නව රජය ඉදිරිපත් කළ අයවැයෙන් මන්ත්‍රීවරුන්ට දුන් පොරොන්දු කඩකැර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හොරණ දී කීවේය.
‘‘අලුත් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් මන්ත්‍රීවරයකුගේ රුපියල් ලක්ෂ 50ක ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 100 දක්වා වැඩිකරනවා කිව්වා. නමුත් දැන් ජූලි මාසයත් ලංවෙලා ඒ පොරොන්දු ඉටුකරලා නැහැ. මේ වර්ෂයේ විමධ්‍යගත අරමුදල් ලැබෙන බව පේනතෙක් මානයකවත් නැහැ. අපේ යෝජනා අරගෙන සල්ලි දෙන්නේ නැහැ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මුදල් ඇමතිතුමාත් මේ ගැන සොයා බැලිය යුතුයි. මන්ත්‍රීවරුන්ට ගමට නගරයට වැඩක් කරලා ගෞරවය ආරක්ෂාකරගන්න මේ විමධ්‍යගත අරමුදල් ලැබිය යුතුයි.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිවරණයෙන් පසු ව තනි පක්ෂයක් හැටියට ශ්‍රීලනිපය එකාවන් ව සිටියා නම් ඔවුනට මිට වඩා ශක්තියකින් වැඩ කළ හැකි ව තිබුණා. එහෙත් අප්පොච්චි මළා කියමින් ඇමතිකම් ලබා ගැනීමේ අවස්ථාවාදී සිතිවිල්ලෙන් පක්ෂය කඩා ගෙන යාමට තැත්කිරීමෙන් සිදුවුයේ මෙරට දේශපාලනය අස්ථාවර වීම ය. ඔබ කියන දේ සිදු වුයේ මේ නිසා ය. එජාපයේ දැනට සිටින නායකයන් පටු අන්දමින් සිතන හැටි මේ ටික කාලය තුල දී පවා අපි සැම දුටුවෙමු. දැන් ඕවා ගැන දුක් වී වැඩක් නැත. ගිය හකුරට නාඩා තියෙන හකුර රැක ගන්නා විධියක් බලමු.(බ)
එතකොට මන්ත්‍රීලා ජනතාවට දුන්නු පොරොන්දු? (නදී)
ශාන්ලා වගේ කට්ටිය ලංකාවට ළඟදි ඇවිල්ලා නැහැ වගේ. ලංකාවේ මහින්ද මහත්තයා කරපු හොඳ පිළිගන්න. (නි)
යහාපාලනය සනීපයි නේද? කෑවා නම් දැන් ගිලින්නයි තියෙන්නේ. මහින්ද මහතා සමඟ ඒකරාශී වෙමු. ඊට කාලය පැමිණ ඇත (නි)
ශ්‍රී ල නි පෙට පුළුවන්නේ ඕනෙම වෙලාවක පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය ලබාගන්න , මොකද නිකන් බලන් ඉන්නේ කරලා පෙන්වන්න (නදී)
හරි එතකොට පසුගිය ආණ්ඩුව කාලයේ ඔබට ලැබුන ප්‍රතිපාදන වලින් වත් ඔබ නම් වැඩක් කළා කියල අපිට පෙනුනේ නැහැ. ඒ කාලයේ චන්දය අස්සෙත් නහයෙන් අඬ අඬ හිටියා. (නදී)
ඔබතුමා දැන් ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ අඬවැඩියාවට. ප්‍රතිපාදන දෙන්න නැතිව ඇත්තේ මහින්ද මහතා ඇති තරම් ප්‍රතිපාදන මන්ත්‍රී වරුන්ට දෙන්න ගිහින් අන්තිමේ ගෙදර යන්න සිද්ධ වුන හැටි වර්තමාන පාර්ශවයට හොඳට පෙනුන නිසා වෙන්න ඇති. (නදී)
ඇයි දැන් පවුලේම කෙනෙක් ජනාධිපති ජේෂ්ඨ උපදේශක වෙලා ඉන්දෙද්දී එයාට ඔය ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ නැත්තේ ?මහජනතාවට ඕවා කියල වැඩක් තියනවාද ? ඔබතුමන්ලා අදාළ අයට කතා කරලා ඔය ප්‍රශ්න විසඳා ගන්න. ඡන්ද දායකයන්ට ගිහින් ඒගොල්ලන්ට කතා කරලා ඔය ප්‍රතිපාදන ටික ඔබේ අතටම ගෙනත් දෙන්න කියලාද කියන්නේ. (නදී)
ඕවා ඉතින් මහා ජනතාවට නම් පුරුදුයි. ඔබතුමාලා ඔතනට ඇවිල්ල කරන්න්නෙත් ඕකමනේ. මහා ජනයා රවට්ටන එක. (නදී)
ඒ කාලයේ ඔබතුමා ගමට කල වැඩ ටික ගැන කියලාම ඔය ප්‍රකාශය කළා නම් වැඩිය හොඳයි . අපි නම් මතක එදා තිබුන ආණ්ඩුවටත් මේ වගේ ම කන් කෙඳිරි ගාගෙන හිටියා විතරයි. (නදී)
ප්‍රතිපාදන ඉල්ලන්න කලින් ඔබතුමාලගේ අභ්‍යන්තර ප්‍රශ්න ටික විසඳ ගන්න. ඇයි බැරිද ජේෂ්ඨ ජනාධිපති උපදේශකතුමා ලව්වා ඔය දැවෙන ප්‍රශ්න විසඳා ගන්න. (නදී)
මෙතුමාලට ප්‍රතිපාදන නැති නම් මේ ලෝකේ වැඩක් කරගන්න බැහැ වගේ. මහජන සේවාවක් කියන්නේ මුදල් මතම තීරණය වන දෙයක් නෙවෙයි මන්ත්‍රීතුමනි. ඒක ඔබතුමන්ලා තවමත් තේරුම් නොගැනීම කණගාටුයි. (නදී)
ඔබතුමන්ලාගේ ආණ්ඩුව තිබුන කාලයේත් , එදත් ඔබතුමා කලේ ආඩපාලි කියමින් කතා පවත්වපු එක විතරයි. මතක නැද්ද ඒ දවස් වල තමන්ට කුඩම්මා ගේ සැලකිලි කියමින් නහයෙන් අඬපු හැටි, මට පේන්නේ ඔබතුමාට කොයි ආණ්ඩුවත් හරි යන්නේ නැහැ වගේ. (නදී)
ප්‍රතිපාදන නැත්නම් අත කැඩිලා වගේ ඇති. ඉස්සරත් මේ හිතේ හැටියට ප්‍රතිපාදන තිබුනාද? එහෙම තිබිලා ඔබතුමන්ලා හරියට වැඩක් කළා නම් ලොකු මහත්තයාට ගෙදර යන්න වෙන්නේ නැහැ කියන එකයි මගේ පුද්ගලික අදහස (නි)
ප්‍රතිපාදන ලැබෙන්නේ නැති නම් අර ගීතා නෝනා වගේ ප්‍රසිද්ධ රැස්වීම් වලට ඉල්ලීම් ඉදිරිපත් කරමින් කඩන් පැනල හරි , හර්තාල් කරලා හරි ඒවා ඉල්ලා ගන්න. (නදී)
මේ මන්ත්‍රී තුමාගේ ආසනය රැක ගැනීමේ උපාය මාර්ගය තමයි ප්‍රතිපාදන නොලැබීම නිසා මට ගමට වැඩක් කර ගන්න බැරි වුනා ඒ නිසා මට මේ පාරත් ඡන්දෙ දෙන්න. අපේ ආණ්ඩුවක් ආවාම ඔක්කොම වැඩ ටික කරලා දෙන්නම් ! හරි නේ ? (නදී)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතිලු. (නි)
ප්‍රතිපාදන තිබුන කාලයේත් කලේ මෙහෙම ප්‍රසිද්ධ රැස්වීම් වල ආඩපාලි කිය කියා ඇවිදපු එක විතරයිනේ. (නදී)
අපි මෙතුමාට හොරණින් උපහාර උළෙලක් පවත්වමුද? (නි)
ඔව් ඔව් ..! දැන් පොකට් එක බාගයක්ම හිස් වෙලා කියල අපිට පෙනෙනවා..ප්‍රතිපාදන කියල මොරදෙන්නේ ජනතාවට ගමට වැඩකරන්න ඕනේ කියල ඒ මුවාවෙන් ගසාකන්න. රටේ හැමතැනම මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම ඉල්ලා ගත්තේ නොවිදිනා දුක් විඳලා ..මහමග ගස්වලට නැගල ..ගමේම මිනිස්සු පාරවල් වල උද්ගෝසන කරලා. ඔහේලට ඔය කියන තරම් හදිස්සියක් තියෙනවා නම් ජනතාවට උදව් කරන්න අර ලෝකේ දුප්පත්ම ජනාධි පතිවරයා වගේ තමන්ගේ දීමනා නොගෙන ජනතාවට සේවය කරන්න. පඩියක් නොගෙන දීමනා නොගෙන. (ස)
පොරොන්දු කඩකරලා. හැමතැනම තත්වය ශෝචනීයයි. (නි)
තවම ආණ්ඩුවේ දවස් සීය පහුවුණා විතරයි.අවුරුදු 10 ක හොරකම් හොයාගන්න වෙලාවකුත් නැහැ (නි)
උපහාර තියෙන එක හොරනට අරහං. කලකට ඉහත ජොනී කියලා අහිංසක නාට්ටාමි කෙනෙක් හිටියා. නලරේ පිරිසක් එකතුවෙලා ජොනීට උපහාර කියලා ලොකු උත්සවයක් තිබ්බා.මේක නිසා රටපුරා මැති ඇමතිවරුන්ට තිබ්බ උපහාර උත්සව නැවතුනා. (ස)
තුමා බොරු සෝබන එපා. මේ පාර්ලිමේන්තුව වහාම විසුරුවිය යුතුයි. අැයි මේ වෙනුවෙන් ජනමතයක් ගොඩ නගන්නේ නැත්තේ? අපිට හොරු තක්කඩි එපා. (ස)
රජය පොරොන්දු දෙන්න ඕනෑ ජනතාවට. මන්ත්‍රීවරුන්ට නොවෙයි. (නි)
"නටන්න බැරි මිනිහට පොළව ඇදයි කිවලු" අපි දන්නවා ඔයාලා මොකුත් කරන්න බැරි බව. මහමතිවරණේදී බඩ බේරගන්න දරන වෙහෙසක් (ම)
අනේ ඕක මොකක්ද මන්ත්‍රීතුමා? ඔබතුමාලා ජනතාවට දුන් පොරොන්දුත් කඩන එකේ.(ම)
ජනපතිවරණයට කලින් සමාජ අසාධාරණයට එරෙහිව ඔබේම පක්ෂය ගැන ඔබට තිබුණ සාධාරණ විවේචන එකපාරටම නැතිවුණේ පුදුම විදියටනේ. මේවා ගැන මතුගම ජනතාවත් කල්පනාවෙන් ඉන්නේ හොඳේ. (ම)
ඔබතුමා නිවැරදියි. කෙලින් කතා කිරීමට කොන්දක් තිබෙන්නේත් ඔබතුමාට පමණයි. මන්ත්‍රීවරුන්ට පොරොන්දු වූ මුදල් දෙනවා තබා මේ ආණ්ඩුවට සේවක වැටුප් ගෙවන්නවත් සල්ලි නැති බව ඔබතුමා දන්නවානේ.? ඒ විතරක්ද දෙනවා කියා කිවුව අනිත් දේවල් එකක්වත් දුන්නේ නැහැ. මහා පරිමාන ව්‍යාපාරිකයින් ඇරෙන්න මේ රජයෙන් වාසි ලද්දෝ කිසිවෙක් නැත. මේ දේවල් ඉදිරි මැතිවරණයේදී මහජනතාවට කල්පනා කිරීමට හොඳ මෙවලම්ය. (බ)
මෙයාලට වසර 10 ගිය ආණ්ඩුවේ ඉදල මහජන මුදල් වලින් ජීවත් වෙලා හිටිය මිස රටට කරපු වැඩක් නැ ඒ වුනාට එයාලගේ පඩිය වරප්‍රසාද ලබා ගන්න බොහොම උනන්දුයි (බ)
බලයට එද්දී දෙන පොරොන්දු සියයට සියයක්ම ඉටුකළේ මොන ආණ්ඩුවද?අඩුම තරමේ බලයට ආවමවත් රට ගැන සිතලා වැඩ කළේ කවුද?කලත් එය නොකරන්න බැරිකමට කරන්නාක් වගේ වෙනවනේ. ඒ නිසා කරන්නන් වාලේ කරනවා කියලයි මයේ හිතේ.(ම)
පරිප්පු. දුප්පතාගේ මාංශජනක ධාතු ලැබෙන ආහාරය. දැන් මිල කීයද. රුපියල් 235. හොඳ නේද යහපාලනය. (බ)
උදිත් මේකට මහින්ද ගාව ගන්න එපා. මේක කියලා තියෙන්නේ එයා නෙවේනේ. (ර)