අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ පුතාගේ මංගල සාදය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ආරාධිතයන් අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද විය.
නව යුවළට සුබ පතා විජයදාස රාජපක්ෂගෙන් ද මහින්ද සමුගත්තේය.
ඇමැති රාජපක්ෂ ඔහු සමග ගියේය. ඔහුගේ කාරයේ දොර ඇරියේය. ඔහු කාරයේ වාඩිවූ පසු දොරද වැසුවේය. දොර වසා ඔහුට යළිත් සුබ පැතීය. දකුණේ සම්ප්‍රදාය එයයි. එය චිරාගත සම්ප්‍රදායකි. ගෙදරට / මඟුල් ගෙදරට එන අමුත්තනට සලකන්නේ එලෙසිනි. එසේ කිරිමෙන් කිසිම මදි පුංචි කමක් ඇති නොවේ.
පුතාගේ දෙවැනි ගමනේ සාදය කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් විශේෂ සිදුවීමක්! (නි)
මේක උත්සවයකදී වෙන චාරිත්‍රයක්. (ර)
රොහාන් දයාදර, ඇතිද අහගත්තා. අනුන් හදන්නේ නැතිව තමුන් හැදෙන්න බලනවා. මොකද හැදිච්චකම හොදටම පේනවා. (අ)
විජයදාසට අවශ්‍ය වී ඇත්තේ ඔහු නමට විතරක් රාජපක්ෂ කෙනෙක් නොවන බව පෙන්වන්න වෙන්න ඇති. ඕක පෙන්නන්න මඟුල් ගෙයක්ම එන්න ඕනෑ නැහැ. (නි)
රොහාන් දයාදර තිස් අවුරුදු යුද්දේ තියෙද්දී, 88, 89 භිෂණය තියෙද්දී කොහෙද හිටියේ. (ර)
ඔය වගේ ප්‍රභූ පැලැන්තියේ මඟුල් තුලා වලට පක්ෂ බේදයෙන් තොරව ආරාධනා ලැබෙන්නේ ඒ අය එකම පන්තියකට අයිති නිසා. දැකලා තියෙනවද කවදාවත් ජ.වී.පෙ. අය ඔය වගේ මඟුල් ගෙවල් වල. (නි)
රාජපක්ෂලා දෙපැත්තේම කකුල් තියාගෙන ඉන්නේ. අන්තිමට එ් පැත්තට පෙරලුනත් මේ පැත්තට පෙරලුනත් රාජපක්ෂලා දිනුම්. ඡන්දෙ දෙන අපි සැමදා පරාදයි (නි)
රාජපක්ෂලා ඒ කාලේ ඉඳලාම කළේ අනුන්ට දොරවල් ඇරලා දුන් එකම තමයි. (නි)
සමහර වැඩවලින් පේනවා මොන පැත්තටද දොර අැරගෙන ඉන්නේ කියලා. (නි)
නව යුවළට සුබ පැතුම්! (නි)
පිදියයුත්තාට පිදිය යුතුයි (නි)
වැඩිහිටියනට ගරුකළ යුතු බව දත් රාජපක්ෂ ඇමතිතුමාට මගේ ආචාරය පුදමි. (නි)
මොරිස් මහතාගේ කතාව සම්පුර්ණ අැත්තක්. දේශපාලනයෙන් පක්ෂ දෙකකට බෙදී සිටියත් එජාපය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමසමාජ පක්ෂය වැනි පක්ෂ නියෝජනය කරන්නේ එකම කොටසක් එකම පන්තියකට අයිති කොටසක්. එහෙත් ජේ වී පි එකේ ඉන්නේ වෙනම පන්ති කොටසක්. ඔවුන්ට ආරාධනා නොලැබෙන්නේ ලොකු හෝටල් වල පවත්වන මෙවැනි උත්සව වලදී ඔවුන්ගේ හැසිරීම, කතාබහ, කෑම මේසයකදී ඔවුන්ගේ භාවිතය මොවුන් සමඟ නොගැළපෙන නිසා වෙන්න ඇති (නි)
පක්ෂ දේශපාලනය ගැන හෝ ප්‍රවෘත්තියක වැදගත්කම ගැන හෝ ප්‍රාථමික අවබෝධයක් වත් තියන කෙනෙක් මෙහෙම දේවල් වලට පුවත් පත්වල ඉඩ නාස්ති කරන්නේ නැහැ . (ම)
මොන තරම් දේවල් සිදුවුනත් මහින්ද රාජපක්ෂ කවදාවත් හැදෙන පුද්ගලයෙක් නෙමෙයි කියල විජයදාස රාජපක්ෂ මහතාට පොස්කාර්ඩ් එකක ලියල යවන්නකෝ. නැතිනම් ටෙලිග්‍රෑම් එකක් ගහන්න (කෞ)
මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයට තිබෙන දුෂණ චෝදනා වලට ලැබෙන තීන්දු තීරණ ගැනත් අපිට හිතාගන්න පුළුවන්. හැමදාම සාමාන්‍ය ජනතාව තමයි පරාද වෙන්නේ (නි)
මහත්මා ගතිය පෙන්වීමක් මිස කිසිම වැරද්දක් නොමැත .. අමතක කරන්ඩ එපා මහින්ද කියන්නේ අපිට නිදහස ලබාදුන් ජනාධිපති .. (බ)
ගරුකල යුතු පුද්ගලයන්ට ගරුකිරීමේ වරදක් නෑ. මේවා, විජයදාස රාජපක්ෂ මහතා වගේ උගත් කෙනෙක් සමාජයට පෙන්වාදීම, නවක දේශපාලකයන්ට වැදගත් වේවි (ම)
රොහාන් දයදර, කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න කවුද කවදාවත් නොහැදෙන කෙනා කියලා. (නි)
මේ වගේ කෙනෙකුට මේ වගේ සළකනවා කියන්නේ, අපිට ගොඩක් දේවල් හිතාගන්න පුලුවන් (නි)
කෙළෙහිගුණ තිබෙන මහත්මයෙක් (නි)
මොන තරම් දේවල් සිදුවුනත් මහින්ද රාජපක්ෂ කවදාවත් හැදෙන පුද්ගලයෙක් නෙමෙයි ,,,,,,(ම)
වැට් වැඩි කළේ මේගොල්ලන්ට පාටි දාන්නද? බදු මිල බාගෙට බාගයක් අඩුකරන්න පුළුවන්කම තියෙද්දී වැට් 15% කින් වැඩිකිරීම කොච්චර අප්‍රසන්නද? (නි)
විජේදාස රාජපක්ස කියන්නේ උගත් මහත්මයෙක් .මගේ ප්‍රණාමය. (ම)
මෙවැනි මහත්වරු තමයි පාර්ලිමේන්තුවට ඕනෑ. උගත්කමක් නැති මිනිස්සු පාර්ලිමේන්තුවට යවන එක වළක්වලා උගත්කමක් තියෙන කට්ටිය යැව්වා නම් ලංකාව ගොඩක් දියුණු වෙලා (නි)
මොන වගේ දේශපාලකයන්ද මේ? (නි)
මේවා බලලාවත් ගමේ ගොඩේ මෝඩ ජනතාව හැදෙනවා නම් හොඳයි (නි)
මංගල සාදයකදී කාර් වල දොර වසන්න දොර අරින්න දකුණේ මෙහෙම චිරාගත සම්ප්‍රදායක් නැහැ. අායුබෝවන් කියලා සුබ පතනවා. යන්න කියලා අායුබෝවන් කියනවා. රාජ්‍යතාන්ත්‍රික ආචාරවිධි ක්‍රම චිරාගත සම්ප්‍රදායකට හරෝගෙන. නමුත් මේක තමයි අපේ මිනිසුන්ගේ අද තියෙන ප්‍රාථමික අවබෝධය සහ මානසික තත්ත්වය. (නි)
මේ දොර ඇරීම ගැන මට නම් අමුතුවෙන් හිතාගන්න දෙයක් නැහැ. (නි)
විජේදාස මහතාට අතීතය මතක නිසා, මෙසේ කිරීම පුදුමවන්න දෙයක් නැහැ (නි)
කුමන පක්ෂයේ හිටියත් විජයදාස රාජපක්ෂ වැදගත් මහත්මයෙක්. අපේ රටේ අවාසනාවට මහින්දට ඔහු වැන්නවුන් ආරක්ෂා කරගන්න බැරිවුණා (නි)
කඩේ යනවා නම් දොරවල් අරිනවා නම් ඕනෑ කෙනෙක් මහත්තයෙක්. මේක තමයි අපේ මිනිසුන්ගේ අද තියෙන මානසික තත්ත්වය. අහෝ දුකකි! (නි)
ආපු ගමන් ගියාද?(හේ)
මේවා භාවිතයේ පවතින සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික ආචාරවිධි ක්‍රම වෙන්න ඇති (නි)
මෙහෙම බලනකොට ජනතාව තමයි මෝඩයෝ. (නි)
අපි නම් ඕවා දකින්නේ වෙනස්ම විදිහකට (නි)
සේරම් පැරිස්, අනේ පවු! ජේ වී පි එකේ ඉන්න අයට ඔය කියන දේවල් හුරු නැතුවම ඇති. (නි)
ඔන්න ඕකට තමා නියම උගත් දේශපාලනය කියන්නේ. ඡන්දයකදී දෙපැත්තට බෙදී වාචිකව දොස් කියා සටනක් කළාට, ඒවා ඡන්දය දවසට පසු අවසන්. එහෙත් අනුවණ ඡන්දදායකයන් මැරෙනතුරු ඇන කොටා ගන්නවා දෙපැත්තට බෙදිලා (නි)
රාජපක්ෂ මහතා හොඳ මහත්මයෙක්. ඔහු ආදර්ශවත් චරිතයක් (නි)
"මෙහෙම බලනකොට ජනතාව තමයි මෝඩයෝ" යන්තම් ඇති, එක් කෙනෙකුගේ හරි මොළය පෑදිලා (නි)
මීටත් වඩා ලොකු මිනිස්සු මහින්දට වාහන වල දොර ඇරලා අල්ලගෙන සිටියා. මොකද මහින්ද රාජපක්ෂ තමා සැලුන් දොර ඇරලා එන්න යන්න ඕනෑ කෙනෙකුට ඉඩදුන්නේ (නි)
අනේ හැබෑටම මෙහෙමත් දේවල්! (නි)