(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය අමාත්‍යධූර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරගයක් ඇති වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ පිරිසක් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති අතර,එය විස්සකට හෝ විසිපහකට පමණ සීමා කෙරෙනු ඇතැයිද වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් මන්ත්‍රීවරුන් සිවුදෙනකු ආණ්ඩුවට සම්බන්ධ වීමට නියමිතව ඇති අතර, ඔවුන් සිවුදෙනාටද රාජ්‍ය ඇමති ධුර හිමිවීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත.
රාජ්‍ය අමාත්‍යවරුන් මේ සතියේ දී දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද පැවසේ.
කැබිනට් ඇමැතිවරුන් පත් කිරීමේදී ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර දැඩි තරගයක් හටගෙන තිබූ අතර ,කැබිනට් අමාත්‍යධූර නොලැබුණු පිරිසක් කලකිරීමට පත්ව සිටින බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් අනන්නයි යන්නේ. අන්තිමට රටට කිසිම වැඩක් හෝ ප්‍රයෝජනයක් නැති කට්ටියට වියදම් කරන්න වෙන්නේ පොදු ජනයාට. ලෝකය පුරාවටම ගොස් මහජන සුබසිද්ධිය උදෙසා ලබාගන්නා මුදල්වලින් රටට හෝ පොදු ජනයාට වටිනාකමක් නොමැති රටපාලුවන්ට වියදම් කළාම මොකද වෙන්නේ..? ගත්තු ණය ආපසු ගෙවන්නේ කවුද? 225 කිසි වැඩක් නැතියයි... පොදුජන මතය ගොඩනැගෙන්නේ ඇයි දැයි වටහාගැනීමට තරම්වත් මොලයක් නැද්ද?