පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත උතුරු පළාත් සභාව අද(23) ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය.

කෙටුම්පත උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් උතුරු පළාත් සභාවට අද ඉදිරිපත් කිරීමෙන් පසු පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සියලු දෙනා එය ප්‍රතික්ෂේප කළ බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසීය.

අදාල පනතින් පළාත් සභා බලතල කප්පාදුවන බවත් එයින් වැඩි බලතල මධ්‍යම රජයට හිමිවන බැවින් තමන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඊට විරුද්ධ වූ බවද ඔහු කීය.