( තිළිණි ද සිල්වා )
නීතිවිරෝධීව එකලස් කර සැකසූ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීමට වෙනත් වාහනයක ලියාපදිංචි සහතියක් ඉදිරිපත් කළ බවට අධි චෝදනා ලැබ සිටි විත්තිකාර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා හා ව්‍යාපාරිකයකු වන නලින්ද ජගත් කුමාර ලියනගේ නැමැත්තන් එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීන්දු කළේය.
මෙම නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අතර එහිදී විනිසුරුවරයා විසින් එම තීන්දුව ලබා දෙන ලදී.
මෙහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සාක්කිකරුගෙන් පැමිණිල්ලේ සාක්කි කැඳවීම අවසන් කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බට් වාහන කියන එක ලංකාවේ ඉතා සුලභ දෙයක් - මෙහි නීති විරෝධී බව තව දෙයක් නමුත් වාහන ගෙන්වන හුඟාක් ව්‍යාපාරිකයින් කොටස් එකලස් වාහනවලට පරණ නොම්බර දාලා අලෙවි කරනවා.
ලංකාවේ මේවා ජනප්‍රිය වෙන්නේ නැතුවේවී ද අලුතින් ගෙන්නනකොට උහුලන්න බැරි බදු ගහද්දි... මේවට ආණ්ඩුවටත් වඩා ලෙඩ දාන්නේ වාහන සේල් කාරයෝ..අසීමිත බදු අඩු කලොත් මිනිස්සුන්ට කසි කබල් ඉන්දියානු වාහන වෙනුවට වඩා ආරක්ෂා කාරී යුරෝප , ජපන් කොරියන් වාහන ලබාගත් හැක. දිගු කාලීනව විශාල ලාබ ලැබිය හැක. අවුරුදු 3 4ක් යන විට විසික් කරන ඉන්දියන් ඒවාට වඩා වැඩි කලක් ධාවනය කල හැක.
කැකිල්ලේ රජ්ජුරුවන්නේ නඩු තීන්දු, දුප්පත් මිනිහෙක් උනානම් දඩ හා හිරදදුවම්!!!
පරණ ජීප් දෙකක් ගත්තත් එකක් බට්
නීතිවිරෝදී ලියකිඅවිලි දුන්නම කොහොමද "නිදොස්කොට නිදහස් " වෙන්නේ ? විමල් විරවන්සට තවම නඩු , තමන්ගේ නමට පස්ස්පෝර්ට් 2 ක් තිබුන කියල . තිස්ස අත්තනායකට නඩු ව්‍යාජ ලියකිඅවිලි දේශපාලන වේදිකාවල පෙන්නුවා කියල . ඒ කියපුව ව්‍යාජ නොවන බව දැන් ජනතාවට තේරෙනවා ගිවිසුමට අනුව වැඩ කෙරෙන්නේ . රංගේ බණ්ඩාර විතරක් නිදොස්කොට නිදහස් .
හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ.. පුදපු ගමන් කාපි යකා... නව ඇමැතිවරුන්ට සුබ පැතුම් !!!
මමනම් දැනගෙන හිටියා මේක වෙනවා කියලා.. මේක නීතිය නවපු යහපාලනයනේ..