පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රජයේ මෙන් විශ්‍රාම වැටුප් ලබාදෙන ක්‍රමයක් රටේ තිබේ නම් රජයේ රැකියාවලට ජනතාවගේ පොරය ඉවරවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහාතා හික්කඩුවේ ජනපති නිලමෙහෙවරට පැවති උත්සවයේදි පැවසිය.
මෙවැනි ක්‍රම ගැන අලුතෙන් රජයක් හැටියට සිතිය යුතු බවද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝටම ඕනෑ මහලු වියේදී කාටවත් අතනොපා ජිවත්වෙන්න. වැඩිහිටියන්ට සළකන සංස්කෘතියක් අපිට තියෙනවා වුණාට ලංකාවේ මුල්‍ය ක්‍රමය හැමෝම සතුටුවෙන විදියට හැදිලා නැහැ. යුරෝපා අධිරාජ්‍යවාදයේ මානසිකත්වය රාජ්‍ය පරිපාලනයේ තියෙනකන් විසඳුමක් හොයාගන්න අමාරුවෙයි. ලංකාවේ පරිසරය සහ සංස්කෘතියට හරියන මුල්‍ය ක්‍රමයක් අවශ්‍යයි. වයසට ගිහිල්ලා ආගම දහම ගැන හිතන්න හරි කාලා බීලා ජීවත්වෙලා ඉන්න ඕනෑ. (නි)
කරපු දෙයක් පෙනෙන්න නැහැ. කරන දෙයක් දකින්න නැහැ. සාක්කු සල්ලි වලින් පුරවනවා කිව්වා. ආවට පස්සේ කරන්නේ බදු ගහන එක පමණි. විශ්‍රාම වැටුප් කපලා දාලා. ඉන්ෂුවරන්ස් වගේ දේවල් තමා ජනතාවට පිරිනමන්න හදන්නේ. (නි)
ඇයි විශ්‍රාම වැටුප විතරක්? රු.10000ත් වැඩිකරන්න වෙනවා (නි)
වසරකින් රට කන දේශපාලුවන්ටත් දෙන එකේ රටට යමක් කරන අයට විශ්‍රාම වැටුපක් දෙන එක සාධාරණයි. (නි)
විවේචනය හරි පහසුයි. කිරීම හරි අමාරු දෙයක්. වැරදි පෙන්වාදීම හොඳයි. ද්වේශයෙන්, පක්ෂ පාට වලට ගැතිකමින් අදහස් දැමීම හොඳ නැහැ. ඇත්ත ඇතිසැටියෙන් දකින්න ඕනෑ. (නි)
මහජනයාගේ බදු සල්ලි වලින් සැප ජීවිත ගතකරනවා. මැති ඇමති ගණන අඩුකරන්න. (නි)
තව දෙයක් කරන්න පුළුවන්. රජයේ සේවකයන්ටත් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබුනා නම්, රජයේ සේවයට තියෙන අනවශ්‍ය ඉල්ලුම තරමක්වත් අඩුවෙනවා (නි)
වැඩේ හොදයි. හැබැයි ඊපීඑෆ් එකට අත තියන්නේ නැතිව. (බ)
ඉස්පිරිතාලෙක බෙහෙත් නෑ, පුළුන් ටික නෑ වෙලාවට, තව කතාකරන්නේ 'විශ්‍රාම වැටුප් " ලබාදෙන්න. කාව රවටන්නද මෙයාල කතා කරන්නේ, ඉස්සර එක දෙස්පාලුවෙක් කීවා "හඳෙන් හරි " ගෙනත් දෙනවා කියාලා. (බ)
ඊටීඑෆ් එකට වගේ කැරකෙන්නේ, (බ)
නමුත් අයිස් ගහන්න නම් බැරිවෙයි (නි)
හැබැයි ඒ කතාව නම් ඇත්ත තමයි (නි)