පසුගිය අයවැයෙන් රජය ශ්‍රී ලංකාවේ ස්වභාවික ආපදා වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් දක්වා රක්ෂණය කළ බවත් ජාතික රක්ෂණබාර අරමුදල රජය වෙනුවෙන් එසේ කළ බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා කොළඹ විදේශ මාධ්‍යවේදී සංගමයේ දී ප්‍රකාශ කළේය. මෙම රක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 300 ක් ගෙවා ඇති බවත් ඇමැති කීවේය. ජාතික රක්ෂණබාර අරමුදල මෙවැනි රක්ෂණයක් කළ මුල් වතාව මෙය බවත් ඔහු කීවේය. මිලියන 300 ගෙවා මිලියන 10000 ක රක්ෂණ වන්දි ලබා ගත හැකි බවත් ඒවා වැඩිපුරම ශ්‍රී ලංකාවේ අඩු ආදායම් හිමියනට ලැබෙන බවත් ඇමැති කීවේය.
පසුගිය විපත් වලින් නිවාස 25000 ක් මුළුමනින්ම විනාශ වී ඇති බවත් නාවස 128000 කට විවිධ මට්ටමින් හානියට පත්වී ඇති බවත් ඔහු කියයි.
මෙම රක්ෂණය නිසා ගංවතුර හා වෙනත් ආපදා වලින් හානියට පත් ගෙවල් පිළිසකර කර ගැනීමේ වාසිය නිවාස හිමියනට ලැබෙන බව ඔහු කීවේය. හානියට පත් නිවාස හිමියන් මුලින්ම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ලියාපදිංචි වීම මෙම රක්ෂණය ලබා ගැනීමේ මුල් පියවර බවද ඔහු කීවේය. නිවාස ඉදි කර ගැනීමට පමණක් මෙම රක්ෂණය ලැබෙන අතර හානියට පත් වාහන හා වෙනත් චංචල දේපළ වෙනුවෙන් මෙම රක්ෂණය වලංගු නොවන බවත් ඔහු කීවේය.
ඔවුන් යළිත් රක්ෂණයට යා යුතු නැත. රජය ඔවුන් වෙනුවෙන් රක්ෂණයක් ලබාගෙන ඇති හෙයිනි.
ආපදාවට පත් වූ නිවස ශ්‍රී ලංකාවේ කොතැනක තිබුනත් රජයේ මෙම රක්ෂණය නිසා ඔවුනට එහි රක්ෂණ වන්දි හිමි වනු ඇත.
හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි දැයි සමහරුන් අහනවා. එවැනි දෙයක් කිරීමෙන් සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑම් සිදු වෙනවා.හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් නොකර ස්වභාවික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අපට ජගත් ආධාර ලබා ගත හැකියි.
රටේ ස්වභාවික ආපදාවක් ඇතැයි ජනාධිපතිවරයා විසින් කැරෙන ප්‍රකාශයකින් එම ප්‍රතිඵලය ලැබෙනවා.එවැනි හදිසි ස්වභාවික විපත් වලදී වහාම ආධාර කළ හැකි බව ලෝක බැංකුව අපට කීවා. ඇමරිකා ඩොලර් මිලියන 102ක ආධාර වහාම සැපයිය හැකි බව ලෝක බැංකුව අපට කියා සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයට යෑමට පෙර ශ්‍රී ලංකාව ස්වභාවික ආපදා තත්වයකට මුහුණපා ඇති බවට ප්‍රකාශයක් කරනු ඇතැයි 99.99% කින් තමාට විශ්වාස බවත් දැනටම ලෝක බැංකුව හා ජපානය ආදී රටවල් ආපසු නොගන්නා ප්‍රදානයන් කිරීමට කැමැත්ත පළ කර ඇති බවත් මුදල් ඇමැති කීවේය. ඩොලර් බිලියන 3 ක පමණ විපත් ආධාර එතෙරින් ලැබීමට නියමිත බවත් ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි කාලේ කළා වගේ කරන්න එපා (බ)
ඕකෙන් තවත් වැට් එකක් එයිද?ආපදා වැට් කියලවත් (බ)
වන්දි ගෙවීමක් ගැන විශ්වාස නැති මිනිස්සු නිශ්චිත වැඩපිළිවෙල් ඉල්ලනවා.වැඩ පිළිවෙලක් කිව්වොත් ඕක වැඩක් නෑ වන්දි ඕනා කියනවා. (බ)
ගහෙන් ගෙඩි එන්න වගේ එකපාරට වන්දි දෙන්න බැහැ. එ්කට ටිකක් කල් යනවා. චන්න, පොඩ්ඩක් තේරෙන භාෂාවෙන් කියලා දෙනවද බලන්න මොකක්ද ඔය කියන බැංකු මංකොල්ලය සහ කොහොමද එ්ක කළේ කියලා. (නි)
අපිටනම් කිසිම වාසියක් ලැබිලා නෑ මේ වෙනකන්.(හේ)
කළු තීන්ත උඩ කළු තීන්තෙන් ඇදපුවහම කාටද පෙන්නේ (බ)
මිනිස්සු දන්නවා කියන තරම් ලේසි නෑ රක්ෂණ වන්දි ලබාගන්න එක කියල. රස්තියාදු කරවල අන්තිමේට සොච්චම් මුදලක් දෙයි. බෝහෝ දුරට ගෙවල් විනාශ නොවුන කට්ටියකට දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන් ඔය මුදල් හම්බෙලා තියේවි. ඕකයි අද ලංකාවේ තත්වේ. (බ)
මේ වෙලාවේ මාධ්‍ය ඉහල කර්තව්‍යක් ඉටු කළා. (ර)
ඇත්ත නිමල්... (ර)
මේ සියලුම වාසි ජනතාවට ලැබෙනවනම් හොඳයි. (ර)
අපි මේවා බලන් ඉන්නවා හරියට කරවී කියලා කතාව වගේ වැඩ නැහැ (හේ)
මේ මුදල් අහිංසක මිනිසුන්ට සහ රටේ සංවර්ධනයට වැයකරන්න. පහුගිය ආණ්ඩුව වගේ මේ මුදල් ගසාකන්නට කාටවත් ඉඩක් නොතබන්න. (නි)
ඔව් ඔව් අවුරුදු කීයකට සැරයක්ද මේ වගේ ආපදාවක් වෙන්නේ? එතකන් රක්ෂණ සමාගම් ගොඩ. කොමිස්කාරයොත් ගොඩ. (නි)
ඒ වගේම රුපියල් මිලියන 300 ගානේ තව වෙඩි නොවදින සුපිරි වාහන ගන්නත් පුළුවන්වෙයි නේද? (නි)
සාක්කුවට කීයක්ද? මේ ආණ්ඩුව වැඩ කරපු හැටි අපි 2015 ජනවාරි 8 ඉඳලා දකිනවනේ (නි)
මෙයාලගේ වැඩත් රාජපක්ෂලාගේ වැඩ වගේ තමය. (නි)
සල්ලි දැක්කහම ඇස් පේන්නෙත් නැති කට්ටිය ගැන අපි දන්නවා (නි)
දැන් අපිට බයක් නැතුව ගස් කපන්න, වැලි ගොඩදාගන්න, කඳුවල ගෙවල් හදාගන්න පුළුවන් (නි)
දැන්වත් සාමාන්‍ය ජනතාවගෙන් ප්‍රදානයන් ඉල්ලන එක නවත්වන්න. (නි)
මාධ්‍ය ආයතන සහ රණවිරුවන් වැඩේට බැස්සෙ නැතිනම් මිනිස්සු අනාතයි. (නි)
දෙරණ රුපවාහිනියට සහ දිවයින පුවත්පත ලොකු සේවයක් කරනවා අපේ රටට කාටත් කඩේ නොගිහින් (බ)
විදේශ විපත් ආධාර ඩොලර් බිලියන තුනක්? ඒ කියන්නේ රුපියල් බිලියන හාරසිය තිහක් 430,000,000,000. හැමදාම මෙහෙම විපත් සිදුවේ නම් ලංකාව ගොඩේ ගොඩ (බ)
දැන් පේනවා නේද යහපාලනයේ වැඩ (බ)
හොඳයි. එ්ත් අපි බලා ඉඳිමු මිනිසුන්ට අඩුම ගානෙ බිලියන 0.1ක් වත් යයිද කියලා. (නි)
ඔය කියන ලියාපදිංචිය වෙලා කොච්චර කාලෙකින් ද වන්දි ගෙවන්නේ. අත්දැකීම් අනුව අපි දන්නවා මේවා කෙරෙන වැඩ නෙමෙයි. කෙරුණත් තව වසර 5කින්වත් වන්දි ගෙවන එකක් නැහැ මවාපෑම් නවතා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න . මාස 16 ක් කිරා වැටුණු රජයක , බැංකු මංකොල්ලයක සැකකරුවකු වන රවී කියන දේ විශ්වාස කරන්න අපි එලුවොද ? (බ)
යහපාලන ආණ්ඩුව මතක තබාගත යුතුයි, මෙවැනි අවස්ථාවල ජනතාවට සහන ලබා නොදුන්නහොත්, එසේම කරන දේවල් ජනතාවට ඒත්තු නොගැන්වුවහොත්, හොරුන් නොඇල්ලුවොත්, ඔබ කොපමණ හොඳින් රට සාමකාමීව පාලනය කළත් මහින්දට යළිත් රට යනු ඇත. (නි)
ඉතාමත් හොඳ වැඩ සටහනක්, සුනාමි ආධාර වාගේ නොවී කරදරයට පත් අයට නිවස නැවත ඉදිකිරීමට හැකිවේවා. (බ)
ඔය වැනි මුදලකට පුළුවන් පැල්පත් වසංගතේ නැති කරලා දාන්න ,බුද්ධිමතුන් සුදුසු තැන හොබවත්වා! (බ)