මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස සරසවි වෛද්‍ය පීඨ සිසුන් කරන දින 130 ක් පුරා කළ උද්ඝෝෂණ ඉදිරියේ යහපාලකයන් මුනිවත රකිතියි වෛද්‍යපිඨ ශිෂ්‍ය කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් කියයි.
කොටුව දුම්රිපොළ ඉදිරිපිට අදත් (02) ඔවූහු උද්ඝෝෂණයක් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට තියෙන්නේ මේ විදිහටම ඉන්න. එතකොට ඇතිවෙලා නතර කරයි (නි)
ආණ්ඩුවට උගන්වන්න එන්නේ නැතුව කටවහගෙන ඉගෙනගත්තොත් හොඳයි (නි)
අධ්‍යාපනය අයිතියක් නම් ගිහිල්ලා අපේ රටේ සල්ලි නාස්ති කරන්නේ නැතුව ඉගෙනගන්න. පුද්ගලික පාසල් වලින් එළියට එන ළමුන්ටත් ඒ අයිතිය තියෙන්න ඕනෑ. ඒ සඳහා සයිටම් වගේ ආයතන තව තවත් බිහිවෙන්න ඕනෑ. ඒ වගේම රජය රජයේ විශ්ව විද්‍යාල වලටත් ළමුන් මුදල් ගෙවන්න ඇතුළත් කරගන්න ඕනෑ. ඒ මුදල් වලින් ඒ ආයතන හොඳට දියුණු කරන්න ක්‍රමවේදයක් හදන්න වහාම පියවර ගන්න ඕනෑ. (නි)
දියුණු රට වල අධ්‍යාපනය අයිතියක් වුණත් තමන්ගේ වියදමින් ලබාගත යුතු දෙයක් නිසා මෙවැනිදේට නාස්ති කරන්න කාලය ඔවුන්ට නැහැ. (නි)
ඉගෙනගන්නෙත් උද්ඝෝෂණ කරමින්. ඊටපසුව පත්වීම අරගෙන යනවා රැකියාවට. ඒ ගිහිල්ලත් කරන්නේ මේ දේමයි. අසරණ ලෙඩ්ඩු අමාරුවේ දානවා. (නි)
සල්ලි තියන අය සල්ලි දීල ඉගෙන ගන්නකොට. ඔය නොමිලේ ඉගෙන ගන්න ළමයින්ට අවස්ථාවන් වැඩි වෙනවා නේ. හැමදෙයක්ම නොමිලේ දෙනකන් තමයි ලංකාවේ මිනිස්සු බලන් ඉන්නේ. (ම)
අනේ පවු නේද? තව ටිකක් සද්දෙට උද්ඝෝෂණය කළා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මේ බැනර් එකේ තියෙන්නේ අධ්‍යාපනය අයිතියක්, වෙළඳ භාණ්ඩයක් නොවේ කියලයි. එහෙනම් ඉතින් මාලබේ ළමයින්ටත් අධ්‍යාපනය අයිතියි නේද? නිසි විභාග සමත්වෙලා එනවා නම් ඒක වෙළඳ භාණ්ඩයක් වෙන්නෙත් නැහැ නේද? (බ)
ඔය ළමයි අපේ බදු මුදල් නාස්ති කරද්දි, රජය නිහඬව සිටීම වැරදී. ‘එඩියුකේශ්න් ඉස් අ රයිට්‘ කියල බැනර් එකක් අල්ලගෙන ඉන්නෙ අකුරු බැරි එකෙක් වෙන්න ඇති. (බ)
රජය නිහඬ නැහැ. සයිටම් එකට පූර්ණ අයිතිවාසිකම් දෙන්න කටයුතු සම්පාදනය කරමින් ඉන්නේ. ඒ නිසා පුතේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර නොකා ගෙදර යන්න. (බ)ඩ