කෙනෙක් ලැබී තිබීම රටේ වාසනාවකි (නදී)
රාජ්‍ය නාලිකා සහ රජයේ සේවකයන් කියන්නේ කොයි පැත්තෙනුත් දේශපාලනයේදී තැලෙන මිනිස්සු. පුද්ගලික අංශයේ වැඩ කරන උදවියට විතරයි කොන්ද කෙලින් තියාගෙන තමන්ට කැමති දේශපාලන මතයක් තියාගෙන, රස්සාවත් බේරාගෙන වැඩ කරන වාතාවරනයක් තියෙන්නේ. මේ නාලිකා වල වැඩ කරන උදවියට මේ සම්බන්ධයෙන් තියන ප්‍රශ්නත් ඔය කාරනාව එක්ක සොයා බැලුවොත් හොඳයි. (නදී)
බටහිර කුමන්ත්‍රණ ගැන නම් දරා සිටින වාචාල පුද්ගලයෙක් කඩමලු වෙබ් එකක් දාගෙන වැදගත් මිනිසුන්ට අපහාස කරනවා. (නදී)
කොමසාරිස්ගේ නියෝග ඔය කට්ටිය පිලිගන්නෙ නෑ. (නදී)
මම අදහස් කලේ කඩුවෙල ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂක පත්‍රිකා බෙදන්න හමුදා සාමාජිකයන් යොදා ගන්න යනවා යන ආරංචිය. (නදී)
මේ දේශපාලන වැඩ නිසා වැඩියෙන් අමාරුවේ වැටෙන්නේ පුවත් ප්‍රවෘර්ති ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවෝ. ඒ උදවිය කරන්නේ තමන්ගේ රස්ස්සාවට අදාළ දේවල්. නමුත් මෙහෙම ඒක පාක්ෂිකව පුවත් ප්‍රවුර්ති කියවන්න ගියාම අනෙක් දේශපාලන පක්ෂ වල උදවිය හිතන්නේ වෙනත් දේවල්. (නදී)
සරත්, ඉතින් භාර දෙන්න පුළුවන් හොඳම ගැලපෙන වැඩේ තමයි ඔය භාර දීලා තියෙන්නේ. (නදී)
මේ නාලිකා වල වැඩ කරන ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන සේවක සේවිකාවන් ට ලොකු පීඩනයක් ඇති. සමහරු ප්‍රසිද්ධියේ කියා තිබෙනවා තමන්ට නිවේදක කටයුතු වලින් ටික කලකට බැහැර වන්න සිදු වුන බව. (නදී)
නියෝගය නම් හොඳයි (නි)
මහින්ද දේශප්‍රියගේ තීරණය හරි හොඳයි (අ)
රජයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ මාණ්ඩලික ශ්‍රේණි වල සේවකයන්ට හැර පහල ශ්‍රේණි වල සේවකයන්ට රාජකාරියෙන් බැහැරව දේශපාලනය කරන්න පුළුවන් කියලා. එතකොට මේ අයට රාජකාරි නිවාඩු දීලා , ඒ වැඩ වලට යොදවා ගන්න පුළුවන් බව ඉතා පැහැදිලියි. පහල ශ්‍රේණි වල සේවකයන් තමයි වැඩියෙන්ම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ. (නදී)
එතකොට මෛත්‍රීට කඩේ යන නාලිකා? (අ)
නියෝගය මසුරන්! ඒක ක්‍රියාත්මක වෙයිද කියලයි සැක (නි)
දැන් එහෙනම් නතර කරයි ඒක (නදී)
මෙතන වෙන්නේ ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන රජයේ නාලිකා මධ්‍යස්ථව ක්‍රියා නොකිරීමයි. මහින්ද දේශප්‍රියගේ තීරණය හොඳයි (නදී)
මහින්ද දේශප්‍රියගේ තීරණය හරි හොඳයි (නදී)
ඉතාම හොඳ දෙයක්. රජයේ මාධ්‍ය යනු රජයේ දේපලයි. අනිසි ලෙස යොදා ගන්නා අයගේ පෞද්ගලික ධනයෙන් අයකර ගත යුතුයි (නදී)
කොමසාරිස්තුමා ගේ අවධානය යොමුවීම ගැන පොදු මහජනතාව ලෙස ස්තුතිවන්ත වෙමු. (අ)
මහින්ද දිනුවට පස්සේ ඔය කවුරුවත් ඇක්ෂන් ගන්නේ නැහැ. (අ)
මේවා මොනවා කළත් අන්තිමේදී දිනන්නේ ජනතා මනාපයයි (නි)
මැකෝ ගෙත් ජාමේ බේරගන්න එපායැ. සර්ව සාධාරණව කරනවා නම්, පොතේ නීති නම් තියෙනවා. එ්ත්, කොන්දක් තියෙන්න එපායැ ඒවා ඉටුකරන්න. බොහෝ අය මේ රටේ අයිතිකාරයෝ වෙලා. රාජකීයයෝ වෙලා. ඉතින් ඒවා රැකගන්න ඒ අය ඕනෑම වැඩක් හෝ කරන්න පසුබට වෙන්නේ නැහැ. තාම පටන්ගත්තා විතරයිනේ. (නදී)
එසැන පුවත් එහෙනම් කාටවත් කඩේ යන්නෙම නෑ. (අ)
ඕවා පිළිපදින්නේ නැහැ. (නදී)
මෙතුමා කිව්ව ගමන් ඔය නාළිකා දෙක වැඩේ නවත්වයි (අ)
අපි හම්බ කළොත් අපිට හොඳට ජීවත්වෙන්න පුළුවන්. මොකටද දුෂිත වැඩ වලට අපි ගෙවන්නේ? ටිකක් හිතලා බුද්ධිමත් වෙන්න හැමෝම (නි)
රාජ්‍ය, පුද්ගලික භේදයකින් තොරව ජනපතිවරණ අපේක්ෂකයන්ට කඩේ යාම රුපවාහිනී නාලිකා ඇතුළු සියලු මාධ්‍ය වලින් නවත්වමු (අ)
මේ වගේ ජඩ වැඩ කරන උදවිය ගැන ජනතාව 9 වෙනිදා බලා ගන්න වේවි .(හේ)
යස අපුරුවට පිළිගනී .(හේ)
සචිත්, එ්ක එහෙම නම් ටීවී එක ඕෆ් කරලා නිධිය ගන්න. විදුලි බිල හරි අඩු කර ගන්න පුළුවන්. රාජ්‍ය මාධ්‍ය යනු පුද්ගලික දේපලක් නොවේ. (නදී)
රජයේ නාලිකා පමණක් නොවෙයි. අනෙකුත් පෞද්ගලික නාලිකා සමහරක් එළිපිටම හංසයාට පක්ෂව වැඩසටහන් මෙහෙයවන බව මැකෝ දන්නවා නේද.? මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්විමක් කියා සඳහනක්වත් නොමැතිව හිතුවක්කාර විදිහට ප්‍රචාරය කරනවා. සියල්ලෝම අපක්ෂපාති විය යුතුය. (නදී)
මේක දවසේ විහිළුව වෙනවා.(හේ)
රාජ්‍ය නාලිකා යනු පුද්ගලික දේපලක් නෙමෙයි (නදී)
මැකෝ නියමයිනේ ඔහොමයන්, ඔහෝමයන් (නදී)
පුළුවන් නම් අර හැමදාම උදේට ගුවන් විදුලි නාලිකාවක් යොදාගෙන රජයට විපක්ෂ උදවියට අපහාස කරන රජයේ වැරදි වලට සුදු හුණු උලන කටත් නවත්වන්න. (නදී)
එතකොට අද පත්තර වෙබ් අඩවි කඩේ යනවා තේරෙන්නේ නැද්ද කොමසාරිස්ට (නදී)
කාගෙන්වත් අහන්න ඕන නැහැ . තමන්ගේ වැඩ සටහන් තමන් කරහම ඉවරයි. අනික කොමසාරිස් වැඩක් නැහැ එ්කත් ඔය නිරීක්ෂණ කට්ටියටම දෙන්න. ඒගොල්ලෝ කියන විදිහටනේ ඡන්ද කරන්නේ (නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (නදී)
මැ:කො:තුමණි, අදහස හොදයි ක්‍රියාත්මක වීම කෙසේ වේවිද ? මේ රටේ සාධාරනය ඉටු වූයේ කවදාද? (නදී)
රජය වෙනුවෙන් වැඩ කරන එක නැති එක ජනතාවගේ තීරණයක්.(හේ)
මොකද මේ රාජ්‍ය නාලිකා? රජය මගින් ටෙලි ඩ්‍රාමා පෙන්නන්නද?.(හේ)
කොමසාරිස්තුමා ගේ අවධානය යොමුවීම ගැන පොදු මහජනතාව ලෙස ස්තුතිවන්ත වෙමු.(හේ)
මේ පැමිණිල්ල කර තිබෙන්නේ ස්වාධින නිරීක්ෂකයින් විසින් බව සඳහන් වේ. ඒ යටත් මැතිවරණ කොමසාරිස්තුමාටත් කිව යුතු කරුණක් දෙකක් ඇත. පැමිණිල්ල කළ පක්ෂයට - අද අපේ රටේ ජනතාව මාද්‍ය දිහා බලා මැතිවරණ වලදී තීන්දු ගන්නා කොටසක් නොවෙයි. දේශපාලකයින්ටත් වඩා එහා ගිය දේශපාලන දැනුමක් ගමේ කා තුළත් ඇත. මහජනයා නිවැරදි තීරණය සැමදා අරගෙන තිබනවා. එහෙයින් මේ පැමිණිල්ල තේරුමක් නැත. මැතිවරණ කොමසාරිස්තුමාට - ඉහත කරුණ යටතේ රාජ්‍ය මාද්‍ය වලට පමණක් ඇඟිල්ල දිගු කරන්නට ඔබට බලයක් නැත. ඔබ මුලින්ම මධ්‍යස්ත වී සියලුම මාධ්‍ය වලට මේ තහනම කරන්න. සමහර පෞද්ගලික නාලිකා මැතිවරණය කාලය තුළ තෝරාගත් අපේක්ෂකයාට පමණක් වාසිවන විවිධ වැඩ සටහන් අලුතින් පටන් ගෙන ප්‍රචාරය කරනු ඔබතුමා විමසිල්ලෙන් බැලීමේදී පෙනී යනු ඇති. කෙසේ වෙතත් මහජනයා රූපවාහිනියට වඩා සැලකිල්ල දක්වන්නේ පුවත්පත් වලට බව කියමි. ලංකාදීපයට ස්තුතියි.(හේ)
මේ පාර මුන්නැහෙට ආතතිය හැදෙයි වගේ. (නදී)
මැකෝ, මොකෝ මෙදා පාර නින්දෙන් ඇහැරුනේ. හා...හා ..අපි දන්නවා හොරේ, විදේශීය නියෝජිතයෝ එනකොට දෙන්න, උත්තර බඳිනවා නේද (නදී)
යකා විදිහටලු විමානේ. (නදී)
මේ කිසිම දෙයක් කොමසාරිස්තුමා දැකලා නෑ. නිරීක්ෂකයෝ කියන නිසා තමයි මෙහෙම කරන්නේ. මෙතුමා මොනවා කරන්නද? අද වැඩ කරන හැම රජයේ නිලධාරියකුටම බලපෑම්වලට යට වෙන්න වෙලා. රටේ උගත් මිනිස්සු දෙක පාස් දේශපාලකයන්ට ඕන විදියට වැඩ කරන්න වෙලා (නදී)
අනේ ඉතින් මේ ආණ්ඩුවෙන් ලියුමක් යවන්නවත් අවස්තාවක් දීල තියෙනවා. අනිත් ආන්ඩු තිබනු කාලේ එහෙම තිබුනේ නැහැනේ (නදී)
මෙම මැතිවරණයේ බලධාරිය තමයි මැතිවරණ කොමසාරිස් එතුමාගේ අනටවත් කීකරු නොවන් නීතියක් තම අද ක්‍රියාත්මක වෙන්නේ මේක තම වෙනස් වෙන්න ඕනේ.(හේ)
රජයේ නාලිකා රජයට කඩේ යනවා කියමුකෝ. එතකොට මම ඊයේ බැලුව නාලිකාව? මොකද මේ රජයේ නාලිකා ගැන විතරක් තියෙන ප්‍රශ්නය? (නි)
එතකොට ලංකාවේ විපක්ෂයට කඩේ යන මාධ්‍ය නැද්ද දන්නෙ නැහැ. තමුන් පැහැදිලි මතයක් ජනතාවට ඉදිරිපත් කරනවා නම්, දිනන්න පුළුවන් කියලා දන්නවා නම් ඇයි වදවෙන්නේ? (නි)
පක්ෂපාතී භාවය පැත්තකට දාල මේ නාලිකා දෙක අඩුම ගානේ බලන්න පුළුවන් තරමට ගෙනාව නම් එත් ඇති. අද මේ දෙකම මොන පක්ෂයේ කෙනකුටවත් බලන්න බැරි කරලනේ. (නදී)
දේශප්‍රිය මහත්තයෝ ඔය ස්වාධීන නිරීක්ෂකයෝ කොහෙන්ද ඇවිත් ඉන්නේ කියල හොයල බලන්න. දැනටමත් ඩයස්පෝරාව අමුඩ ගහනවලු ඊලග ඊලාම් පොරයට සූදානම් වෙන්න. (නදී)
රජයේ නාලිකා නෙමෙයිනේ දැන් ගොඩක් දෙනා බලන්නේ, ටෙලි නාට්‍යයනේ (නි)
අනේ මොන කතාද?අර එක නාලිකාවක පහළින් නිවුස් පටියේ යන වචන දැක්කහම බඩ පැළෙන්න හිනා යනවා. (නි)
රජයේ සේවකයින් ගොඩකට මානසික ආතතිය ඇති. (නදී)
ගියවර වැරදුන තැන් මෙවර හදාගෙන ඡන්දෙට යන්න.කිසිම බුරුලක් දෙන්න එපා.පරිගණක සෙල්ලම් දාන්න ඉඩදෙන්න එපා. (නි)
බලාගෙන ඉඳිමු. හෙටම නවත්වයි. (නි)
ඡන්ද කොමසාරිස් මහතාට ගෙදර යන්න ඔනි වෙලා වගෙ ඔහොම කථා කියන්නෙ (බ)
ජනතාව මේ ගැන සිතා බලා කටයුතු කරන්න.(හේ)
ඔබ තුමාට පෙර සිටි මැකෝ තුමාට මොකද වුනේ.(හේ)
ඔබ තුමාගේ බලතල ක්‍රියා කරන්න ,පොලිසිය බලගෙන සිටියදී නොයකුත් අවනිතිය ක්‍රියා කරනවා දේශපාලන බල පුළුවන් අය .මෙය රහසක් නොව සාධාරණව ජයක් පමණි පැතුම.(හේ)
ඡන්ද නීති කඩමින් මේ මැතිවරණයෙන් කවුරු දිනුවත් අපි ඔහුව රටේ ජනපති කියලා පිළිගන්න සුදානම් නැහැ.පුදුම විදියට මේ නීති කඩ කරන්නේ..(හේ)
මැකෝට ආතතියද ? එහෙනම් ගෙදර යන්න. (නදී)
කවුරු නීති කැඩුවත් එක වරදියි දැන් මේ අදහස් දක්වා තියෙන බහුතරයක් කැමති නීති කඩනවාට අනේ අපොයි රටකට ගිය කලක් රටේ ප්‍රධාන පුරවැ සියාම නීති කඩනකොට අනිත් ය ගැන කුමන කතාද? (අ)
දුශිතයකින් තොර මැතිවරණයක් කවද්ද අපේ රටේ පැවැත්තුවේ.මටනම් ඔය කවුරු ආවත් ඇති වැඩක් නැහැ. මගේ අතපය හොදට වැඩකරනවා තවමා. (අ)
අපි මේ බලාසිටින්නේ මැතිවරණය අවසානය තුරු මැකෝ ස්වාධීනව කටයුතු කරයිද කියන එකයි ! (හේ)
මෙවැනි දේවලට වැරදිකරු වන පුද්ගලයන්ට තමන්ගේ පුද්ගලික ධනයෙන් වන්දි ගෙවන්නට සිදුවන ලෙස නීති ගෙනෙන බවටත් එය ඡන්දය ප්‍රකාශකළ දිනයේ සිට ආපස්සට බලපාන ලෙස ක්‍රියාත්මක කරන බවටත් නීතියක් ගෙන ආ යුතුය.එවිට මෙවැනි ක්‍රියා අවමවනු ඇත. (නි)
අපි මේ බලාසිටින්නේ මැතිවරණය අවසානය තුරු මැකෝ ස්වාධීනව කටයුතු කරයිද කියන එකයි ! ඔය නාලිකාවලට තම පාලන බලධාරීන් පත්කරනවා හැර වෙන විකල්පයක් තිබෙනවාදැයි අපි නම් නොදනිමු. ඒ හැර නිකම් කටින් බතල හිටවලා හරියන්නේ නැත. මේකත් කරන්න වෙන්නේ මෛත්‍රී යුගයෙන් තමා. (අ)
මෙතන අදහස් දමන සමහරු රාජ්‍ය මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය වල වෙනස නොදනී. රාජ්‍ය දේපල සහ එහි නිලධාරීන් සිටිය යුතු ආකාරය නොදනී. (නි)
රජයෙ නාලිකා, පත්තර ටික බලයේ සිටි හැමරජයකටම කඩෙ ගියා. ඒක සාමාන්‍ය දෙයක්. කෙසෙවෙතත්, සාධාරණ මැතිවරණයක් උදෙසා අඩුම තරමෙ අනෙක් සෑම අපෙක්ෂකයෙකුටම යම් කාල සීමාවක්වත් දිය යුතුයි. (අ)
රුපවාහිනි නාලිකා වල මිනිස්සු ඉන්නවා දරු පවුල් කාරයෝ. ඒ මිනිස්සු තමන්ගේ රස්සාව බේරා ගන්න ඕන නිසා ඔය කඩේ යාම කරන අවස්ථාත් ඇති. වෙනත් රජයේ රැකියා කරන සහ සහනාධාර දීමනා ලැබෙන උදවියට බලපෑම් එල්ලා වෙලා කියල ආරංචි තිබෙනවා. (නදී)
මෙතන කීප දෙනෙකුට නොතේරෙන දෙයක් තියෙන බව පෙනෙනවා. රජයේ මාධ්‍ය වල වෙනස තමයි ඒවා ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන එක. පුද්ගලික මාධ්‍ය එහෙම නැහැ. ඒවා ව්‍යාපාර. (අ)
මේ විදියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අපිත් කැමතියි (නි)
මේක සැමදාම සිදුවෙන දෙයක්. නිදහස් නාලිකාත් මීට නොදෙවෙනි විදියට කටයුතු කරනවා. ඔවුන්ටත් මෙම ලිපියම යැවිය යුතුයි. දෙපැත්තටම සාධාරණයක් වෙන විදිහට කළයුතුයි. (නි)
අන්න නියමයි (නි)
මට මේක මතක්වුණා. අඳුරු කුටිය තුළ දොරඟුලුලාගෙන කියන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ... පොළොව කොටන තැන නියර බඳින තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ... (නි)
කොයි කවදත් කෙරුණු සුපුරුදු දෙය මෙවර විතරක් නොකර කොහොමද? ඔහොම් යන් (නදී)
මැකෝ ගේ නියෝග සමහරු පිළිපදින්නේ නැහැ. අපිට ආරංචියි ඒවා නොතකා විශ්‍රාමිකයන්ට මොබිටෙල් ජංගම දුරකථන බෙදලා කියලා. (හේ)
මට සමා වෙන්න. නිදහස් හා සාධාරණ මැතිවරණයක් කියන්නේ මොකද්ද? (නදී)
ඔය මැකෝ කියන 'ස්වාදීන නිරීක්ෂකයෝ' ඉන්නේ කොහෙද ? උන් මේ බඩ වියත හොයා ගන්න අම්ම අප්පා උනත් පාවල දෙන අය නෙමෙයි කියන්න පුළුවන් කාටද? මැකොත් හරියට පිල්ලෙයි කෙනෙක් වෙන්න හදනවද? (නදී)
නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ (නදී)
රජය වෙනුවෙන් නැතුව වෙන කවුරු වෙනුවෙන් වැඩ කරන්නද? පඩි දීලා, ඕ ටී ගෙවලා, නිලවාහන, කොන්තරාත් වලින් කොමිෂන්, ඒ විතරක්යැ, වරෙන්තු කලාම ඒවායින් බේරිලා ඉන්න අවස්තාව ලබා දීලා තියෙද්දී ඒවාට කළගුණ සලකන්න එපා යැ. (නදී)
කඩුවෙල චන්ද පත්‍රිකා බෙදන්න හමුදා සාමාජිකයක් යොදවල කියල ආරංචියක් ආවා. මේවා හරිද ? (නදී)
මැතිවරණ කොමසාරිස්ගේ ඉල්ලීම හොඳයි. එහෙත් එය ක්‍රියාත්මකවේදැයි ඇත්තේ සැකයකි (නි)
සචිත්, රජයේ නාලිකාවක් කියන්නේ සෑම මිනිහෙකුටම පොදු දෙයක්.පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රටේ බදු මුදල් වලින් සහ සියලුම සාමාන්‍ය ජනයාගේ මුදල් වලින් යන නාලිකාවක්. කකුළුවා කෙළින් ගිහින් ඕනෑ පොඩි උන්ට කෙළින් යන්න කියන්න.කැපුවත් නිල් කැපුවත් කොළ නැතුව ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුරුදුවෙන්න. අන්ධ වෙන්න එපා.මිනිස්සු අන්ධ නැහැ.මිනිස්සු මෝඩ නැහැ. (නි)
ජනතාවට සිය උපරිමයෙන් කළා නම්, රට ජාතිය වෙනුවෙන් උපරිමය කළා නම් මොකටද රජයේ නාලිකා වැරදි විදියට හසුරන්නේ? වැඩේ කැතයි හොඳේ.. (නි)
මේ තීරණය නම් බොහොම හොඳයි, හැබැයි හරියට ක්‍රියාත්මක වුණොත් (නි)