(නිමල කොඩිතුවක්කු)
වත්මන් රජය රටට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව සමඟ භික්ෂුන් වහන්සේ පාරට බැස දැවැන්ත විරෝධතාවයක් ක්‍රියාත්මක කරන බව පැවදිහඩ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී පැවැසූහ.
රටට වින කටින සියලූ පිරිස් පලවා හැරීමට මහා සංඝරත්නය ප්රමුඛ සියලූ දෙනා පෙරට ආ යුතු බවත ඒ සදහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලූ දෙනාට ආරාධනා කර සිටින බවද උන්වහන්සේ සදහන් කළහ.
පැවදිහඩ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද කීහ.
‘‘මේ රජයේ වැඩපිළිවෙල යටතේ රට දිනෙන් දින වලපල්ලට යනවා. මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබ`ද කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. තිස් අවුරුදු යුද්දයක් පැවතියාට වඩා අද ජනතාව බියෙන් සැකෙන් ජීවත්වෙනවා.මුලූ රටේම ජනතාවගේ සහභාගීත්වයෙන් අපි මේ රජයට විරුද්දව දැවැන්ත විරෝධතාවයක් ක්‍රියාත්මක කරනවා. පැවදි හ`ඩ සංවිධානයේ මෙහෙයවීමෙන් අපි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාටත් අපි ඒ ස`දහා ආරාධනා කර සිටිනවා.
කොච්චර හදිසි නිතිය තිබුනත් අපි මේ සටන අතහරින්නේ නැහැ. අපි මේ ආණ්්ඩුවට විරුද්දව පාරට බැහැලා දැවැන්ත විරෝධතාවක් ක්රිටය්ත්මක කරනවා.
අපි මේ කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙමෙයි. මේ පියවර ගන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුයි. අද ජනතාව අපිට කියනවා හාමුදුරුවෝ මොනවත් කරන්නේ නැහැ සියලූ දේ කරන්නන්් කාදිනල් තුමා කියළා. අපිත් දැන් ඉවසුවා ඇති ඉදිරියේදි ක්‍රියාත්මක වෙනවා.ජේ. ආර් ජයවර්ධන මහතාගේ කාළයෙය්ත් හදිසි නිතිය දාලා මැයි දින තියන්න එපා කිවුවා. ඒත් අභයාරාමයේ අපි මැයි දිනයක් පැවැත්වුවා. මෙවරත් අපි ඒ තහනම් නියෝග පැත්තකට දාලා ජනතාව සමග මේ සටන ඉදිරියටම ගෙනියනවා.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ නිදහස් කරගැනිමට කරන්න පුලූවන් හැම දේම මේ වනවිට අපි කරලා තියෙනවා. පසුගිය දිනවල අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අවස්ථා කිහිපයකදීම මේ ගැන හමුවි සාකච්ඡා කළා. ඒ හෑම අවස්ථාවකදිම ජාත්‍යන්තර බලපෑම් තියෙනවා කියලා ජනාධිපතිවරයා මේ ප්රශ්නය යටගැහුවා.රටේ පාලකයා වුනාට මෛත්‍රිපාල සිරිසේන මහතා ගැන තුට්ටුවක විශ්වාසයක් අපේ නැහැ. ප්‍රතිපත්තියක් නැති ජනාධිපතිවරයෙක් තමයි අද අපිට ඉන්නේ. මේ කියන එක එතුමා මේ වෙනස් කරනවා.
සිරිසේන මහතා පහුගියදිනවල මහින්ද රාජපක්ෂ මහත්තයට එකතු වෙලා කුනු හෝදගත්තා. එතුමා හැමදේකින්ම ජනතාව රැවැට්ටුවා මිසක් ජනතාවට යහපතක් කළේ නැහැ’’ යැයිද උන්වහන්සේ එහිදි පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ දේශප්‍රේමයයි කාදිනල් තුමාගේ දේශප්‍රේමයයි අතර වෙනසක් තියනවා. පුළුවන්නම් දක්ෂයෙක් කියන්න බලන්න ඇයි හේතුව කියලා? චොක්ලට් එකක් දෙනවා.
කල දුටුකළ වල ඉහගන්න හදන්නේ...
මේ යකාට පිස්සු හැදිලා රාජපක්ෂලා බලයට ගෙන ඒමට .
අවසරයි අපේ හාමුදුරුවනේ. ඔය කතාව අහල අහල දැන් ඇතිවෙලා තියෙන්නේ. අර කලින් කියපු භික්ෂු හමුදාව තවම හදා ගන්න බැරිඋනාද?
අනේ හාමුදුරුවනේ සංඝ සමාජය කරන්නේ හෙද සංඝමය නොවේ.... ඔබ වහන්සේ හෙද සංගමය හරහා මිනිස් ජීවිත ප්‍රාණ ඇපයට ගත්තා... මේ රටේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලා බොදු සමාජය වෙනුවෙන් විශාල සේවයක් කරනවා..... ඔබ වහන්සේ වගේ දේශපාලකයන්ට කඩේ යන්නේ නෑ... හාමුදුරුවනේ තමන්ගේ වගකීම තේරුම් ගන්න එක එකාට කඩේ යන්නේ නැතිව...
අපත් ඔබවහන්සේලා සමඟයි , එදත් අදත් මතුවටත් ලංකාවට සහ එහි ජනතාවට මග පෙන්නන්න හිටියේ ඔබවහන්සේලා පමණයි , ගරු කාදිනල්තුමත් එකතුකරගෙන ජනතාවට නායකත්වය දෙන්න, මේ සට කපටි පාලකයෝ අපේ ජිවිත තුට්ටුවකට දාල උන්ගේ ඡන්ද සටන කරනවා, බයවෙන්න එපා මළොත් ලක්ෂයක රක්ෂණයක් දෙනවා දරුවා පාසල් එවන්න කියන දුෂ්ට නායකයෝ ඉන්නේ මේ ජාතික ව්‍යසනය මතින් අපට හොදට පේනවා .. කරුණාකරලා දේශපාලන මතිමතාන්තර අතහැරලා මුන්ට එරෙහිව පාරට බසිමු , පක්ෂ තියෙන්නත් රටක් තියෙන්න ඕන බව තේරුම් ගමු
මහණෙක් රහත් වෙන්න ක්‍රමය සොයා ගන්නේ නැතිව පාරට බහින්නේ මොන කෙන් ගෙඩියකටද. ඕක කරන්න ඕනෑ තරම් ගිහියෝ රටේ ඉන්නවා.
පාරට බහින එක මෙයට අමුතු දෙයක් නෙමේ . මෙයා හදන්නේ හමුදාවේ වැඩ පිළිවෙල නවත්තන්න . රට විනාශ වීම මෙයාගේ පරමාර්ථය
පොහොට්ටුව රජවෙනකන් ඔහොම යං...!
හාමුදුරුවනේ සාකච්චා දීමෙන් පලක් නැත. එන්න පෙරට. දෙන්න බෞද්ධයන්ගේ අත කාර්දිනල්තුමාට. පැහැදිලිවම දෙන්න උපරිම සහයෝගය. අවදිකරන්න අලුත් හඬක්. මේක සිංහල බෞද්ධ රටක්. සිංහලයෝ විදිහට ඒ රට රැකගැනීම අපේ යුතුකමයි.
ඔබ වහන්සේ ලොකු නින්දකින් අවදි වෙලා වගේ. කමක් නෑ දැන් හරි පාරට බහිනවානම්. හැබැයි බලාගෙන බලය තියෙන්නේ සුළු ජාතීන්ට. එනිසා එක දවසක් පාරට බැහැල වැඩක් නැහැ.
"මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාටත් අපි ඒ සඳහා ආරාධනා කර සිටිනවා " ආයෙත් අභයාරාමෙ උන්නැහෙට මතක් වෙලා වගේ ! අය්යෝ මගෙ රට !!
කියලා විතරක් මදී...... කරන්නත් ඕනේ..... අගරදගුරුතුමා කට අරිනකම් සේරම දොයි....
මේගොල්ලන්ට අගරදගුරු තුමාගෙන් ඉගෙන ගන්න බොහෝ දේ ඇත. අඩුගානේ කඩේයන එකවත් නතරකර ගත්තොත් ලොකු දෙයක්.
හප්පේ කොහෙද මෙච්චර කල් හිටියේ අපි එත් බැලුවා……………..
පින් සිද්ධවෙයි හාමුදුරුවනේ , බුදුන් වහන්සේගේ විනය නීති ටික පිළිපදින්න, එතකොට රටත් සාසනෙත් දෙකම බේරෙයි .සිවුරු උස්සගෙන ,කළුපටි බැඳගෙන පාරේ කෑගහන එක උපසම්පදා භික්ෂුවකට නුසුදුසුයි. අතලොස්සක් හාමුදුරුවරුන්ගේ එවැනි හැසිරීම් වලින් සමස්ත සාසනයටම වෙන්නේ අගෞරවයක් .ජවිපෙ කට්ටිය තරුණ හාමුදුර්වන් වහන්සේලා ටික නොමග යවනවා ,ඔබවහන්සේ ලා ??
අපේ කාදිනල් තුමාගෙන්වත් යමක් ඉගෙන ගන්න හාමුදුරුවනේ.
මේ ආණ්ඩුවේ කොඩිවිනය ජනධිපති තුමා. එතුමාට අස්වීමට බල කරන්න. එවිට මේ රටට කලක් යයි . පටු දේශපාන අරමුණු වෙනුවෙන් පාරට බැසීමේ තේරුමක් නැත. ඔබ වහන්සේ සැමවිටම රට වෙනුවෙන් පාරට බහින කෙනෙක් නොවන බව බහුතරයේ විස්වාසයි.
ආයෙම රට අවුල්කර මහින්ද මහතා බලයට ගෙන එමු.....
මේ වෙලාවේ රට තවත් අවුල් කරන්න එපා. ළඟදී එන ඡන්දයෙන් ආණ්ඩුවක් පත් කරගන්න පුළුවන්. අපිනම් ඔයගොල්ල පස්සෙන් එන්නේ නැහැ.
මහරජා ආපසු අසුන්ගත කරන්නද අපේ හාන්දුරුවනේ ??
මෙව්වාත් මේ .. රජයට , ජාතික ආරක්ෂාවට කරන තර්ජන නේද ...? ඇයි මේ නිහඬව බලාගෙන ඉන්නේ .. ? ත්‍රස්ත ප්රහාරයක ගොදුරක් වූ අපේ රට , මනුස්සයෝ භීතියට පත්වෙලා ඉනා අවස්ථාවක අපේම පුජකයන්ගෙන් අපි මෙවැනි තර්ජනද ලැබෙන්නේ ..? මෙව්වා අපි , අපේම අයගෙන් බලාපොරොත්තු විය යුතුද ?
ගැම්මෙන් නුවනින් කියවීමෙන් චාම් බවෙන්
ඔබතුමා නං තමන්ට වාසි වෙනවා නම් ඕන වලකට වුනත් බහින්න සුදානම් කෙනෙක් බව අපි දන්නවා එත් අපට කනගාටු සිවුර අපවිත්‍ර කරන එක ගැනයි!
මළමිනී උඩින් දේශපාලනය කරන තවත් එක්කෙනෙක්. ජනතාව ගැන හිතනවානම් හෙදියන්ට වර්ජනය කරන්ඩ කියල ඊළඟ දවසේ වර්ජනය සාර්ථක කියල ප්‍රකාශ නිකුත් කරෙයිද?
ගරු ස්වාමින්වහන්සේලා දේශපාලකයන්ට ආවඩන එක නවතා දමන්න කාලේ හොඳයි නේද ? කාදිනල් තුමාගේන්වත් ආදර්ශයක් ගනිමු . දර්ශනයක් වූ බුදුදහම පහලට යන්න දෙන්න එපා.
සර් ජෝන් කොතලාවල ශ්රීමතාණනි ඔබ මට සිහිවෙනවා. හා ගහන්න අප්පුඩියක් හෝ !! හා !!! .......... පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා .........
හාමුදුරුවනේ. අපිත් පොහොට්ටුවේ නමුත් මේ වෙලාවේ මහින්ද මහතාව ආදර්ශයට ගන්න, ඔහු පාරට බහින්නේ නැතුව අවශ්‍ය විස්තර හොයලා ජනපතිට සහ අගමැතිට දෙන්න කතාකරනකොට ඔබ පාරට බැහැලා මොකද මේ කරන්නේ. නියම නායකත්වය හඳුනාගන්නනම් කාර්දිනල්තුමා සහ මහින්ද මහතා දිහා බලන්න.
අර එක පවුලක් වෙනුවෙන් නේ ඔය සේරම. ඔබ වහන්සේ කිසැරයක් නම් ඔය වගේ පාරට බැස්සද? කොළඹ 7 විශාල පන්සලක හිමිකාරත්වය ලැබුණ එක හැරෙන්න රටටවත් ශාසනේටවත් සිද්ධ උන යහපතක්නම් පෙනුනේ නැහැ.
අපේ හාමුදුරුවනේ මතක ඇතිව තිබ්බටුවාවේ මහනායක ස්වාමීන් වහන්සේ ඉස්සරහින්ම වඩම්මවන්න අමතක කරන්න එපා....
ඔබ වහන්සේ පාරට බහින්න හදන්නේ ගලබඩ හාමුදුරුවෝ නිදහස්කරගන්ඩද ? රටත් සුන් . අපේ බෞද්ධ සාසනෙත් සුන්. ඔබ රට වෙනුවෙන් නොව දේසපාලන වාසි වලට වැඩ කරන බව මෙයින් හොදට පේනවා...
කාට මොනවා කිවත් ගලබඩ හාමුදුරුවන්ට මුකුත් කියන්න එපා, උන් වහන්සේ එදා කිව දේ ඇහුවනම්, ඇහැට ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවා ජාතියේ හතුරන් ගැන.