(සිරාජ් හසීම්)
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇති රජයේ ඉඩම් අක්කර 62 500ක් උක් වගා කිරීමට සිංගප්පූරුවේ සමාගමකට ලබා දීමට රජය පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
මෙහි කර්මාන්තශාලාව ඉදිකිරීම සදහා සැලසුම් කර සිටින හෙක්ටයාර 149.2ක ඉඩම පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් පාරිසරික හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් සංරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති ප්‍රදේශයක් බවත් ඒ මහතා කියයි.
මෙකී කර්මාන්ත ශාලාව ඉදිකිරීමට සැලසුම් කර සිටින මෙම ඉඩම බදුල්ල දිස්ත්‍රීක්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙහිගම හා ඇකිරියංකුඹර ගම්මානවල අක්කර 149.3ක ඉඩමක් බවත් පාරිසරික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම ඉඩම මාදුරුඔය ඉහත්තෑවේ ජලපෝෂක ප්‍රදේශයක් බවත් දුර්ලබ ඝනයේ ඖෂධ පැළැටි රැසක් මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන බවත් විද්‍යාරත්න මහතා කියයි.
මේ හේතුව මත පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවත් මෙම ඉඩම් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණද මෙම ඉඩම්වල භාරකාරීත්වය හිමි මහවැලි අධිකාරිය විසින් මෙකී කර්මාන්තශාලාව ඉදිකිරීම සදහා අවසර දී තිබෙන බවද විද්‍යාරත්න මහතා පවසයි.
එම සමාගමට මෙම ඉඩම් ලබාදීමට පසුගිය පෙබරවාරි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඒ මහතා කියයි.
මෙකී ව්‍යාපෘතියෙන් ලැබෙන ලාබයෙන් 88%ක් සිංගප්පූරු සමාගමටත්,10%ක් මෙරට හවුල්කාර සමාගමකටත්, 2%ක් මහවැලි අධිකාරිය හා ගොවීන් අතරේත් බෙදෙන බවත් මෙහි පුළුල් වාසිය සිංගප්පූරු සමාගමට බවත් ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ උක් නෙමෙයි මොනවා හරි වගා කරාම මොකක්ද ප්රශ්නය සිංගප්පුරුව ඇවිත් බින්න බහින්නේ නැහැ
ලංකාවට දේශීය සීනි නිෂ්පාදිතය ප්‍රමාණවත් නොවී ආනයනය කරන්න වෙනවා නම්, දේශීයව ආයෝජකයෙකුත් නැත්නම් විදේශීය ආයෝජනයකින් රටේ සීනි කර්මාන්තය නංවන එකේ වැරද්ද මොකක්ද? මේ සමාගමේ රස්සා කරන්නේ ලාංකිකයෝ. උක් වවන්නේ ලංකාවේ ගොවීන්. හැමදේටම විරුද්ධ වෙන්න විතරක් දන්න අයට මේකටත් විරුද්ධ වෙන්න පුලුවන්. තේ දෙනවා නම් තේ එපා කෝපි ඕන කියනවා. කෝපි දෙනවා නම් කෝපි එපා තේ ඕනේ කියනවා. දෙකම දෙනවා නම් දෙකම එපා කියනවා. එකක්වත් දුන්නේ නැත්නම් පහසුකම් කප්පාදු කරා කියනවා.
ඉඩම් නිකන් තියන් ඉන්නේ නැතිව වගා ක්‍රම මක් වෙනවද ඔයාල වගේ ගොබිලයන් හින්ද රටම වලපල්ලට යනවා . ඉඩම් බදු දීම වරදක් නෙමෙයි. විකුණන් කන්නේ නැත්නම්
නිකම් තියන ඉඩම් මෙහෙම හරි දියුණු වෙන එක හොද නැද්ද? බදුල්ල කියන්නේ ලංකාවේ දුප්පත්ම ප්‍රදේශයක්. කී දෙනෙකුට මේකෙන් රැකියා ලබෙයිද.
මේ ව්‍යාපෘතියෙන් රටේ නිෂ්පාදනය වැඩි වී රැකියා අවස්ථා වැඩි වන්නේ නැද්ද? මෙවැනි විශාල ව්‍යාපෘති වලට රට තුල මුදල් නැතිනම්, පිටරටින් ආයෝජන ගෙන ඒමේ කිසිම වැරද්දක් නැහැ. මීට පෙර උක් වගා කිරීම සඳහා හිඟුරාන, සෙවනගල, කන්තලේ වැනි ප්‍රදේශ වල කැළෑ එලි කිරීම සිදු වුනු අතර, කැළෑ එලි නොකොට උක් වගා කල නොහැකි බව මේ දේශපාලන පක්ෂයට වැටහෙන්නේ නැත්තේ ඇයි? මේ අයගේ අදහසට අනුව, පුරා විද්‍යාව නිසා අතීතයේ ගැලෙමින් රට සංවර්ධනය නොකොට ඔහේ සිටියාම ඇති.
මිනිස්සුන්ට දේවල් තේරෙන කොට අපේ රට විකුණලා ඉවරයි .ජවිපෙ අනාගතය දකින පක්ෂයක් .මිනිස්සුන්ට එක තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ
මේ මන්ත්‍රීතුමෝ තමුන්නාන්සේලා ඔක්කොම දන්නවා රට සංවර්ධනය කලයුතු ක්‍රමයත් දන්නවා ඒනිසා මේ වගේ ඉඩම් ඉල්ලගෙන සංවර්ධනය කරලා පෙන්නන්න ආරක්ෂා කලයුතු දේවල් ආරක්ෂා කරගෙන ඔබතුමන්ලට කරන්න පුළුවන්නේ ඔබතුමන්ලා හරියට කලොත් ජනතාව ඔබතුමන්ලට බලය දේවි එහෙම නොකර බොරුවට කෑගහන්න එපා
මේකේ අදහස් දක්වලා තියෙන්නේ පුදුම මිනිස්සු. මිනිසුනේ හැමදේම මුදල් මුල් කරගෙන හිතන්න එපා. මේ රටේ අනාගත පරම්පරාව ඔබට සාප කරයි.
ලංකාව කිසි විදියකට කෘෂි කර්මාන්තයෙන් දියුණු කරන්න බැහැ. සෙනග වැඩියි. ජන ඝනත්වය චීනෙටත් වැඩිය වැඩියි. දැනටත් සංඛ්‍යාව වැඩි වීමේ වේගය දෙමල හා බර්ගර් ඇරුණු කොට අනිත් ජාති දෙකේ වැඩියි. 2011 ජන සංගණනය 1981 එක්ක සංසන්දනය කරන්න. ඒ හින්ද කැමති වුනත් අකමැති වුනත් ඔය රජය සතු ඉතිරි මුඩූ බිම් වල මිනිස්සු බලෙන් පදිංචි වෙනවා. පසුව ඒවා දිස්ත්‍රික් ලේකම් නියමානුකරණය කරනවා. ඒක තමයි මේ දක්වා වුනේ. ඒ නිසා වගා නොකරන මුඩූ බිම් වලින් උපරිම ප්‍රයෝජනය ගත යුතුයි. මොකද නැත්නම් කොහොමත් ඕව පදිංචියට දෙන්න වෙනවා, හැම එකටම විරුද්ද ඔය ජේ වී පී හාදය සුරංගනා ලෝකෙක ජීවත් වෙන්නේ.