රාජ්‍ය මාධ්‍ය පසුගිය දිනවල පෞද්ගලික චරිතවලට මඩ ගැසීමටත් අවලාද නැගීමටත් යොදා ගත් බව පැහැදිලිව පෙනෙන බවත් එම මඩ වගුරෙන් රාජ්‍ය මාධ්‍ය ගොඩගැනීමේ හැකියාව මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට ඇති බව පෙනේ යැයි අමරපුර නිකායේ උත්තරීතර සංඝ සභාවේ මහා නායක දවුල්දෙන ඥානිස්සර නා හිමියෝ අද (26) පැවසූහ.
ඇමැතිවරයා මහා නායක හිමියන් බැහැ දැකීමට පැමිණ සිටියේය. ඔහු අමරපුර සංඝ සභාවේ මහා ලේකම් බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ද, අමරපුර සංඝ සභාවේ සභාපති හා අනු නායක කොටුගොඩ ධම්මාවාස හිමියන්ද බැහැ දුටුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඊයේ පෙරේදා දවස් දෙක තුනේ ස්වාධින රුපවාහිනී ප්‍රවෘත්ති බැලුවා. ඒක නම් ඇත්තටම ඉතාම සමබරයි. පුද්ගලික නාලිකා වලට වඩා හොදයි. මම හිතන්නේ ස්වාධින එකේ සභාපති ලෙස වැඩ භාරගත්තු මහාචාර්ය ගංගනාත් දිසානායක මහත්තයා ඇත්තටම වෙනසක් කරලා. (අ)
තවමත් එ්කමනෙ කරන්නෙ (අ)
නව ජනාධිපතිතුමා සියළු අංශ ගැන කල්පනාකාරී වියයුතුය (නි)
සමරසේකර, සමබර කියන්නේ මඩ ගහන එකද? (නදී)
දහම්, රාජ්‍ය මාධ්‍ය කියන්නේ පවතින රජයේ දේපළක් නෙමෙයි. රාජ්‍ය මාධ්‍ය කියන්නේ පොදු මහජනතාවගේ කියන එකයි. කිසියම් ජනාධිපති කෙනක් පත්වුණාට පස්සේ එයා එතුමාගේ පක්ෂයේ අයගෙ ජනාධිපත් පමණක් නෙමෙයි. මුළු රටේම ජනාධිපති. මේක තාම අපේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. පිටරට වල තත්වය සොයා බලන්න. (නි)
ඔය ආයතනවල පුරවාගෙන හිටපු මඩ කන්ද අයින් කරන්නම ඕන. ඔය කට්ටිය පුරුදුවෙලා හිටියේ ඔය ජොබ් එකටනේ. හොඳ පැත්තට හරවන්න ටිකක් අමාරු ඇති. නමුත් ඇමති තුමා කොහොම හරි මඩ කාරයෝ අයින්කරලා දාල වැඩේ හරියට කරන්න. (ස)
පසුලිය රජයේ මොකක් හරි වැරැද්දක් තියනවා කියන්නේ මඩ ගහනවා නෙමෙයි. කරපු වැරැද්ද කවුරු කළත් කියන්න ඕනේ. මඩ ගහනවා කියන්නේ රූපවාහිනී චැනල් වල කිසිම පදනමක් නැතුව එක් එක් නෙකාගෙ කතා ශෛලියට, ඇවිදින කන බොන දේවලට අපහාස උපහාස කරපුවා, අවුරුදු ගානක් පරණ කතා අද ඊයේ කළා වගේ දාපුවා වගේ දේවල් වලටයි "විජයබබාහු" මහත්තයෝ (නදී)
රංදීම ඔබ තාම මැදමුලෙනද ඉන්නේ. කවුද මෙච්චරකල් මඩ ගැහුවේ. එතකොට එ් කාලේ ප්‍රවෘත්ති වල මඩ නැද්ද? (නදී)
සමබර නැහැයි කියන්නේ පසුගිය ඡන්ද කාලේ රාජ්‍ය මාධ්‍ය 98% ක්ම රාජපක්ෂ මහත්තයට පක්ෂ දේවල් විතරක් පෙන්නපු එකටයි "විජයබාහු" මහත්තයෝ. අපේ රට හැදිලා තියෙන විධියට මිනිස්සු හිතන්නේ අනේ ඒකට කමක් නැහැ ඒක පවතින රජයේ අයිතියක් විදියට. ඒක එහෙම නැහැ ඕනම පක්ෂයකින් කෙනෙක් ජනාධිපති උනහම එයා රටේම අයගේ ජනාධිපති මිස එයා නියෝජනය කරන පක්ෂයේ ජනාධිපති නෙමෙයි. දියුණු රටක් ගත්තෝත් ඒ රටවල පක්ෂ 2 ට ම වෙන් කරන්නේ එකම ගුවන් කාලයක්. පවතින රජයයි, පවතින රජයේ ජනාධිපති නියෝජනය කරන පක්ෂයයි කියන දෙක පටලවා ගන්න හොඳ නැහැ. (නදී)
ඡන්දෙන් පස්සේ සන්ධානේ කට්ටියට බලන්න ටීවී චැනල් එකක් නැහැ කියල නාහෙන් අඬනවා.ඇමතිතුමනි, ඔන්න ඔය හොරකම්, දුෂණ පෙන්වන ප්‍රවෘත්ති අතරට , යුද්ධෙත් ටික ටික වෙළඳ දැන්වීම් වගේ පෙන්වන්න කියන්න. පවුනේ. රජාගේ රූපේ දකින්නේ නැතුව සමහරුනට කන කෑමවත් අල්ලන්නේ නැතිලු. (ස)
තාමනම් ඒ වෙනස අපි දැක්කේ නැහැ...(බ)
ඉතින් එහෙමනම් ඒක ගැන ඇයි පුජ්‍ය පක්ෂය නිහඬව සිටියේ? උන්වහන්සේලා පෙරට ආවා නම් පසුගිය කාලයේ රටට මේ වුණ විනාශයෙන් භාගයක් වළක්වාගන්න තිබුනා. (නි)
මාධ්‍ය නිදහස වගේම සත්‍යවාදීවීමත් වැදගත්. (නි)
දැන් ඉස්සර කාලයට වඩා ගොඩක් සමබරයි. මේ විදියටම තිබුණොත් හොඳයි. (නි)
වැරදි පෙන්නලා දෙන එක මඩ ගැසීමක් නෙමෙයි. එය කරන්නම ඕනෑ. ඡන්දකාලේ ජාතික නාලිකා කළ දේවල් වලට තමයි මඩ ගහනවා කියන්නේ. (නි)
දෙදෙනෙක් තරඟ කරනවා නම් දෙදෙනාටම එක හා සමාන ගුවන් කාල වෙන්කළ යුතුයි. සමබර වෙන්නේ එලෙසයි. රටේ මිනිසුන්ට පසුගිය රජය මෙච්චර ඉක්මනට එපා වෙන්නත් ලොකු හේතුවක් වුණේ ඔය කියන මාධ්‍ය හැසිරීමයි. (නි)
සදාචාරාත්මක සහ සමබරව පුවත් පළකරන්න (නි)
ඉතින් දැනුත් යන්නේ එකම වගේ දේවල් තමයිනේ අනේ! සිද්ධවුණේ පාලකයෝ මාරුවුණ එක විතරයි අන්තිමට. ඔලුවේ කැක්කුමට කොට්ටය මාරුකළා වගේ තමයි (නි)
ඡන්දයට කලින් කොහොම වුණත් දැන්නම් දෙවියන්ගේ පිහිටයි, එහෙම නැහැ. තව තවත් වංචා දුෂණ රටට හෙළිකරන්න. බැටළු හම් පොරවාගෙන රට කෑ වෘකයින් ගැන ජනතාවට දැනගැනීමේ අයිතියක් තිබෙනවා (නි)
කරුණාකර මේ බොරු මඩ ගැසීම් නවත්වන්න. (අ)
රාජ්‍ය මාධ්‍ය කියන්නේ රාජ්‍ය මාධ්‍ය. ඒවාට පත්කරන්නේ ආණ්ඩුවට සම්බන්ධ අය නේද? ඉතින් සමබර වෙන්නේ කෙසේද? (නි)