සුනාමියෙන් වැනසී ගිය උතුරු නැගෙනහිර නිවාස ඉදිරි කිරීම සඳහා පිහිටැවු රාඩා හෙවත් ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී පැවසුයේ රජය තමාට මඩ ගැසිමේ ව්‍යාපාරයක් අරඹා ඇති බවයි.තමාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර ඇති බව දැන ගත්තේ ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනයකින් පසු බව ඔහු කියයි.
රාඩා ආයතනයෙන් කොන්ත්ත් ලබා නිවාස ඉදි නොකර රුපියල් ලක්ෂ 1470 ක් වංචා කළැයි සැකපිට ආනන්දි ශාන්ති කුමාර් හා ඇගේ පුත් ශාන්ති කුමාර් ගජන් කුමාර් ලබන 21 වැනිදා තෙක් කොටුව මහේස්ත්‍රාත් විසින් අද රිමාන්ඩ් කරනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ, ගෙවල් හැදුවද? නැද්ද? එච්චරයි කියන්න තියෙන්නේ. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
කාගේ කාගේ හැටිත් අපි දන්නවා. කපන්න බැරි අත ඉඹින්න ගිහින් හරි ගියේ නැහැනේ. (නි)
මහත්වරු නම් හොරකම් ,දුෂණයන් කරනවාද ? (නි)
රට හදාගන්න ඕනෑ නම් මේ වගේ පුද්ගලයන් ගැන තීරණයක් ගන්න ඕනෑ. 'හිරේ දමනවා' කියන්නේ හිරගෙදර රෝහල නොවේ.අර සුළු වැරදි වලට උපරිම අච්චු විඳින රැඳවියන් ඉන්න හිර කූඩුවටයි අපි නම් 'හිරේ' කියා කියන්නේ .... (නි)
ගින්නක් නැතිව දුමක් නොනඟී. කළ පවු දැන් හෝ පසුව හෝ විඳවන්න සිදුවේවි. නිවැරදිකරු නම්, සාක්ෂි සහිතව ඉදිරිපත්කර නිදහස් වෙන්න. (නි)
එයාගේ වැඩ මුළු රටම දන්නවා. (නි)
ඒ කාලේ කළදේවලුත් අපිට හොඳට මතකයි (නි)
ආනන්දී ශාන්ති කුමාර් හා ඇගේ පුතුන් දෙදෙනා නිවාස ඉදි නොකර සල්ලි ගත්තනම් එම ආයතනයේ සභාපති ඔබනම්, ඒක මඩක් වෙන්නේ කොහොමද? (ස)
වදෙමයි මඩ ගහන්න (දී)
මහත්වරු සහ මහත්හොරු අතර වෙනස කුමක්ද? (ස)
ටිරාන් අලස් ඔබ ගැන මුළු රටම දන්නවා (ස)
වෙන දෙයක් ගැන කතා කරමුද (දී)
මඩ ගහන්න හොඳ නැහැ (දී)
දේශපාලනය කියන්නේ මඩ ගහන එක තමයි (දී)
කොට්ටෝරුවා කොටගෙන කොටාගෙන ගියාම සිද්ධ වෙන දේ මෙයාටත් සිද්ධ වෙලා. (ස)
අනේ මගේ කට (ස)
තොත්ත බබාලා නේ. (ස)
මඩ ගහන්න දෙයක් නැහැ කොහොමත්... (ර)
ඔබ නිවැරදි නම් රජය විසින් ගෙනයන මඩ ව්‍යාපාරය අසාධාරණයි. ඔබ වැරදිකරුවෙක් නම් රජය විතරක් නෙමෙයි අපිත් මඩ නෙමෙයි අසුචි ගහනවා ඔය කරලා තියෙන අකටයුත්තට. (නදී)
ගෙවල් හැදුවා නම් ඒ කොහෙද කියන්න. ප්‍රශ්නය ඉවරනේ. (නි)
අනේ ඔබතුමා හරිම හොඳයි (නි)
මෙයා මෛත්‍රී මැතිතුමාට කාර් එකක් තෑගි දීල කිට්ටු වෙන්න උත්සාහ කරලා වැඩේ වැරදුන කියල ආරංචියි. මේ වගේ අයට ඕන කොයි දේශපාලකයාගේ හරි කරේ නැගල තමන්ගේ ව්‍යාපාර ටික තවත් දියුණු කර ගන්න. (බ)
මඩ නෙමෙයි වැරදි වැඩ කරනවා නම් කොන්ක්‍රීට් දමලා වහලා දාන්නම ඕනේ (නදී)
සමහරුන්ට නම් අමුතුවෙන් මඩගහන්න දෙයක් නැහැ, මඩ නාලා ඉන්නේ. (නි)
ආනන්දී ශාන්ති කුමාර් හා ඇගේ පුතුන් දෙදෙනා නිවාස ඉදි නොකර සල්ලි ගත්තනම් එම ආයතනයේ සභාපති ඔබනම්, ඒක මඩක් වෙන්නේ කොහොමද?(දිල්)