දැනට මුදල් ගෙවා රජයේ තාක්ෂණික අධ්‍යාපන ආයතනයන් හි වෘත්තීය අධ්‍යාපන කටයුතු වල යෙදෙන සියලුම සිසුන් සඳහා ලබන වසරේ සිට කිසිදු අයකිරීමකින් තොරව වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට රජය තීරණය කළ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
2017 රජයේ අයවැය යෝජනාවක් අනුව මෙය ක‍්‍රියාත්මක වන බවත් ,ඒ අනුව ලබන ජනවාරි පළමු වැනිදා සිට ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය, සාගර විශ්ව විද්‍යාලය, තාක්ෂණ විශ්ව විද්‍යාලය ඇතුළු තම අමාත්‍යාංශය යටතේ පවතින සියලූම් තාක්ෂණික ආයතනයන්හි වෘත්තීය අධ්‍යාපන පාඨමාලා නොමිලේ හැදෑරීමට අවස්ථාව සැලසෙන බවද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කීය.
කොළඹ නාරාහේන්පිට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීය.
අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසරේ සිට මෙම තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත‍්‍ර තුළ නිදහස් වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජන පෙළපාලි වැඩි වෙන්න පුළුවන්. (ර)
හොඳ වැඩක් (ර)
යෝජනාව නම් ඉතාමත් ඉහළයි. නමුත් ප්‍රශ්නය නිකන් ලැබෙන දේ ගන්න අපේ අය දන්නවද කියන එක. කාලයක් යනකොට නිකන් දෙන්නේ කියලා අමතක වෙලා පොඩ්ඩ වැරදෙනකොට දියව් කියලා පුවරු උස්සගෙන පාරට බහිනවා (නි)
මේ එකක්වත් නෙමෙයි මෙතන තියන බරපතල ප්‍රශ්නය. අපි නිපුණතා සංවර්ධනය තුලින් වෘත්තීකයන් බිහිකරන්නේ සහ කල යුත්තේ ශ්‍රම වෙලඳපලේ ශ්‍රම අවශ්‍යතාවයට ගැලපෙන පරිදියි. මොකද වෘත්තීය අධ්‍යපනයෙන් පසුවත් ඔවුන් රැකියා විරහිත නම් අපි දෙන වෘත්තීය අධ්‍යාපනය සල්ලි අරන් දුන්නත් නිකන් දුන්නත් වැඩක් නැති නිිසා.නොමිලේ අධ්‍යාපනය දෙනවනම් එහි ගුණාත්මක බව හා අදාලත්වය පිලිබඳ ඉතා මැනවින් සොයා බැලිය යුතුයි. (ර)
සදා කල් මේවා නොමිලේ සපයන්නට මුදල් එන්නේ කොහොමද? (ර)
ඔය කියන නාරාහේපිට තාක්ෂණයේ, ඔටෝ මොබයිල් එකේ දැනට මාස 03 කට වඩා කාලයක් තිස්සේ ගුරුවරයෙක් නැහැ නේද. හොයන්න බලන්න කෙනෙක් නැහැ. අළුතින් පටන්ගන්න කලින් දැනට තියෙන ආයතන විධිමත් කරන්න. ඒක ලොකු පිනක්. (නි)
මාලඹේත් ඔබතුමා බාරගන්නකෝ. (බ)
යහපාලනයට ජය වේවා! (නි)
අපි අපේ උත්සාහයෙන් නැගිට්ටාට, අපිටත් මෙවැනි ක්‍රමවේදයක් හිමිවුණා නම් අපේ ජිවිත විශිෂ්ටයි. රජයක් ගතයුතු දුරදර්ශි ජනතාවාදී තීන්දුවකට එළඹිලා, අනාගතයේ මෙයින් ප්‍රයෝජන ලබන තරුණ තරුණියන් ගැනත් රටේ අනාගතය ගැනත් අපට ඇතිවෙන්නේ මිහිරි හැඟීමක් (නි)