මුදල් රෙගුලාසියක් පරාජය විම නිසා රජය වහාම ඉල්ලා අස්විය යුතුයැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අද ප්‍රකාශ කළේය.
එසේ ඉල්ලා අස් නොවන්නේ නම් හෙට (08) රජය යළිත් ඡන්දයකට ගොස් එම පනත ජයගෙන පෙන්විය යුතුයැයි ඔහු කියා සිටියේය.
අගමැති , මුදල් ඇමැති , විපක්ෂ නායක ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමැතිකම් ගත් මන්ත්‍රීවරුද ඡන්දය විමසන අවස්ථාවේ නොසිටි බවත් ඔහු කීවේය.
මෙම රෙගුලාසියට විරුද්ධව ජවිපෙ විජිත හේරත් මන්ත්‍රීවරයා ඡන්දය දුන්නේය.දෙමළ සන්ධානය ද බොහෝ මැති ඇමැතිවරු ද ඡන්දය විමසන අවස්ථාවේදී එහි නොවුහ.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව රජය මෙවැනි අවස්ථාවකදී ඉල්ලා අස්වීමේ ප්‍රශ්නයක් මතු නොවන බව ආණ්ඩුක්‍රම විශාරදයෝ කීප දෙනෙක්ම කීහ.
හිටපු ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පැවසුයේ අගමැති ,විපක්ෂ නායක හා මුදල් ඇමැති ඉල්ලා අස්විය යුතු බවයි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුයේ රජය ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
‘අපි සුදානම් වුණේ 6.5 % - 7.5 % පොලියට භාණ්ඩාගාර බිල්පත් වලින් මුදල් ගැනීමයි.එය පරාජය කළා දැන් අපිට භාණ්ඩාගාර බැඳුම්කර මගින් 10.5% පොලීයට මුදල් ගන්න වෙනවා රජයේ අත්‍යවශ වියදම් සඳහා .ඒ බර මහජනයාට පැටෙව්වේ මේ රෙගුලාසිය පරාජය කිරීම නිසා .ඒ වගකීම විපක්ෂ බාර ගන්න ඕනෑ. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද පදනමක් නොමැත්තෝ ගැල ඉදිරියටම යයි . (දී)
මම නම් කියන්නේ ආණ්ඩුව 23 කලින් විසුරවලා පරණ ක්‍රමයට ඡන්දය තියන්න කියල. එවිට ජනතාව තීරණය කරාවී කවුද පාර්ලිමේන්තු යවන්නේ කියල හැබැයි කිසිම කෙනෙකුට රජයේ දේපල හෝ රජයේ සේවකයන් ඡන්ද වැඩවලට යොදා ගැනීම සපුරා තහනම් කල යුතුයි. සියලු බලතල මැතිවරණ කොමසාරිස් හා ජනපති විසින් පවරා ගත යුතුයි. (ස)
සියල්ලන්ගේ මුලික පරමාර්ථය වුනු මහින්ද එළවීම කරගන්න ආඬි ටික එකතු වුනාට මහින්ද එලව ගත්තට පස්සේ රට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන එක මතයක් තිබුනේ නැහැ..හැමෝම හිතුවේ තම තමන්ගේ උපකල්පන මත.එහෙම නොවුනානම් ජනාධිපතිවරණයෙන් පසු කළයුතුව තිබුනේ කාගේවත් පෙන්ෂන් ගැන නොහිත වහාම මහා මැතිවරණයක් පවත්වා ලැබූ ජන වරම පාර්ලිමේන්තුවේ නියෝජනය වීමට සැලැස්වීම..දවසින් දවස දැන් කට්ටිය අනා ගන්නවා විතරක් නෙමෙයි හත් පොලේත් ගා ගන්නවා.මේ එකක්.දේශපාලනේ යම් බුද්ධියක් ඔය කියන මහලොකු මොළ වලට තිබුනා නම් මෙහෙම තත්වයක් තමන්ට බලය නැති පාර්ලිමේන්තුවක වෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන..ඒ වගේම මහින්ද මහත්තය පෙරට වඩා ජවයකින් ආයෙත් නැගිටින බවත් ඊට මුණ දිය යුතු බවත් දැන සිටින්න ඕන.තමන්ගේ එකතුව එක අරමුණක් සඳහා තාවකාලිකව එක වුනු කැද හැලියක් වුනත් අනෙක් පස පිරිසිදු බහුතරයේ බහුතරය සහිත ලක්ෂ 58 ක් සිටින බවත් ඔවුන් ඉක්මනින් දිනා ගැනීමට කටයුතු කලයුතු බවත් දැන සිටින්න ඕන.ඒ වෙනුවට කලේ ලක්ෂ 58 වෛයිරයට දවසින් දවස පත් වීම. බහුතරයේ බහුතරය ගැන නොසිතා දිගටම සුළුතරය පිනවීමෙන් බහුතරයේ විශ්වාසය තවදුරටත් බිඳ ගැනීම....මේ ආණ්ඩුව දැන් කැඳ හැලියක්..වෙන විකල්ප දැන් නැහැ.පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවල නැවත ජන මතය උරගාල බලනවා මිසක්. (ස)
ඕනෑ කෙනෙක් දන්නවා මුදල් පනතක් පාර්ලිමේන්තුවේ පැරදුනොත් ඒ රජය ඉල්ලා අස්වියයුතු බව (නි)
බන්දුල ,අපේ ආණ්ඩුව තිබෙන කාලේ ඔය කටවල් මොකද වහගෙන හිටියේ? (නි)
ඔය කයිවාරු ගැහුවට එජාපය ඡන්දෙකට ගියොත් 2/3 ක බලයක්වත් ලැබෙන්නේ නැහැ කියලා මට නම් විශ්වාසයි (නි)
දිනේෂ්ලට ඕනේ කොහොම හරි අර හොරු රැල නැවත මේ රට කන්න විදිහක් පාදා දිමයී. මේවට කවද හරි මේ ගොල්ලෝ වන්දි ගෙවාවි. (ස)
මුදල් සම්බන්ධ පනතක් පරාජයවෙන රජයන් ඉල්ලා අස්වීම පාර්ලිමේතු සම්ප්‍රදායයි. අපේ මේ ආණ්ඩුවත් ඊට සමානයි කියාගත්තාට කරන්නේ එහෙම වැඩ නම් නෙමෙයි. (නි)
මේවා කියන්න කලින් ඔබ රටට වැඩදායී පුද්ගලයෙක් වෙන්න ඕනෑ. මමත් මහරගම (නි)
අනේ ඇත්තට මොනවද මේ කතා මහත්තයෝ? (නි)
මැති සබය වැට උඩ, රට යනවා කොට උඩ. (ස)
අපි අස්කරන්නම්කෝ! (නි)
කරුණාකරලා දිනේෂ් මහත්තය අස් වෙන්න, ගොඩක් වයසයි නේ. (ස)
ඉල්ලා අස්වෙන්න කියපුවම කකුල් සට සට ගාල වෙවුලනවා. (ස)
මේ ආණ්ඩුව අස්වෙන්න ඕන නැහැ . දින 100 ආණ්ඩුව ලෙස අතීතයට යාවි. ගත්ත විතරයි ආර්ථිකය එහෙම පිටින්න්ම කෑව. මෙය හදන්නේ සතොස වැහුවා වගේම ආණ්ඩුවත් වහලම දාන්නයි. රටම කෑවා. (ස)
මේගොල්ලෝ කරන වැඩක් නැහැ මඩ ගහන එක විතරයි (දී)
හරි නම් දැන් අස්වෙන්න ඕන. ආණ්ඩුවක් නොවෙයිනේ. උපදෙස් ගන්න ඉන්දියාවට යන්න. (ස)
එහෙම අස්වෙන්න පුළුවන් ද? (නි)
මගේ අම්මෝ සද්දේ? පහුගිය කලේ කොහෙද හිටියේ ? (නදී)
රජයෙන් ඉවත් වන්න එපා (ස)
අනේ මන්දා මේ මිනිස්සු කොහෙන්ද කතාකරන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. බලලෝභීන් ඔක්කොම බැලුවහම. කවුරු කළත් අසාධාරණයට සාධාරණයි කියන්නත් සාධාරණයට අසාධාරණයි කියන්නත් මගේ දිව නම් නැමෙන්නේ නැහැ. මේ කවුරුත් තමන්ගේ ඇහේ තිබෙන පරාලය ඉවත් කරගන්නේ නැතුව අනුන්ගේ ඇස්වල තිබෙන රොඩ්ඩට පිඹින්න හදනවා. (නි)
මෙච්චර දවසක් හිටපු එකේ ඉතුරු දවස් ටිකත් ඔන්න ඔහෙ හිටපුදෙන්. අස් වෙන්න කිව්වට අස්වෙන්නෙ නෑ නනේ. (ර)
පසුගිය කාලේ මෙහෙම වුණොත් අස්වෙනවා, කන කපනවා, වෙඩි තියාගන්නවා කියපු අය ගැන අපි දන්නවා. දැන් ඒ සම්ප්‍රදායන් කල්පැනලා. (නි)
ඔයා මුදල් පනතකයි, රේගුලාසියකයි වෙනස මුලින් ඉගනගෙන එන්න. නොදන්න දෙයකින් ඔබේ බුද්ධි මට්ටම ප්‍රකාශ කරන්න එපා. (ස)
අනේ මන්දා මේ කතා මොනවද කියලා? (නි)
කට විතරක් මදි. වැඩත් තියෙන්න ඕනෑ (නි)