ඇතැම් ජනාධිපති නීතීඥවරුන් ළිං මැඩියන් සේ රටේ නීති රීති ගැන නොදැන කෙටුම්පත් සකසන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ රජය පෙරළා දැමීමට කිසිවකුට නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
"රාජපක්ෂවරුන් සමග කිසිදු ගණුදෙනුවක් සිදු නොකරන බව ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා. ජන මතය වැරදි ලෙස භාවිත කරන්නේ නැහැ. රාජපක්ෂවරුන් සමග ගණුදෙනු කරන එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පිළිබදව ද සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙම මන්ත්‍රී කණ්ඩායමට පසුගියදා පැවැති සාකචිඡාවේ දී දැනුම් දුන්නා. එම නිසා මෙම රජය පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකියි.
සිංහල ජාතිවාදීන් වැඩිපුරම කතා කරන්නේ බලය ලබා ගැනීමටයි. එහෙම පිරිසක් ද්‍රවිඩ ජනතාව තුළත් සිටිනවා. මෙම ජාතිවාදී කාලකණ්නි දේශපාලන ක්‍රමය රට විනාශ කළා. ඇතැම් අය අදත් සිදු කරන්නේ ඒ දේමයි. බුද්ධිමතුන් කියා ගන්නා, රට ගැන නොසිතන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඇතැම් ජනාධිපති නීතිඥවරුන් ළිං මැඩියෝ වගේ. රටේ නීති රීති ගැන නොදැන කෙටුම්පත් හදනවා. බලය බෙදාහැරීම ලෝකය පුරාම සිදු වෙනවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ජනමත විචාරණය පිළිබදව ඇතැම් පිරිස් විවිධ මත පළ කරනවා. නමුත් විපක්ෂ නායක ආර්. සම්පන්ධන් මහතා ජාතික ප්‍රශ්නය විසදීම සදහා සිංහල ජනතාවගේ කැමැත්ත මත විසදුමක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිඛෙනවා. එය හොඳ ලක්ෂණයක්.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවදුරටත් මේ කතා කියන ගමන් අර ඔබතුමා කියපු 25000 දඩය ක්‍රියාත්මක කරන්න. එතකොට ලබන ඡන්දෙදි මිනිස්සු පෝලිමේ ගොස් ඔබලාව ගෙදර යවන්න කතිරය ගහවි. "දේවදූතයෝ පය ගහන්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගසති" කිවුවලු (නි)
බලමු ඔය කියන කතාව බැරිද කියල. මහජනතාව බලාගෙන ඉන්නේ. දත් ගලවන්න නම් අඩුවක් නැතිවත් පුළුවන්. එ්ත් නිතිය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එය අඩුවකින්වත් අල්ලන්න බැහැ වගේම නොපෙනෙන සත්‍ය දෙයක් බව සමහරුන්ට තේරෙන්නේ නැහැ තාම (බ)
බැරිනම් ඉතින් ඕක හැමතැනම කියා කියා ඇවිදින්න ඕනේ නෑනේ. පාඩුවේ වැඩක් බලාගන්න මහත්තයෝ, අර ඩෙංගු රෝගියෝ වැහි වැහැල, පොඩ්ඩක් ගිහින් ඒවගේ දෙයක් හොයල බලන්නකෝ (බ)
ජනතාවට පුළුවන් (බ)
මේ එක කටක්, පසුගිය කාලෙත් කීවේ මෙහෙම තමා. (බ)
ජන්දයක් තියන්න එතකොට බලාගන්න පුළුවන් (බ)
ඕනෑම ළිං මැඩියෙකුට බුද්ධියට හසු නොවන ඕනෑම තකතීරු, ඔලමොට්ටල, වාචාල භාෂණයක යෙදෙන්න නිදහස හා ඉඩ කඩ මේ රටේ ව්‍යවස්ථාවෙන් තහනම් කරලා නෑනේ. ඒක නිසා ඛේට වැගිරී හති වැටෙන කල් ඔහොම යං.(බ)
ඒක තීරණය කරන්නේ ජනතාව. හැම දෙයකටම හොට දාන්න නරකයි (නි)
කවුරුත් දන්නා දේවල් රටේ ඉහළ නිලධාරීන් නොදන්නා එකයි කණගාටු (නි)
ඇමතිතුමනි, මට නම් පෙනෙන්නේ, ඔය සෙට් එකටම මුල අමතක වෙලා කියලයි.