IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රජයේ ඉඩම් හතරක් යොෂිඩා පදනමට දෙයි

(අංජුල මහික වීරරත්න)

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්‍යාපෘති හතරක යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පවරා තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව කලුතර මත්තේගොඩ, නුවරඑළිය කුමාරගම, හොරණ අමරගම හා නිට්ටඹුව රංපොකුණගම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති ආශ්‍රිතව යෝෂිඩා පදනම පෙර පාසල් පවත්වාගෙන ගිය ඉඩම් එම පදනමට පැවරූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.

ඊට අදාල හිමිකම් ඔප්පු ප්‍රදානය පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු බවද සභාපතිවරයා කියයි.



අදහස් (4)

රජයේ ඉඩම් හතරක් යොෂිඩා පදනමට දෙයි

රංබොඩ Monday, 27 May 2024 05:30 PM

මෙව්වා මොනවද දන්නේ නෑ. පස්සේ තමයි විස්තර දැනගන්න වෙන්නේ... මෙච්චර කාලයක් නොකෙරුණු දේවල් නෙමේ...!

:       5       8

පියල් විරසිංහTuesday, 28 May 2024 06:58 AM

ඕවා මොනවද දක්ශින අධිවේගයේ තිබුණ පස් ටික ගෙනල්ලා කුඹුරු ට්ක ගොඩ කරලා ඒවට මොනවද උනේ කියලා හිතා ගන්න බෑ .මේ රටේ නීතිය තියෙන්නේ දෙවිදියකට.

:       0       1

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 28 May 2024 04:43 AM

ඕවා උඹලගේ පරම්පරාවේ බූදලේද හිතුව විදියට බෙදලා දෙන්න. අනිවාර්යෙන්ම මේක මගඩියක් කප්පම් බඩා, බටලන්දයා කවදද හොඳ වැඩක් කළේ? ඒ මදිවට කහපාට යුනිෆෝම් කාරයෙකුත් ඉන්නවා.

:       1       2

පියල් විරසිංහ Tuesday, 28 May 2024 06:53 AM

කොයි ආණ්ඩුව ආවත් මිනිහා ගොඩ .යොශිඩා එක පිටි පස්සෙ තියන කුඹුරු ඔක්කොම ගොඩ කරලා ඒවා දැන් විකිනිලත් ඉවරයි වගේ හිතෙන්නෙ .

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site