පුර්ව මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලඝනය වන ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා 17 ක් සහ රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණ අවස්ථා 41 ක් සිදුවී ඇති බව ජාතික මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානය අද (10) මාධ්‍ය හමුවක දී පැවසීය.
මෙයට අමතරව ශ්‍රි ලංකා දුම්රිය දේපාර්තමේන්තුව, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට හදිසි බඳවා ගැනීම් සිදුකර ඇති බවත් ඒවා පෙර දාතම සිහිතව ලබාදී ඇති බවත් මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධාක නිතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසීය. එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිතිඥ රුවන් අබේගුණවර්ධන සහ කැඳවුම්කරු ගෝඨාභය සුමනසේකර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොනවද සිද්ධවෙන්නේ? (නි)
බයවෙන්න දෙයක් නැහැ ගිය සැරේ ලැබුණු පිලිතුරම මේ සැරෙත් අපි ලබාදෙන්නම් (හේ)
මේවා මෙහෙම වෙන්න බැහැනේ. දැන් යහපාලනයක්නෙ තියෙන්නෙ (නි)
සඳහන් කර තිබෙන අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ගැන සළකනකොට නම් අදහාගන්නවත් බැරි සිදුවීමක්. අර පාවිච්චි කරන වාහන වලට ගෙවනවා වගේ අදාළ අංශවල ඇමතිවරු අදාළ වැටුප් සහ වියදම් දරන්න එකඟ වුණාම හරිනේ. (නි)
මෙතුමන්ලා කියන්නේ දීපු එක ගැන විතරනේ දෙනවා කියල බජට් එකේ ලියවුනු රැකියා නොදීපු එක ගැනත් කියන්න. ටෙලිකොම් මෑන්පවර් සේවකයින් ටෙලිකොම් එකට ගන්නවා කියල අතුරු අය වැය යෝජනාව ක්‍රියාත්මක කළාද? (නදී)