(දයාසීලි ලියනගේ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් හෙට (15) සිට පැවැත්වීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අනෙකුත් වෘත්තීය සමිති කළ ඉල්ලීමක් මත කල්දැමූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහිව සඳුදා (15) සිට සේවයෙන් ඉවත්වී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබිණි.
තම සංගමය හා අනෙකුත් වෘත්තීය සමිති සයිටම් ආයතනයට විරුද්ධව ගනු ලබන වෘත්තීය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණු බවද හේරත් මහතා සඳහන් කරයි. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති තමන්ට සහාය දක්වන බව ද කී ඒ මහතා තම වෘත්තීය ක්‍රියාමාර්ගයට පෙර රජයෙන් මීට විසඳුමක් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
COMMENTS
අනේ කල් දාන්නවත් නවත්තන්නවත් එපා....කොහොමහරි වර්ජනය කරන්න. ලෙඩුන් මියයනකොට එයාලගේ නෑදෑ හිත මිතුරන් දොස්තරවරු ගැන වග බලාගනීවි. එතනට සමාජය තල්ලු කරලා පසුව සමාජයට දොස් කියන්න හදන්න එපා... මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තිබෙන බව වර්ජනය කරන හැමෝම සිහි තබාගත්තානම් හොඳයි.
ඇයි ඒ වර්ජනය නැවැත්තුවේ? රජයේ රෝහල්වල සේවය නොකර පෞද්ගලික රෝහල් වල පමණක් සේවය කරලා රෝගීන්ගෙන් මුදල් අයකරගෙන මැරෙන දවසට අරගෙන යන අය තමයි සමහර දොස්තරලා... කියලා නමට ඉන්නේ ...
ළඟදීම දොස්තරලා සෙට් එක රටේ ජනතාවගෙන් ගුටිකන එක වලක් වන්න බැරිවෙනවා.
තම අයිතීන් ඉල්ලන්න, අදහස් කියන්න, වර්ජනය කරන්න දැන් අමාරුයි . මරණ තර්ජන , බෝම්බ බිය. ඉල්ලපු වෙනස හෙවත් යහපාලනය.
ලගදීම දිනයක් දා ගත්තොත් හොදය. වර්ජනයට අපේ සහය. වර්ජනයට හේතුව හරියට දන්නා අය සහයෝගය ලබා දී. ගොන් කොම්මන්ට් දාන අයගෙන් {වෙනස සැපද} අසමු
අයියෝ , කල් දාන්න එපා, සයිටම් එක වහන්නෙ නැහැනෙ, කියපු විදියටම වර්ජනය කරන්නකෝ ...ඒ දවස්වල පෞද්ගලික රෝහල් වල විතරක් සේවය කරන්න. ප්ලීස්....
අනේ කොහොමහරි වර්ජනය කරන්න. මිනිස්සු දොස්තරවරු ගැන බලාගනීවි.
අනේ පව් ....බයවෙලාද.....මොලේ පෑදිලද......කුහක කම වෙසක් වලට ...හේදිලාද?
කරන්න ඕකත් මහා ලොකු වැඩක්ද , ඔය වර්ජනය කි පාරක් කරද ? ජනතාව දැන් හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ , රජයේ රෝහල් වර්ජනය කරන දිනයට පුද්ගලික බෙහෙත් ශාලා දවසෙම ඇරලානේ , ප්‍රශ්නයක් නැහැ , ආණ්ඩුවට ඕව හරියට බිරි අලියට විනා වාදනය කරනවා වගේ , ආණ්ඩුවේ මැති අමෙතිවරුන්ට ජනතව උන්නද , මලාද කියල වැඩක් නැහැ , ආණ්ඩුවට ජනතාව ඕනේ වෙන්නේ චන්දෙ කිට්ටු වුනහම , එතකොට ආණ්ඩුව එංගලන්තෙන් හරි දොස්තරලා ගෙනත් ලකුණු දමගනිවී
රජයේ ඉස්පිරිතාලවල වර්ජනයට ප්‍රථම පෞද්ගලික සේවා වැඩ වර්ජනය කලොත් මොකද? එතකොට මේ වෛද්‍යවරැන්ට බනින ගොඩ දෙනාට කට අරින්න බැහැ .
අනේ වර්ජනය කරන්න. මොකෝ මිනිස්සු දන්නවා දොස්තරලා කියන්නේ තවත් ආත්මාර්ථකාමී රැලක් කියල. ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්නන්න ඕනේ මුන්ට පාඩමක් උගන් වන්න.. අපේ රටේ උපාදිය දියුණු කියන රටවල කෙලින්ම ගණන් ගන්නේ නැහැ.
JVP යට ඕනෑ කර තිබෙන්නේ කාවහරි වර්ජනයකට තල්ලු කරලා ජනතාව අපහසුතාවයට පත් කරලා උද්ගෝෂණ කරලා කුමන මාර්ගයෙන් හෝ සැහෙන මිනිසුන් ප්‍රමානයක් මරවගන්න. ඊට පසු එම මල මිනි ටික කර ගහගෙන පාරවල් ගානේ පෙළපාලි යන්න. එහෙම වෙන කොට ජනතාව ඔවුන්ට බන්දේසියක තියල රටේ පාලන බලය භාර දෙවි කියල ඔවුන් සිහින දකිනවා. ඔවුන්ට දිගටම එම සිහිනය දිගේ යන්න ඉඩදෙමු.නමුත් කණගාටුවට කරුණ වන්නේ උගත් සහ යම් විනයක් තිබු දොස්තරලද JVP එකේ එම ලනුව දිගටම කාගෙන විනාශකාරී අමානුෂික වර්ජනවලට සහභාගී වීමයි. SAITM කියන්නේ මොකක්ද කියලවත් හරියට නොදන්නා අසරණ රෝගීන්ගේ ජීවිත සමගයි දොස්තරලා සෙල්ලම් කරන්නේ.
අනිත් අය මේ දොස්තරලට වඩා වගකීමක් තියෙන අය බව පේනවා .
සංගමයේ මහත්වරුනි ඔබතුමන්ලා හැමදෙනාම එඩ්ගාර් කේසි ගේ කියවීම්වල පරිවර්තන ඇසුරින් පළකර ඇති සංසර මන්දිර පොත කියවන්න එම පොතේ එක කතාවක කියනවා පෙර ආත්මයක අළුගෝසු තනතුරක හිටපු අයෙකු වසර දහසකට පසුව නැවත ඉපදීමක් ලබලත් ඔහු සිරකරුවන්ට දඬුවම් කල ආකාරයටම ඔහුටත් සිදුවුණා කියල මහත් වරුනි ඔබතුමන්ලා වර්ජන කිරීමෙන් කරන්නේ ආත්ම ගණනක් විපාක දෙන පාපකර්මයක්
අපරාදේ කල් දැම්මේ. මොකද බයයිද?
දොස්තරලා බයවුණ බෝම්බෙට ඒ කට්ටියත් බයවුණා...
දොස්තරලට තියෙන්නෙ ඔය විරෝධය අත ඇරල, සයිටම් එක කොටස් වෙළඳපොලට දැම්මාම කොටස් අරගෙන ඒක දියුණු වෙන්න ඉඩ දෙන එකයි. එහෙම නැත්නම් සයිටම් පටන් ගත්ත කෙනාව 2020 බලයට ගෙනත් සයිටම් එක පවරගන්න එකයි.
මේකේ අදහස් පල කරන්නේ හරක්ද මන්දා තමන්ගේ වලවල් තමන්ම කපා ගන්නවා. වෛද්‍ය සභාව ඉටු කරන්නේ ජාතික කර්තව්‍යයක් බවවත් මේ හරක්ට තේරෙන්නේ නෑ. මේ වැඩ වර්ජනයට සැවොම සහය දැක්විය යුතුයි. මේක අපේ අනාගත පරපුරවල්වල දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කීරීමක්. මේකට දේශපාලන බේදයකින් තොරව සහය දිය යුතුයි.
2011 ඉතාලි වෛද්‍යවරු වැඩ වර්ජනයක් කෙරුවා. ඒ තමයි මගේ අවරුදු 20ක ඉතාලි ජීවිතේ එදා මෙදා තුර දැක්ක එකම වැඩ වර්ජනය මුළු ඉතාලියම අකර්මන්‍ය වුණා. ඒ වැඩ වර්ජනය කෙරුවේ උතුම් මානුෂීය හේතුවක් නිසා ඒ මන්ද? ඉතාලියේ රැඳීසිටීමේ බලපත්‍ර නැති අයට රජයේ රෝහල් මගින් ප්‍රතිකාර නොකරන්න ආණ්ඩුව චක්‍ර ලේඛයක් ගෙනාවා. එය වෛද්‍යවරු කෙසේවත් අනුමත කලේ නෑ. ඔවුන් කියා සිටියේ රෝගී වූ පසු මිනිසුන් වර්ග කිරීමක් නොකර ප්‍රතිකාර කිරීම සහ අනෙකුත් සියලු සේවා සැපයීම ඉතාලි රජය විසින් කලයුතු බවයි. (කුරුණෑගල පැත්තේ රෝහලක හෙදියන් පිරිසක් වැඩ වර්ජනයක් කලා මට මතකයි. තමන් කාපු පිඟාන හෝදන්න බෑ කියලා අපි කොතනද ඉන්නේ කියලා බලා ගන්න ඔබට බාරයි)
වර්ජනය කරමින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට මරණිය දණ්ඩනය දෙන්නේ... ඔය සයිටම් එක පටන් ගන්නත් කලින් .. අපට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඕනේ කියමින් රටේ මිනිස්සු උද්ඝෝෂණය කල නිසාද? මේ රටේ ජිවත්වන අසරණ මිනිස්සුන්ගෙන් 80% ක් සයිටම් එකක කියලා එකක් මේ රටේ තිබෙනවා කියලා දැන ගත්තෙත් දැනට අවුරුද්දක විතර ඉඳන් සයිටම් එක පටන් ගන්න පිඹුරුපත් හදන කාලේ ඉඳන් වෛද්‍ය සංගමය ඕක ගැන දැනගෙන හිටියා... ඔය සයිටම් එක වැහුවත් දොස්තරලා තව අලුතෙන් මොකක් හරි එකක් අල්ලාගෙන වර්ජන කරනවා.. වර්ජන කරන දවස්වල පුද්ගලික බෙහෙත් ශාලා වලින් වෙනදා හොයනවා වගේ දෙතුන් ගුණයක් ලාභ ලබාගන්න පුළුවන්... කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ ඕවා නවත්වන්න පුළුවන් වෙන්නේ ගෝඨාභය හෝ සරත් ෆොන්සේකා වැනි අයෝමය හස්තයකින් මේවා පාලනය කල හැකි කෙනකු තිරය පිටුපස සිට මෙම කඩාකප්පල් කාරී ක්‍රියා පාලනය කලොත් පමණි
දොස්තරවරු පත්වීම් අරන් මුලින්ම ඔය යන්නේ පෞද්ගලික සායනයක් කොහෙද දාන්නේ කියලා බලන්න..... දෙවනුව තමා රෝහල්වලට යන්නේ.. සයිටම් කියන්නේ මොකක්ද කියලවත් අපේ අම්මල ආච්චිලා දන්නේ නැහැ..
දොස්තරලා බයවෙලා ඉන්නේ තමන්ට ලැබිලා තියෙන වරප්‍රසාද අඩුවෙයි කියලයි මං නම් හිතන්නේ. ලංකාවේ සෑම හන්දියකම දැන් ආණ්ඩුවේ දොස්තරලගේ ඩිස්පැන්සරි තියෙනවා. තව තවත් දොස්තරලා වැඩි වුණොත් එයාලට ප්‍රයිවට් වැඩ අඩුවෙන නිසා තමයි මේ වගේ අසාධාරණ වැඩ වර්ජන කරන්නේ...