(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මුදල් අමාත්‍යංශය සකස් කළ 2016 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා රජයේ ගිණුම් විගණනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් මතයක් පළ කිරීම තමා ප්රතික්ෂේප කළ බව රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය.
රජයේ බැඳුම්කර සම්බන්ධයෙන් මුහුණත අගය සඳහන් කරන ලෙස දිගින් දිගටම මුදල් අමාත්‍යංශයට දැනුම් දුන්නත් ඔවුන් එය අනුගමනය නොකිරීම නිසා මුදල් අමාත්‍යංශය විසින් සකස් කරනු ලැබූ රජයේ ගිණුම් විගණනය කිරීම තමා ප්රතික්ෂේප කළ බව ගාමිණි විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
බැදුම්කර කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම යටතේ නැවත ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජේසිංහ මහතා මෙසේද පැවසීය.
“1995 අංක 15 දරණ ශ්‍රී ලංකා විගණන හා ගිණුම්කරණ ප‍්‍රමිත පණත මඟින් වරලත් ගණකාධිකාරීවරුන්ට වාර්තා සකස් කිරීම සඳහා නිර්දේශයන් ලබා දී තියෙනවා. එය අනුගමනය කරමින් වාර්තා සකස් කරන ලෙස රජයේ ආයතන වලට වසර ගණනාවක් පුරාම දැනුම් දුන්නත් ඔවුන් ඒ අනුව කටයුතු කරන්නේ නැහැ.“
“රජයේ බැඳුම්කර සම්බන්ධයෙන් මුහුණත අගය සඳහන් කරන ලෙසත් ඒ මත ගිණුම් තබන ලෙසත් දිගින් දිගටම මුදල් අමාත්‍යංශයට දැනුම් දුන්නත් ඔවුන් එය අනුගමනය කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ වට්ටම් සහිත අගය මත ගිණුම් තැබීමයි. පසුගිය කාලය පුරාම මේ ප‍්‍රශ්නය තිබුණා. පසුගිය කාලයේදී මෙය නැවත නොකරන ලෙස දැනුම් දීම් කරමින් එම වාර්තා විගණනය කිරීම මා විසින් කරනු ලැබුවා. ඒත් මෙවර මුදල් අමාත්‍යංශයේ වාර්තා විගණනය කිරීම හා ඒ සම්බන්ධයෙන් මතයක් පළ කිරීම මා ප්‍රතික්ෂේප කළා.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු තෙරමේ එක නිලදාරියෙක් ඉන්නවා කොන්ද තියන
ඕකත් මහින්දගේ පිට දාලා බේරෙන්ඩ බැරිද දන් නෑ නේද?
අන්න එහෙම කොන්ද කෙලින් තියන නිලදාරින්ට අපගේ හෘද්‍යාංගම ස්තූතියි.
මට නම් පෙනෙන්නේ මේක දැන් ටෙලි නාට්ට්යක් වගේ සැම්වෙල් රෝදිගුල ඇනස්ලි ඩයස් ල හිටිය නම් හොඳට රඟපාල පෙන්වඊ අපේ අවාසනාවට ඒ' කලශුරීන් අපෙන් වෙන් වෙලා
ඔය කියන රෙගුලාසි හා පනත් යටතේ වාර්තා සකස් කලොත් සොරකම් කළ අය එළියට වැටෙනවා. දෙන ඕනෑම වාර්තාවකට අත්සන් කලොත් විගණකාධිපතිතුමා එළියට යනවා. මේක හරියට ගෙදර ගියොත් අඹු නසි..., මග හිටියොත් තෝ නසි වගේ කතාවක්....
ඔබගේ සේවාව ඉතාමත් ඉහළින් අගය කරමි. මේ පිළිබඳ උසාවියේ සහය ගන්න, හොරුන් එළවන්න... ඔබට ජාතියේ ප්‍රණාමය. !!!