මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව සහ තවත් ඉල්ලීම් රැසක් මුල්කරගෙන හෙට(22) උදෑසන 8.00සිට පැය 24ක වැඩ වර්ජනයක් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියයි.
මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව සහ තවත් ඉල්ලීම් රැසක් මුල්කරගෙන හෙට(22) උදෑසන 8.00සිට පැය 24ක වැඩ වර්ජනයක් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ විදිහට මෙහෙම රටේ උගත් බුද්ධිමත් අය හැසිරෙන්නේ...
වෛද්‍යවරුද? මාරයෝද? මිනිස්සුන්ට සේවය කරන්න නිදහස් අධ්‍යාපනයෙන් උගත් අයනේ... සයිටම් එක පටන් ගනිද්දි නැති ප්‍රශ්නයක්නේ දැන් තියෙන්නේ..ඒ කාලේ මේ අය කොහේ හිටියද?
රජයේ රෝහල් වල වර්ජනය තිබුණට, පෞද්ගලික රෝහල් වල සෞඛ්‍ය සේවාවන්, හා චැනල් සේවාවන් සුපුරුදු ලෙස කාර්යක්ෂමව සිදුවෙන නිසා රෝගීන් අපහසු තත්වයකට පත් වෙන්නේ නැහැ. මම නම් හිතන්නේ පැය විසි හතර වෙනුවට දින විසි හතරක වර්ජනයක් කළා නම් ඔය වර්ජනය මීටත් වඩා සාර්ථක කතර ගන්න හැකිවෙයි කියලයි...
ලෙඩුන්ගේ අයිතිවාසිකම් සඳහා සංවිධානයක් පිහිටවීමට යන බව ආරංචියි.
කාලින අවශ්‍යතා මත වහා නීති පැනවිය යුතුය. රජයේ වෛද්‍ය විද්‍යාලවල මහජන මුදලින් ඉගෙනුම ලබනවා නම් වැඩ වර්ජන බැහැ. ජනතා සේවය මිසක්....
රජයේ වෛද්‍යවරුන්ට උගත්, බුද්ධිමත් අය කියලා මෙවැනි තත්වයකදී දැන් කිව්වොත් එ්ක නියම උගතුන්ට සහ බුද්ධිමතුන්ට කරන අපහාසයක් කියලයි මට නම් හිතෙන්නේ..
ජේවීපී එකේ කට්ටියත් වැඩි සද්දයක් නැතිවම බොරදියේ මාළු ටික හිමින්සැරේ බාගන්නයි හදන්නේ එහෙමනේද? ඔහොම යං....
මොන වර්ජනේ තිබුණත් පස්ස දොරෙන් චැනල් කඩ ඇරලා. ඔය වර්ජන, ගර්ජන, තර්ජන ඔක්කොම දුප්පත් මිනිස්සු යන රජයේ ඉස්පිරිතාල වලට විතරයි!
ලංකාවේ වැඩිහරියක් දොස්තරලා වෙන්නේ ඒ උතුම් රස්සාවට ආදරයකින්, කැපවීමකින් වැඩකරන්න කැමති අය නොවෙයි. උසස්පෙළ විභාගයට මැරීගෙන පාඩම්කරලා A තුනක් ගත්තු පලියට හදවතින්ම රෝගීන්ට සේවයක් කරන්න මේ ළමයින්ගෙන් 90%ම කැමති නැහැ. එයාල කරන්නේ ජීවත් වෙන්න රැකියාවක් කරන එක විතරයි. ලංකාවේ ඕනෑම රෝහලකට ගිහිල්ල හොයල බැලුවොත් මම කියන්නේ ඇත්තද කියල බලාගන්න පුළුවන්....
මට තියෙන ප්‍රශ්නේ දොස්තරලාගෙන් සිදු වැරදි වලදී මේ GMOA එක කවදාවත් ඒවාට විරුද්ධව කතා කරලා නෑ. සමහර දොස්තරලා කාන්තාවන්ට හිරිහැර කළා. සමහරු දකුණු අතට වම් අත කැපුවා. සමහරු රාජකාරී වෙලාවේදී පුද්ගලික වෙදකම කරලා අහුවුණා. ඒ මොකකටවත් විරුද්ධව වැඩ වර්ජන තියා විරුද්ධව ප්‍රකාශයක්වත් කරලා නැති මේගොල්ලෝ ඇයි මේ ප්‍රශ්නෙදි විතරක් ලෙඩ්ඩු ගැන මෙච්චර කැක්කුමකින් ඉන්නේ ....
ඇයි වගකිවයුතු ඇමතිවරු සයිටම් ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැත්තේ...?
ඉස්සර දොස්තරලා කියන්නේ දෙවිවරු. එත් දැන් මේ මිනිස්සු කරන වැඩ දිහා බලන කොට සයිටම් ඕනෙ කියලා ඔප්පු වෙනවා..