(සුජිත් හේවාජුලිගේ )
පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.
ඇය මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන්නේ නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී සත්පත්තිනි මහා දේවාලයේ 1887වැනි රන්දෝලි පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කිරීමට වැයවූ මුදල බව දැනගන්නට ඇත.
එම රාජ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීමක් අනුව ජාතික රූපවාහිනි සංස්ථාව නවගමුව පෙරහර මෙසේ සජීවී ලෙස විකාශනය කර තිබිණ.
මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා රාජ්‍ය අමාත්‍යවරියට කිහිප වතාවක්ම සිහිකැඳවීම කර ඇතත් මෙතෙක් එම මුදල ගෙවා නැතැයි කියති.
මේ අතර මේ සම්බන්ධයෙන් නිත්‍යානුකූල පියවර නොගන්නා ලෙස ඇය රූපවාහිනී පාලනාධිකාරියට බලපෑම් කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 2 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවාහිනී සංස්ථාව අධික ලාබ ලබන ආයතනයක්ද? රාජ්‍ය ආයතන පාඩු ලබන එක අරුමයක්ද?
ඔව් ඉතින්.. ඕවා ගෙවන්නේ මොකටද? රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ඇමැතිවරියගේ අප්පගෙන් ලැබුණු පුද්ගලික බූදලේ කොටසක්නේ..!
දේවාල කියන ඒවා ප්‍රවර්ධනය කිරීම අපරාධයක් නේද? පෞද්ගලික න්‍යාය පත්‍ර ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ යුතුද?
මෝඩ එළදෙන්නු පාර්ලිමේන්තු යැව්වම ඔහොම තමයි.
මේ අර ගංජා නීති ගත කරන්න ඉල්ලපු කෙනාගේ නම දාන්න බැරිද ?
සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් නම් කලින්ම කෑෂ් අරගෙන වැඩේ... නමුත් මෙයාලාට ක්‍රෙඩිට් වලට... එක පොලිස් එකක් තියාගන්නකෝ. නිකන් පඹයින් වෙන්නේ නැතිව...