(අංජුල මහික වීරරත්න)
රජය කළ යුත්තේ වෘත්තීය සමිති සමඟ හැප්පීම නොව ප්‍රශ්න හඳුනාගෙන ඔවුන් සමග ගනුදෙනු කිරීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ජාතික ආර්ථිකයට වැඩියෙන් දායක වන අයට වඩා අඩුවෙන් දායක වන අය වැඩි වරප්‍රසාද ලබන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ලංකා සමාජවාදී කම්කරු සමිතියේ පනස්වන සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
මෙම සැමරුම් උත්සවය කෝට්ටේ නගර ශාලාවේදී පැවැත්විණි.
"දේශපාලඥයින් සහ වෘත්තීය සමිති ගැටෙන්න අවශ්‍ය නැහැ.ගැටලු නිරාකරණය කරගන්න අවශ්‍ය විශ්වාසය සහ විසඳා ගැනීමට මාර්ග නිර්මාණය කිරීමේ හැකියාව දේශපාලඥයින් සහ වෘත්තීය සමිති අතර තිබිය යුතුයි .
බොහෝ ගැටලු සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදීව හවුල් වී කටයුතු කිරීමෙන් නිරාකරණය කළ හැකියි යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් මොලේ පෑදුනා ,කම්කරු පක්ෂ නායකයෙක් වෙලා.ධනවාදයට කඩේ යන්නේ නැතිව කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න. am පෙරේරා පෙන්නපු ඒ හයිය විනාශ කරන්න දෙන්න එපා.ඔබ කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න.සම සමාජයක් ගොඩ නගන්න කැප වෙන්න
කඹුරලා කඹුරලා නහර පණ නැති අවසාන කාලේ මොලේ පෑදිලා වගේ. ඕවා අපට කියන්නේ කැබිනට් එකේදී කතාකරලා ඇමැතිලාට හරිදේ කරන්න කියන්න. හැබැයි තමුන් මළදාට රතිඤ්ඤා පත්තු කරන එක නම් නතර කරන්න බැරිවෙයි ඔය කතාවලට...!
මෙයාගේ මොලේ කිසිම අවුලක් නැහැ... දැන් ඡන්දෙ කිට්ටුවෙලා, හැමදාම මෙයාට සමාජ වාදය මතක් වෙන්නේ ඡන්දේ කිට්ටු වුණාම... ඡන්දෙන් පස්සේ V8 නැග්ගා ගියා..
JR සමග වෘත්තීය සමිති හැප්පෙන්න ගිහිල්ලා ගොයියෝ පාඩම් ඉගෙන ගත්තා නේද? වෘත්තීය සමිති එක්ක කටයුතු කිරීමේදී JR මෙන් කටයුතු කරන්න කියලා කියන්න. දැඟලුවොත් රස්සාවෙන් දොට්ට. යන ප්‍රතිපත්තියේ ඉන්න... වැඩ කළොත් පඩි ගෙවනවා. නැත්තම් නැහැ...!
කතාව සමාජ වාදය .නමුත් කන්නේ බොන්නේ ,වැඩ කරන්නේ ධනවාදීන් එක්ක .බොරළු ගොඩ බලු සිංහයා