අද(02) පැවැති බස් වැඩවර්ජනය අතරතුර මාර්ග අවහිර කරමින් සාමාන්‍ය ප්‍රවාහන පද්ධතියට බාධා කළ අය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය පොලිසියට දැනුම් දී ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පවසයි.
මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ අය අත්අඩංගුවට ගැනීමටත් පියවර ගන්නා බව කියයි.අද දින තුළ බස් රථ කිහිපයකට පහර දීම හා රාජ්‍ය දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බවත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරන බවත් එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
රාජ්‍ය දේපල වලට හානි කරන අයට මෙන්ම සාමාන්‍ය ජන ජිවිතය අඩාල කරන්නන්ට එරෙහිව පොලිසිය නීතිය තදින් ක්‍රියාත්මක කරනු ඇති බව ද එම දෙපාර්තුමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය දේපලවලට හානිකරන අය අත්අඩංගුවට ගන්නවා නම් (හේ)
දැඩි දඩුවම් දෙන්න ඕනේ.(හේ)
සත්‍යා පසුගිය ආණ්ඩු කාලයේ මහජන මුදල් සොරකම් කළ අය ඒ මුදල් හංගල තියෙන්නේ තමාගේ ගෙදරද.? අවුරුදු 2 ක් ගියා තාමත් සතයක් වත් හොයා ගන්න බැරිවුනා නේද. දැන් හොයන්නේ වාහන අවභාවිතය කරපු ඒවා නේද.? අපි දන්නා විදියට නම් මහා බැංකුව මහා දවල් කොල්ල කෑව කිසිම සද්දයක් නැතුව. එ්කත් ගිය ආණ්ඩුවද? (බ)
කිසිම දේපලකට හානි කරන්න දෙන්න එපා. තමන්ගේ දේපල වුණත් තමන්ටවත් හානි කරන්න නීතියෙන් ඉඩක් නැහැ මම හිතන්නේ. සාධාරණ ඉල්ලීම් වලට ඉඩදුන්නත් අසාධාරණ ඉල්ලිම් වලට නම් කිසිදිනක ඉඩනොදිය යුතුයි. අනෙක් එක මේවා අයවැයට යොදවා නීති පැනවිය යුතු ඒවාම නොවෙයි, සාමාන්‍ය විදිහට කළයුතු ඒවානේ. වැරදි කරන අයට ඕඈ විදිහටද දඬුවම් කරන්න ඕනැ. එහෙම වුණොත් පල් හොරුත් කියයි අපිට දෙන දඬුවම වැඩියි අඩු කරන්න කියලා. (නි)
මහා ලැජ්ජා නැති ආණ්ඩුවක්. මම ජනාධිපති පුටුවේ හිටියා නම් පැය 24ක් ඇතුළත සියලුම පුද්ගලික බස් රථ රජයේ භාරයට ගෙන ජනසතු කරනවා. (නි)
මුලින්ම දියවන්නාව පැත්තෙන් පටන්ගන්න වෙයි එහෙනම් (නි)
රටේ පෞද්ගලික බස් සේවය අහෝසි කරනු! සුඛෝපභෝගී රාජ්‍ය ප්‍රවාහන සේවයක් වහා අරඹනු! සියලුම අය එම සේවය ලබා ගැනීමට පොළඹවා ගැනීමෙන් උදේ සහ සවස් වරුව පාරේ වාහන තදබදය අඩුකර ගැනීමට පියවර ගැනීමට වහාම කටයුතු කරනු ! කරන්න බැරි දෙයක් නැහැනේ මොළය පාවිච්චි කළා නම්. (නි)
සත්‍ය, ඔය විදිහට කතා කරන්න ගියොත් තමන්ටත් ගල් පාරවල් එන්න බැරි නැහැ. වැරදි කළාම දඩුවම් දියයුතුමයි. මේකට සහභාගි වෙන්න තිබුනේ පුද්ගලික වාහන හිමියෝයි. (නි)
මේක පුදුම කතාවක්නේ. පසුගිය ආණ්ඩු කාලයේ මහජන මුදල් සොරකම් කළ අය කළ පාඩුව හා සසඳනවිට බසයකට දෙකකට ගල් ගහලා කළ පාඩුව සම්බන්ධයෙන් ඊට සම්බන්ධ අය වහාම සිරභාරයට ගන්න කියා පොලිසියට උපදෙස් දෙනවා. මට පේන විදියට මේ ආණ්ඩුව කරන්නෙත් ඉස්සෙල්ලා ආණ්ඩුව වගේම මිටි තැනින් වතුර බහින්න සළස්වනවා කියන එක. අවාසනාව කියන්නේ "මිටි තැන" ඉන්න අයට මේක නොතේරෙන එක. (නි)
රාජ්‍ය දේපොළට හානි කෙරුවොත් වැඩ වරදී කියලා කවුද කියන්නේ? ඔය ලොකු මහත්තුරු තව තවත් නිදහසේ රාජ්‍ය දේපොළ වලට වැඩ දීම ලවක්දෙවක් නැතුව කරගෙන යන්නේ! (නි)
සත්‍යා, දුර බලන්න. ළඟ නොබලන්න. වරදක් තව වරදක් මත පටවා එහි වාසිය ගැනීම බුද්ධිමත් තීරණයක් නොවේ. සමාවන්න මට. (නි)
දැඩි දඩුවම් දෙන්න ඕනේ නැවත කිසි කෙනෙකුට නොකරන්න හිතෙන්න (ර)
සත්‍යා කොයියම් ආණ්ඩුවක් වෙන්න පුළුවන් රජයේ දේපල වලට හානිකිරිම ත්‍රස්ත වාදී වැඩක් එමනිසා දඬුවම් කළ යුතුමයි.(හේ)