ලෝකයට අවශ්‍ය වන්නේ සාමය, ආදරය, සංහිඳියාව බවත් නත්තල් උදාව මගින් එය මනාව ලබාදෙන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) මීගමුව මහවීදිය දේවස්ථාන පරිශ්‍රයේදී පැවැති රාජ්‍ය නත්තල් උත්සවයේදී පැවසීය.

‘කිතු උපතින් නැවුම්වන මිනිසත් බවට ඉඩදෙමු‘ තේමාව යටතේ පැවැති උත්සවයට කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රැසක් අයත් විය.

වර්තමාන සමාජයේ පවතින ගැටලු විසඳමින් සාමය සහ සහජීවනය ගොඩනැගීමට නත්තල් උදාව උතුම් අවස්ථාවක් බවත් ජනපති කීය.

මැල්කම් රංජිත් කාදිනම් අගරදගුරුතුමන්ගේ උපදෙස් හා මූලිකත්වයෙන් පැවැති උත්සවයට කතෝලික පියතුමන්ලා, ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග ඇතුළු මැති ඇමැතිවරුන් හා සම්භාව්‍ය අමුත්තෝ රැසක් එක්වූහ.

RDS_8180 RDS_8186 RDS_8203 RDS_8216 RDS_8229 RDS_8305