ජනවාරි මස 9 වැනිදාට පහන් වෙද්දී රාජපක්ෂ රජය ජනාධිපතිවරණයේ අවසාන ප‍්‍රතිඵලය නිකුත් වීම වැළැක්වීමට කටයුතු කර ඇති බව දැන් අනාවරණයව තිබෙන්නකි.මේ දෛවෝපගත හෝරා කිහිපයේදී සැබෑවටම සිදුවූයේ කුමක්දැයි අනාවරණය කර ගත හැකි වනු ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විධිමත් පරීක්ෂණයකින් පසුවය.එනමුත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ව්‍යාපාරයේ (කැෆේ) අපගේ නිරීක්ෂකයින් කාර්ය මණ්ඩලය හා වෙනත් හවුල්කරුවන් වාර්තා කළ පරිදි ජනවාරි මස 8 වැනිදා ගෙවීයෑමට ඉතිරිව තිබූ අවසන් හෝරා කිහිපයේදීත් ජනවාරි මස 9 වැනිදාට පහන්වූ පළමු හෝරා කිහිපයේදීත් ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ නව පිටුවක් පෙරළීමට තිබුණු මොහොතේ සිදුවූ දේ මෙසේ සටහන් කරන්නෙමු.
හමුදා පාලනයක් ගැන කටකතා ජනපතිවරණයට දින දෙකක් තිබියදී විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලඥයින් කිහිපදෙනෙකු හා තවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් ලබාදුන් තොරතුරු වලින් ජනවාරි මස 8 වැනිදා ඡන්ද විමසීම අවසානවූ පසු රටේ මූලෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයකට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමට සකස් කර තිබෙන සැලැස්මක් පිළිබඳව කැෆේ වෙත වාර්තා විය. තොරතුරු ලබා දුන් පුද්ගලයන් කැෆේ වෙත පවසා සිටියේ මෙම සැලැස්ම කෙරේ මනාපයක් නොමැති ආරක්ෂක අංශ වල ඉහළ නිලධරයින් කිහිපදෙනෙක් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ලියැකියවිලි තමන්ගේ අතට ලැබෙන්නට සැලැස්වූ බවය.
ජනවාරි මස 6 වැනිදා හමුදා භට පිරිස් කොළඹ නගරයේ මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානවලද, බණ්ඩාරනායක ගුවන්තොටුපළේද, කොළඹ මාධ්‍ය ආයතන ආසන්නයේද, කොළඹ හා දකුණේ පිහිටි ගුවන්විදුලි හා රූපවාහිනී සම්පේ‍්‍රෂක කුළුණු අසලද රඳවා තිබෙණු දැකගත හැකිවිය. පොලිසියේ මෙන්ම ආරක්ෂක අංශ වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උද්ගත වෙමින් තිබෙන තත්ත්වය සම්බන්ධව විපක්ෂ දේශපාලඥයින් දැනුම්වත් කර තිබුණු අතර විශේෂයෙන් සම්පේ‍්‍රෂක කුළුණු අසළ භට පිරිස් රැඳවීමේ අරමුණ විය හැක්කේ ගුවන්විදුලි හා රූපවාහිනී විකාශනයන් අඩපණ කිරීම විය හැකි බවට ඔවුහු අනතුරු ඇඟවූහ.
ඡන්ද විමසීමට පෙර දිනයේ එනම් 7 වැනිදා මෙවැනි එක් භට කණ්ඩායමක් කොළඹ ටි‍්‍රපොලි සංකීර්ණය වෙත පැමිණියහ. අදාළ ස්ථානයට පැමිණෙන්නට යැයි හැර ඔවුන්ට වෙනත් කිසිදු උපදෙසක් ලබාදී නොතිබුණි. සිවිල් ඇදුමින් සැරසී සිටි ඔවුන්ගේ අවි ඔවුන් රැගෙන විත් තිබූ ගමන්මලූ වල සඟවා තිබුණි. අවි ගත් සෙබළුන් කිහිපදෙනෙක් කොළඹ 7 පිහිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපස රඳවා සිටිනු දැකගත හැකිවිය.මේ අතරතුරදී හමුදාපති ජගත් ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබුණි. එයට සහභාගීව සිටියෝ ආරක්ෂක අංශවල හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ වූහ. සාකච්ඡාවේදී විශේෂයෙන් සඳහන් වූයේ ආරක්ෂක පියවරක් ලෙස ඡන්ද විමසීමෙන් පසු ආරක්ෂක අංශ රටේ විවිධ ස්ථාන වලට අනුයුක්ත කිරීම සම්බන්ධවය. මෙහිදී පොලිසිය නියෝජනය කරමින් හමුවට සහභාගීව සිටි නිලධරයින් එම තීරණයට විරෝධය පළ කර ඇත. කැෆේ වෙත වාර්තාවන ආකාරයට තවත් මෙවැනිම හමුවක් ඡන්ද විමසීම සිදුවුණු දිනයේදීද පැවැත්වී ඇත.
මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ මෙහෙය
මෙසේ තිරය පිටුපස සැළසුම් කෙරෙමින් තිබුණු දේ පිළිබඳව විපක්ෂ දේශපාලඥයෝ පොලිස්පති, මැතිවරණ කොමසාරිස්, විදේශ නිරීක්ෂයෝ, තානාපති කාර්යාල ආදීන් දැනුම්වත් කිරීමට කටයුතු කළහ.වහාම කි‍්‍රයාත්මකවූ පොලිස්පති හා මැතිවරණ කොමසාරිස්වරයා මෙවැනි තත්ත්වයක් උද්ගතවීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරයක්ම ගැනීමට උත්සුක වූහ. මේ පිළිබඳව කැෆේ හා මැතිවරණ කොමසාරිස්වරයා අතර පෞද්ගලික සාකච්ඡාවක්ද පැවැත්වුණු අතර එහිදී කිසිදු නීති විරෝධී කි‍්‍රයාවක් සිදුවීමට ඉඩ නොතබන බව ඔහු අවධාරණය කළේය.
පොලිස්පති හා මැතිවරණ කටයුතු භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඡන්ද මධ්‍යස්ථාන වල සිටි පොලිස් නිලධාරීන්ට කුමන බලපෑමක් පැමිණියද නීතිය අකුරටම ඉටු කරන ලෙසට දන්වා තිබුණි. ඊට අමතරව පොලිස් මූලස්ථානයට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා සෘජුව සම්බන්ධ විය හැකි ක‍්‍රමවේදයක්ද විය.මෙවන්නක් ඇතිකිරීමට ප‍්‍රධානම හේතුව වී තිබුණේ ගෙවුණු සති කිහිපයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා වත්මන් පොලිස්පති හා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්වත් නොකර දිවයිනේ පොලිස් ස්ථාන වල නිලධාරීන්ට තමන්ම උපදෙස් නිකුත් කිරීමට කටයුතු කිරීමය.දෙපාර්ශවයකින් ලැබෙන උපදෙස් වලින් කවරක් පිළිපැදිය යුතුදැයි නොදැන ලතවෙමින් සිටි පොලිස් නිළධාරීන්ට සෘජු නියෝග
නිකුත් කිරීම මෙම ක‍්‍රමවේදය ඇති කිරීමේ අරමුණ විය.
ජනාධිපතිවරණ දිනය - සාමකාමී වගේම ආතතියෙන් පිරුණු දිනයක්.
මැතිවරණ දිනය සමස්ථයක් වශයෙන් ගත් කළ සාමකාමී විය. එසේවුවත් කල්පිටිය නාවික හමුදා කදවුරේ තබාගෙන පුරවන ලදැයි කියන ඡන්ද පෙට්ටි තොගයක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත යැවීමේ තැතක් පවතින බවට තොරතුරු කැෆේට අනාවරණය විය.මැතිවරණ නිරීක්ෂකයින් මේ පිළිබඳව ප‍්‍රදේශයේ දේශපාලඥයින්,සිවිල් කි‍්‍රයාධරයින් හා මාධ්‍යවේදීන් වහාම දැනුම්වත් කළ අතර ප‍්‍රතිඵලයක් ලෙස ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවසාන මොහොත එළැඹීමට ඔන්න මෙන්න තිබියදී සිටම කල්පිටිය නාවික හමුදා කඳවුර ඉදිරියේ විශාල පිරිසක් රැස්ව සිටියහ. ඡන්ද ප‍්‍රතිඵලය වෙනස් කිරීමට දරන කවර වෑයමක් හෝ නිශ්ප‍්‍රභ කිරීම එම රැස්ව සිටි පිරිසගේ අරමුණ වුනි.
මේ හා සමානම පුවතක් ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයෙන්ද වාර්තා වු අතර ති‍්‍රකුණාමලයේ ජනතාවද එහි පිහිටි නාවික හමුදා කදවුර දෙස ඇස ගසාගෙන සිටියහ.මේ සිදුවීම් දෙකෙන් ජනාධිපතිවරණයේ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට ජනතාව කෙරෙහි වූ උනන්දුව හොදින්ම පෙනුණි. කැෆේ මැතිවරණ නිරීක්ෂකයින් කල්පිටිය නාවික හමුදා කඳවුරේ කිසියම් අකටයුතුකමක් සිදුවේනම් ඒ පිළිබඳව නිරීක්ෂණය කර වාර්තා කිරීමට යොදවා තිබුණත් එම නිරීක්ෂකයින්ගේ සහයට ප‍්‍රදේශයේ දේශපාලඥයින්,සිවිල් කි‍්‍රයාධරයින් මෙන්ම ජනතාවද ඔවුන්ගේ කැමැත්තෙන්ම ඉදිරිපත්ව සිටියේය. සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙසේ ජනතාව පෙළ ගැසුණු වෙනත් අවස්ථාවක් මෑත ඉතිහාසයේ නොමැති තරම්ය.
මැතිවරණ දිනය සාමකාමීව ගෙවුනත් රටේ ජනතාව ජනපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු වලදී කිසියම් අකටයුතුකමක් සිදුවන්නට ඉඩ තිබෙන බව ඉවෙන් මෙන් දැන සිටියාක් වැනි විය. කිසිදු නීති විරෝධී කි‍්‍රයාවකට ඉඩ නොදීමට ඔවුහු ඉටාගෙන සිටියහ.
උතුරේ හා නැගෙනහිර ප‍්‍රදේශ වල ජනතාවට ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඉඩනොදී බාධා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ඇතැයි මුලින් විශ්වාස කෙරුණත් සම්පූර්ණ ඡන්ද දිනය පුරාම ආරක්ෂක අංශ සිටියේ ඔවුන්ගේ කඳවුරුවලය. උතුරේ හා නැගෙනහිර ජනතාවට බාධා ගෙනදුන් කිසිදු සිදුවීමක් වාර්තා නොවුනු අතර ඡන්ද මධ්‍යස්ථාන අසළ වූ පිපිරීම් 3 ක් ගැන මාධ්‍ය සදහන් කළත් ඒවා ඡන්දය ප‍්‍රකාශ කිරීමට ජනතාවගේ තිබූ උනන්දුව හීන කළ ආකාරයක් නොපෙනුණි. ප‍්‍රචාරක සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරවීම වෙනුවෙන් ඉහළින්ම ප‍්‍රචාරණ කටයුතු වලට යොදවා තිබුණු ආරක්ෂක අංශ මැතිවරණ දිනයේදීත් නීතිවිරෝධී අයුරින් ප‍්‍රචාරණ කටයුතුවල නියැලූනත් ඒ ඉතා අවම මට්ටමෙන් විය. මීට හේතුව ලෙස ජනපතිවරණයට අන්තර්ජාතික අවධානය යොමුව තිබීම හෝ දේශීය විදේශීය නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා යොදවා තිබීම හෝ හේතුවූවා වන්නට පිළිවන.
ඡන්ද ගණන් කිරීම - බිය හා බලාපොරොත්තු
මැතිවරණයට දින දෙකකට පෙර සිටම එම කටයුතු සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් කාර්යක්ෂමව ඔවුන්ගේ සේවය ලබාදුන්නේය. හම්බන්තොට,මොණරාගල,මාතර හා පුත්තලම දිස්ති‍්‍රක්ක වලින් වාර්තාවූ සිදුවීම් කිහිපයක් හැරෙන්නට කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බහුතරය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමෙන්තුවේ උපදෙස් පරිදි කටයුතු කළේය.
එසේවුවත් ඞී.ඇස්.සේනානායක විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අනුයුක්ත කර සිටි පොලිස් නිළධාරීන් තම රාජකාරිය ඉටු කරමින් සිටියේ දුෂ්කරතා මැදය.පොලිස්පතිගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ උපදෙස් වලට අමතරව ඔවුන්ට තෙවැනි පාර්ශවයකගේ උපදෙස් වලට අනුවද කටයුතු කිරීමට සිදුව තිබුණි.මේ තෙවැනි පාර්ශවය ස්වකීය උපදෙස් අදාළ පොලිස් නිළධාරීන්ට නිකුත් කරමින් සිටියේ පොලිස්පති හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අනුදැනුමකින් තොරවය.එම නිළධරයින් මෙම තෙවැනි පාර්ශවය ගැන දැනගත්තේද මැතිවරණ දිනයේදීය.
ජනාධිපතිවරණ දිනයේදී පොලිසිය එකක් පොලිස්පතිවරයාගේද තවෙකක් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේද ප‍්‍රධානත්වයෙන් යුත් මාධ්‍ය හමු දෙකක් පැවැත්වීය.එල්ල වන බලපෑම් හමුවේ වුවද නොසැළී කටයුතු කරන ලෙස පොලිස් නිළධාරීන්ට පණිවුඩයක් ලබාදීම මෙම මාධ්‍ය හමු වල අරමුණ විය.මෙයින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොලිසියේ වූ වුවමනාව හොදින් පෙනුනි.ජනවාරි මස නව වැනිදා අළුයම 12.30 වෙද්දීත් ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල හෝ මැතිවරණ දෙපාර්තමෙන්තුවේ හෝ කිසිදු සිදුවීමක් වාර්තා
නොවුනි.නමුත් කොළඹ ඞී.ඇස් සේනානායක විද්‍යාලයේ තිබුණු ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට හමුදා භටයින් කණ්ඩායමක් පැමිණ සිටි අතර ඔවුන් කුමන අංශයකට අනුයුක්තව සිටීදැයි කිසිවෙකු දැන සිටියේ නැත.මෙවැනිම හමුදා කණ්ඩායමක් රාජකීය විදුහලේ ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයටත් පැමිණ සිටින බව කටකතා වලින් කියැවුනි.
බොහෝ දෙනා විශ්වාස කළේ මෙම හමුදා භටයින් හිටපු ආරක්ෂක ලේකම්වරයා යටතේ තිබුණු ගජබා රෙජිමෙන්තුවට අයත්වූවන් කියාය.ලැබී තිබුණු වාර්තා වලට අනුව හමුදා භට පිරිස් රොක් හවුස් කදවුර,වැලිසර නාවික හමුදා කදවුර,කඩොල් කැළේ,මිීගමුව ආදී ප‍්‍රදේශවල රදවාගෙන සිට ගණනින් දහසක් පමණ වූ ඔවුන් කණ්ඩායම් 9 කට බෙදා කොළඹ නගරය අවට රදවා තිබුණු බවටද එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වුනි.
අළුයම 1.30 ට පමණ කැෆේ විධායක අධ්‍යක්ෂකවරයාට දැනට දේශපාලනයේ නිරතව සිටින විශ‍්‍රාමික හමුදා නිළධාරියෙකුගේ නියෝජිතයෙකුගෙන් වහාම මැතිවරණ දෙපාර්තමෙන්තුව වෙත පැමිණෙන්නැයි පණිවුඩයක් ලැබුණි. මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැුදී සිටි වෙනත් විපක්ෂ දේශපාලඥයෝද වහාම පැමිණෙන්නැයි කැෆේ විධායක අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටියහ.කුමක් හෝ බරපතල දෙයක් සිදුවන්නට යන පෙර ලකුණු දැක සියලූදෙනා බියපත්ව සිටි සෙයක් පෙනුනි.මෛති‍්‍රීපාල සිරිසේන මහතා හා කලක් ඉතා සමිීපව කටයුතු කළ නීතිඥ චම්පනී පද්මසේකර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැදී සිටි එකම නියෝජිතයා විය.බොහෝ දෙනා මෙය අසුභ ලකුණක් ලෙස සැළකූහ. සාමාන්‍යයෙන් මැතිවරණ රැයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙළ නියෝජිතයෝ මැතිවරණ කාර්යාලයට පැමිණ සිටින්නේ දුසිම් ගණනින් වුවත් මෙවර එවැන්නක් දැකගත නොහැකි විය.
කැෆේ අධ්‍යක්ෂකවරයා මැතිවරණ දෙපාර්තමෙන්තුවට පැමිණි අවස්ථාවේ එහි තිබුණේ නොසන්සුන්කාරී තත්ත්වයකි. ඩී.ඇස් සේනානායක විදුහල අවට හමුදා භටයින් රදවමින් සිටින බව සදහන්වූ වාර්තා එක පිට එක පැමිණෙමින් තිබුනි. ඒ වන විට දෙපාර්තමෙන්තුවේ සිටියේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් කිහිපදෙනෙකු හා මැතිවරණ පැමිණිලි කාර්යාලයේ සේවය කළ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු පමණි.
අලූයම 1.45 ට පමණ දෙපාර්තමෙන්තුවට පැමිනි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු දෙපාර්තමෙන්තුවේ රැඳී සිට විශේෂ කාර්ය බලකා භටයින් මූලෝපායික වශයෙන් වැදගත්වන ස්ථාන වල රැඳවූයේ පිටතින් එල්ල විය හැකි ඕනෑම ආකාරයේ තර්ජනයකට මුහුණදීමට හැකිවන අයුරින්ය.මේ අවස්ථාවේදී කැෆේ වෙත වාර්තාවූයේ අගවිනිසුරුවරයා ඇතුළු නිළධාරීන් කිහිපදෙනෙක් අරලියහග මන්දිරයට කැඳවා තිබෙන බවය. ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කෙරෙමින් තිබෙන අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්ෂකයෙකුගේ නිවහන වෙත ගොස් සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත.
කියන තරම් ලෙහෙසි නොවූ බලය අත්හැරීමක්
තමන්ට බලය අත්හැරීමට සිදුවන බව දැකගත් විහස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීය. පසුගිය මැතිවරණයක් සැළකීමේදී දේශපාලන පක්ෂ වලට හා මැතිවරණ නිරීක්ෂකයින්ට මාධ්‍ය වලින් නිල ඡන්ද ප‍්‍රතිඵල අනාවරණය කරන තෙක් රැදී සිටින්නට සිදුවුනත් මෙවර ජනවාරි 9 වැනිදා අලුයම 2.15 වන විට ඔවුන් අවසාන ප‍්‍රතිඵලය ගැන දැනගත්තේය.මැතිවරණ නිරීක්ෂකයින්ට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල රැඳී සිටීමේ අවසරය ඇති හෙයින් ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගෙන ඇත්දැයි කැෆේ දැනගත්තේ අලුයම 2.37 වෙද්දීය. කරුණු මෙසේ වෙද්දී රාජගිරිය මැතිවරණ දෙපාර්තමෙන්තුවේ කි‍්‍රයාකාරීව තිබූ මාධ්‍ය වෙත මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කරමින් සිටි පරිගණක පද්ධතිය අලුයම 1.30 - 2.30 අතර කාලයේදී එක්වරම කි‍්‍රයාවිරහිත විය. තාක්ෂණික දෝෂයක් යැයි පැවසුනත් එම දෝෂය කවරක්දැයි සොයාගැනීමට නොහැකිවුණි. වාසනාවට මැතිවරණ කොමසාරිස්වරයා යටතේ මෙවන් අවස්ථාවකට සූදානමින් සිටි කණ්ඩායමක් සිටි අතර ඔවුන් වහාම පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කළේය.මේ කටයුතු සිදුවෙද්දී විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නැයි කැඳවීමක් ලැබී තිබුණි. අගවිනිසුරුවරයා ඒ වන විටත් සිට ඇත්තේ අරලියගහ මන්දිරයේය. වික‍්‍රමසිංහ මහතා හා හිටපු ජනපතිවරයා අතර ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වී තිබෙන බවට තොරතුරු වාර්තාවී තිබේ. අවසානයේ මහින්ද රාජපක්ෂට මැදමුලනේ තම නිවහන වෙත යෑමට එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර දෙකක් සපයාදීමට එකඟතාව පළවී ඇත.
ඡන්ද විමසීමකින් පසු පරාජිතයා නිහතමානීව ජයග‍්‍රාහකයා වෙත තම බලය පවරා දෙන දේශපාලන සංස්කෘතියක් ශී‍්‍ර ලංකාවේ අපට තිබුණි.මෙවරද පරාජිතයා ජයග‍්‍රාහකයා වෙත තම බලය පවරාදුන් නමුත් එය සිදුවූයේ මහා ව්‍යසනයක් ඇතිවීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මැතිවරණ කොමසාරිස්වරයා,පොලිස්පතිවරයා ආදී පුද්ගලයෝ එදා තම රාජකාරිය සාධාරණව හා යුක්තිසහගතව ඉටු කිරීම මොහොතකට හෝ අතපසු කළේ නම් ජනවාරි 8 වැනිදායින් පසු රටේ කුමන් තත්ත්වයක් ඇතිවන්නට තිබුණේදැයි සිතාගැනීමටවත් පවා නොහැක.කැෆේ අපගේ හෘදයාංගම කෘතඥතාවය එවන් පුද්ගලයින්ට හිමිය.රාජපක්ෂ පාලනයේ අන්තිම හෝරා කිහිපයේදී කුමක් සිදුවූවේද යන්න ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කැෆේ අපගේ මතයයි. අස්සක් මුල්ලක් නෑර කරුණු සොයා බලා එම තොරතුරු පොදු ජනතාවට අනාවරණය කළයුතුව ඇත.මෙම පරීක්ෂණය අපක්ෂපාතී විය යුතුය.එම දෛවෝපගත හෝරා කිහිපයේදී අරලියගහ මන්දිරයේ රැඳී සිටි මුල් පෙලේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයව නම් නොමග යවන්න බැහැ කාටවත්. දැක්කනේ එක්තරා පළාත් සභා ඡන්දෙකදි බඩු බෙදුවා කන්න දුන්නා. කාලා ඇවිත් අනෙත් කෙනාට කතිරෙ ගැහුවා. ජනාධිපතිවරනෙත් ඊට සමාන දෙයක්නේ වුනේ. ජනතාව ඉන්නේ මේ රටේනේ. අන්දවන්න නම් බැහැ කාටවත්. (නදී)
කැෆේ එක කඩේ ගියේ කාටද කියල දන්නෝ දනිති.(දිල්)
අග්‍ර විනිශ්චයකාරයා මොකටද අපේක්ෂකයකුගේ ගෙදර ගියේ? (බ)
කපිල , නොමග යැවීම සහ බොරු ගෙතීම ගැන අපෙන් අහගන්න එපා. ඒ හරිය මොකටද ? (නදී)
මේවා ඔප්පු උනොත් පවුලේම ප්‍රජා අයිතිය නැති කළ යුතුයි (නදී)
ඒක දන්නේ ඒ අය විතරයි.(හේ)
මේ ලෝකයේ සදාකාලික කියා කිසිම දෙයක් නැහැ කියා බුදු රජාණන් පවා පවසා තියෙනවා , එය සත්‍ය බව පසු ගිය ජනාධිපතිවරණයේදී ඔප්පු වුනා.(හේ)
මේවා චෝදනා පමණි. ඔප්පු වී නැත. (හේ)
බලයට ඒමට උත්සහදැරූ පුද්ගලයා සාමකාමීව ලෙහෙසියෙන් බලය අතහැර ගියයි සිතිය හැකිද?(හේ)
අමිල ඔය හරි.කලබල වෙන්න එපා.නමක් ගමක් නැතිව අරය කිව්වා මෙය කිව්වා කියල කියන බොරු නැතිව ඔප්පු කරලා පෙන්නන්නකෝ.(හේ)
ලංකාවේ ඉන්න බහුතර ජනයාගේ එක අදහසක් තිබුනා - ඒ තමයි මේක ලේසියෙන් දෙන්නේ නැති බව - ඒ ටිකම ඇති ඉතුරු ටික ගැන හිත ගන්න.(හේ)
මෙහෙම හෙලිකරන එක ඉතා හොද වැඩක්.(හේ)
තුච්චයි, දීනයි ............. අහෝ (නදී)
තනි පුද්ගලයකු ලෙස ගත් විට අදටත් මහින්ද මහතා ජනප්‍රියයි. වර්තමාන පාලකයනට එය දරා ගත නොහැක. දේශපාලන ක්‍රීඩාවේ දී විරුද්ධවාදීන්ගේ කීර්ති නාමය කෙලෙසීම වර්තමානය වන විට සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. චන්ද්‍රිකා නෝනාගේ කාලයේ රනිල් මහතාට කෙතරම් නම් අවලාද අපහාස කළා ද? මහින්ද මහතාගේ කාලයේත් යම් තාක් දුරකට එම නොකටයුතු සිදු වුණි. වත්මන් යහපාලනය යටතේ එය ඉතාමත් තදින් ක්‍රියාත්මක වන සෙයක් පෙනේ. මෙම ලිපියෙන් හෙලි වන්නේ ද එය මිස වෙනකක් නොවේ. එවැනි උත්සාහයක් තිබුණේ නම් එය නිසි අයුරින් සොයා බලා හෙළි කර ගන්නවා වෙනුවට වරින් වර පල කරන ලිපි මගින් අවලාද නැගීම ඉතාමත් පිළිකුල් සහගතය. (නදී)
ඇත්ත තිත්තයි නේද මිත්‍රවරුනි? (නි)
සත්‍ය ජයගනී (නදී)
දැන් හැමෝම කරන්නේ මඩගහන එක. ඒක අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා ... (නි)
මෙතැනදී පොලිස්පතිතුමයි මැතිවරණ කොමසාරිස් තුමයි නීතිපති තුමයි එකතුවෙලා මේ කුමන්ත්‍රණය වැළකු බව අද මුළු රටම නොවෙයි මුළු ලෝකයම දන්නා කරුණක් වෙලා. මේවා දැන් එහෙම සිද්ධ නොවුන බව කියන්නේ තමන්ගේ තියන අමනකමට වෙන්න ඇති (නදී)
බොරු නේද අනේ ඕවා (නදී)
මේ කතාව සම්පුර්ණයෙන් හෝ බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන් කියලා හිතෙනවා (නි)
කවුරු හරි කපන්න බැරි අත ඉම්බා නම් ඒ ලංකාවේ දේශපාලකයෙකි. ! (බ)
දැන් දේශපාලනයට හිස නොනමන නිලධාරීන් සිටීම හොඳයි. මෙය 1977 සිට 1993 දක්වා සිදුවුනනම් එදා සිටි දේසපාළුවන් දරුණු ලේ වැගිරීමක් කරනවා සිකුරුයි. එම කාලයේ සිදුවුණු දරුණු දේශපාලන සිදුවීම් මිනිසුනට දැන් අමතක වෙලා. (බ)
මෙවැනි පරාජයක් 1977 සිට 1993 දක්වා පාලනයේ සිටි අයට අත්වුආනම් මොකද වෙන්නේ. පොඩ්ඩක් හිතල බලන්න. (බ)
පාන්දර 2.30 ට ප්‍රතිඵලය දැනගත්තට පස්සේ සිදුවුන කිසිම අකටයුත්තක් මේ ලේකඛයින්ට සොයා ගැනීමට බැරි වෙලා වගේ නේද? (බ)
අන්තිමට ඔක්කොම හොඳ බබාලා . ඡන්දෙ දුන්න පුරවැසි අපි විතරයි නරක ! (බ)
මැතිවරණ කොමසාරිස්තුමා පැහැදිලිවම එහෙම දෙයක් වුණේ නැහැ කියද්දි මේ මොනවාද ගොතන බොරු කතා. පැහැදිලි වෛරය (බ)
සම්පුර්ණ විස්තරයක් අනතර්ජාලයේ විස්තර සහිතව පෙන්වල දීල තිබුන.ඒ හමුදා කුමන්ත්‍රණය වැළකි ගියේ පොලිස්පති තුමන්ට,හමුදාපතිතුමාට සහ නීතිපති තුමා සහ නියෝජ්‍ය නිතිපතිනියට පින් සිද්ද වෙන්න. එහෙම වුනානම් අද වෙනකොට රටම ලේ විලක් වෙන්න තිබුන.ඡන්ද කරන්න විපක්ෂයක් ඉතිරි වෙන්නේ නැහැ.තව අවරුදු 20 කට බලයේ ඉන්න පුළුවන් වට පිටාවක් ගොඩ නගා ගන්නවා.වහාම පරීක්ෂණයක් කරලා තර තිරම නොබලා දඩුවම් දෙන්න. (බ)
මමනම් හොදටම දැනගෙනයි හිටියේ මෙහෙම වෙයි කියලා (දිල්)
නැවත රාජපක්ෂ පාලනය රටට අවශ්‍ය නෑ (දිල්)
මේවාගේ ඇත්ත නැත්ත බලන්න .ද්වේශ සහගතව පළි ගැනීම් කරන්න එපා . පරීක්ෂණයකින් ඇත්ත හෙළිකරන එක යුතුකමක් (දිල්)
ජනාධිපති කාර්යාලයේ පසු ගිය අවරුදු 6 ක වියදම් මෙහෙමයි. 2009-රුපියල් කෝටි 634. 2010 රුපියල් කෝටි 765. 2011 රුපියල් කෝටි 5063. 2012 රුපියල් කෝටි 5936. 2013 රුපියල් කෝටි 8244. 2014 රුපියල් කෝටි 10497. 2015 යෝජිත රුපියල් කෝටි 9593. නව ජනාධිපති රජය යටතේ රුපියල් කෝටි 256 දක්වා අඩු කරන ලදී. (නදී)
සීසීටීවි වලින් මේවා ඇත්ත නැත්ත හොයන්න පුලුවන් හොයලා දඪුවම් කරන්න (දිල්)
නීතියට ඉහළින් කිසිම කෙනෙකුට ඉන්න බැරි වෙන්න නීති සකස් කරලා හෝ දැඩි දඩුවම් දෙන්න.(දිල්)
හොඳ ලිපියක් (නි)
මේවා මිනිසුන් නොමග යවන කුමන්ත්‍රණ (දිල්)
කරන්න ගිය හමුදා කුමන්ත්‍රණය ගැන තවම කට්ටියට වැඩි වැටහීමක් නැහැ වගේ.දැක්කනේ අසරණයන් බොන්න වතුර ටිකක් ඉල්ලපු වෙලාවේදී "පට පට" ගාල වෙඩි තියල ලේ විලක් කරපු හැටි.මේ කුමන්ත්‍රණය සාර්ථක වුනානම් මුළු රටම ලේ විලක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කරන්නම සිද්ද වෙනවා.(දිල්)
ලිබියාවේ වගේ පැය 24 උත්තර දෙන්න තිබුනේ.දැනටමත් ප්‍රමාද වැඩයි කියලයි මම නම් හිතන්නේ.(හේ)
සමහර දේවල් තමන්ට අවාසි වෙනකොට පලි ගැනීම බවට පත් වෙනවා . හැබැයි අනුන්ට අවාසි වෙනකොට ඒවා නිතිය ක්‍රියාවේ යෙදවීම් බවට පත් වෙනවා. මම පසුගිය පාලකයන් සම්බන්ධයෙන් දැක්කෙම ඔන්න ඔය ටික. (හේ)
ඔය තරම් ලොකු කුමන්ත්‍රණයක් තිබුන නම් ඒක දියත් කරන්නේ නැතුව රටේ අනාගත අගමැතිව එතනට ගෙන්න ගත්තේ මොන කෙන්ගෙඩියකටද? මේවා තවදුරටත් හිතා බැලිය යුතු කාරණා. (නදී)
1989 වර්ෂයේ පාරක් පාරක් ගානේ බාගෙට පිළිස්සුන මිනී තිබුනා. හිස් ඉවත් කළ, ලේගලන මිනී 6ක් කළුතර -හොරණ පාරේ රබර් වත්තක් ළඟ දමා තිබුනා. මගේ ඇස් දෙකෙන් දැක්ක දේවල් මේ. එවැනි කිසිදෙයක් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දුටුවේ නැහැ. (නි)
කිසිම සාක්ෂියක් නැති මේ වගේ කතාවන් ගොතන එක නම් බොහොම කැත පහත් වැඩක්. (නදී)
මේ කියන තත්වයත් ඩී.ඇස් සේනානායක විදුහලේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිදුවු තත්තවයත්, එම අවස්ථාවේම විදේශ ගතව සිටින අපට පවා දැනගන්නට ලැබුණා ඉතාමත් විශ්වාසවන්ත මාර්ගයකින්. මෙය කිසි සේත්ම හිටපු ජනාධිපතිතුමාට මඩ ගැසීමට කළ ප්‍රචාරණයක් නොවන බවට මහින්දවාදී පක්‍ෂිකයන් සොයා දැනගෙන අදහස් ප්‍රකාශ කරන්න. ජය පරාජය කුමක් වුවත් එය නිහතමානීව විඳදරා ගැනීමට සෑම මනුෂ්‍යයෙකුටම හැකිවීම ශිෂ්ඨ සම්පන්න සමාජවල තත්තවයයී. සමහර රටවල සිය පරාජයෙන් පසුව පක්‍ෂයේ නායකත්වය වෙනත් සුදුස්සෙකුට පවරා තම ධුරයෙන් ඉවත්වන නායකයෝද සිටී. (නදී)
මේ වගේ දෙයක් අහු වෙන්න සාක්ෂි ඉතිරි කරලා කරාවිද කියල කල්පනා කරන ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නදී)
ජගත් ද්වේශ සහගත පළි ගැනීම් පසුගිය කාලයේ හීනෙන් වත් දකින්නේ නැතිව ඇති. ඒ හරිය මොකටද ? (නදී)
මහින්ද රාජපක්ෂට බලයේ දිගටම ඉන්න උවමනා උණු බවට කිසිම සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා වැනි ශේෂ්ට දේශපාලන්ඥයෙක් නිසා අපේ රට යන්තම් බේරුනා. එතුමාට අපේ හද පත්ලෙන් එන ස්තුතිය පල කරනවා. (නදී)
මහින්ද රාජපක්ෂ දේශපාලනික වශයෙන් බංකොලොත් වී අවසානයි. ඔහු රටේ ජනතාවට කරන ලද වංචා දුෂණ පිළිබදව තව නොබෝ දිනකින් දැනගත හැකි වනු ඇත එවිට මේ කඩේ යන ඉතුරු බයියන් ටිකත් කට පියාගනු ඇත. (බ)
ඔතන හිටිය අයට දෙකක් ගහල අහගන්න ඇත්ත. මහින්දට බය වන්න එපා තවමත් මිනිසුන් ඔහු සමග ඉන්නවා (නදී)
ආණ්ඩුව පෙරලනවා නම් දැනුත් පුළුවන්. අනිත් එක ඇත්තටම කුමන්ත්‍රණය කරලා ආණ්ඩු බලය ගත්තේ රනිල්ලා. මහා මැතිවරණයක් තියන්නේ නැතිව ආණ්ඩුවක් පිහිටෙව්වේ කොහොමද? (නදී)
කරුණු විමසා බලන මිනිසුන්ට මේවා ප්‍රශ්න. අර සුප්‍රකට විද්‍යාඥයෙක් මෙහෙම පැවසුවා. ලෝකය ඇහෙන දකින සියලු දේ විශ්වාස කරන මෝඩයින්ගෙන් පිරී පවතී. ඔවුන්ට ඔවුන් ගැන ඇත්තේ පුදුම තක්සේරුවකි. ලෝකයේ සිටින බුද්ධිමතුන් හැමදේම ඇසු හෝ දැකි පමණින් විශ්වාස නොකරයි. ඒවා විසඳෙන තෙක් ඔවුන් ඒවා පිළිබඳව සැකකරයි.මාධ්‍ය සංදර්ශන නොපවත්වා, යමක් සිදුවූවා නම් එය නීතියෙන් ඔප්පුකළ යුතුයි. (නි)
කියන්න ලේසිම දෙය තමයි ඔප්පු කරලා පෙන්නන්න කියන එක. ඔය වගේ යටි කුට්ටු වැඩ කරන කොට අහුවෙන්න කරන මෝඩයෝ කවුද. (නදී)
ඔය එන්නේ ටික ටික.... (නි)
සමහරු තවමත් සිල් රෙදි පොරව ගත්ත ගමන්මයි. කවද වෙනකන් මහජනතාව ගොනාට අන්දන්නද ? (නදී)
බොරු කියනවා කියලා දැන් කියන්න වෙන මොනවා කරන්නද?(දිල්)
දැන් ඔක්කොම සුදනෝ. හතර පෝයට සිල් ගත්ත ගමන් ඔක්කොම. එ්ත් කමක් නැහැ. බොරුවට අනිත් මිනිස්සුන්ට පලි ගන්නවා කියල චෝදනා නොකර. තමන් බලයේ ඉන්නකොට කල දේවල් දැන් මතක නැහැ. (නදී)
කවුද කිව්වලු. අසුචි වලකට මඩ ගහල වැඩක් නැහැ කියලා. (නදී)
හොරු ටික අල්ලන්නම වෙනවා. කුමන්ත්‍රණය ගැන බොහොම පැහැදිලියි (නදී)
මේ වගේ ඇත්ත නැත්ත හරියටම අපි දන්නේ නැති නමුත්, යමක් සිදුවූ බව පේනවා. (නදී)
තණ්හාව නිසා ඇති දේ නැතුව යනවා. තව වසර 2කක් ඉන්න බැරිවුණේ තණ්හාව නිසා (නි)
ඉන්දික , කුමන්ත්‍රණය කියන එකේ තේරුම දන්නවද? පොදු අපේක්ෂකයාගේ වේදිකාවේදී ඉතාම පැහැදිලිව කියපු දෙයක් තමයි රනිල් අගමැති වෙනවා කියලා. අනෙක ඔහු ඡන්දයෙන් පත් වූ මන්ත්‍රී වරයෙක්. එහෙම නැතිව ඒවා කිව්වේ සමහරු වගේ ඔය එක එක මන්දිරවල රහස් කාමර වල නෙවෙයි. ඔය දේවල් කලින් නොකිය රනිල්ව පත් කළා නම් ඔන්න ඒක වැරදියි. (නදී)
ඉතින් සත්‍යපාල, පොලිස්පතිතුමාටයි, හමුදාපතිතුමාටයි දැන් කියන්න පුළුවන්නේ එහෙම දෙයක් වුණා නම් වුණා කියලා. කෝ තාමත් නැහැනෙ! (නි)
ඒ ගැන තව ටික දවසකින් හෙළි වෙයි.(හේ)
එතකොට මානෙලුත් ඒක ඇහුන එක නෝනා කෙනෙක්ද? අනේ යන්න අනේ යන්න බොරු පතුරවන්නේ නැතුව! (නි)
කව්රු මොනවා කිවත් අපට රැක ගත යුතු 3 දෙනෙක් ඇත. ෆොන්සේකා, මහින්ද සහ ගෝටාභය. ඔවුන් එකතු උනානම් අද යහ පාලන කරන්න අවස්ථාවක් ලැබන්නේ නැත. (නදී)
රට විනාශ කරන ලොකුම කුමන්ත්‍රණය කළේ කවුද කියන එක බුද්ධිමතුන්ට තේරෙනවා.රට පාවාදෙන අයට ඉදිරියට කරන දේ කාටත් බලාගන්න පුළුවන්. ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත්තේ අමරණීය ගරු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතායි. (නි)
මහ බලයක් මහින්දට තියෙනවා කියා ඔයාලමනේ කිව්වේ. ඉතින් නීතිපතිටයි, මැකෝටයි, පොලිස්පතිටයි ඒක පරද්දන්න පුලුවන් උනා නම් ඒ කියන්නේ මහින්ද ඒකාදිපතියෙක් නෙමෙයි කියන එකනේ. (නදී)
ඡන්දයට කලින් දුවපු ෆිල්ම් එකේ 02 කොටස වගේ (නදී)
මැතිවරණ කොමසාරිස්, පොලිස්පති, නීතිපති ඇතුළු අවංකව සේවය ඉටු කල සියලු දෙනාට මුළු රටේ ම ප්‍රසංසාව හිමි විය යුතුයි. (නදී)
හිටපු ජනාධිපතිතුමාට ඔය තරම් මානසිකව වදදෙන එක හොඳ නැහැ.කොහොම නමුත් රට බේරාගත් නායකයා.ඒ ගෞරවය තියන්න. (නි)
ඉස්සර බලයට ආවෙත් කොටින්ට සල්ලි දීල. දමිල මිනිසුන්ව ඡන්දෙ දැමීමෙන් වලක්වලා කියල රටම දන්නා රහසක්නේ. (නදී)
සාමකාමීව බලය පවරා දුන්න කියලා පක්ෂ පාට නැතිව මිනිස්සු සතුටු උනේ ඇයි? ඇත්තම කතාවනම් අපි කාගෙත් හිත්වල තිබුණ රාජපක්ෂ කරන්න පුලුවන් හැම දේම කරනවා කියලා බලය තියාගන්න.. සාමකාමී පැවරීම බොරු උනත් ඇත්ත උනත් එදා ඒ වෙලාවෙ අපිට දැනුනෙ විනාශයකින් වැළකීම නිසා ඇති වුණ අස්වැසිල්ලක් (දිල්)
ඇත්තටම මේක ඔප්පු කරන්න පුළුවන්ලු. එම සිද්දිය සිදුවූ වෙලාවේදී නීතිපතිතුමා ටෙලිෆෝන් කර තිබෙනවාලු තවත් ලොකු නීති නෝනා කෙනෙකුට උපදෙස් ගන්න. එතෙන්දි ඇය ටෙලිෆෝන් එක අහන්න දී තිබෙනවා ලෝයෙර්සලා කීප දෙනෙකුට. ඒක ඇත්ත නම් එය ඔප්පු කරන්න පුළුවන්. (නදී)
රාජපක්ෂ කියන නම මිනිසුන්ට එපා කරවන වැඩපිළිවෙලේ තව කතාවක්. එතුමා අරලියගහ මන්දිරයෙන් ගියේ ගෞරවාන්විතවයි. එදා ඔහුට චන්දෙ දීපු, නොදීපු හැමෝම හිතින් හඬවලයි එතුමා ගියේ. ඔය කුමන්ත්‍රණය ඇත්ත නම් මෙලහකට එළිවෙයි. කොහොමත් අපේ මිනිස්සු කව්රුහරි කිව්ව පලියට, යමක් උඩින් දැක්ක පලියට තීරණ ගන්න හරි කැමතියි. නුවනින් විමසන්නේ නෑ. (නදී)
බොහෝදෙනා පිළිනොගන්නා මේ සත්‍ය රටට කියාදිය යුතුය (නි)
අනේ මන්දා මේ ආණ්ඩුව එකාධිපති පාලනය අහෝසි කරනවා කිව්වට මොනවා වෙයිද කියලා (දිල්)
ලස්සන කතාවක්,ෆිල්ම් එකටනම් මරු, රන්ජා ප්‍රධාන නළුවට දාලා කරානම් මරු, මෙක තම ලංකාවේ දේශපලනය අද වැටිලා තියෙන තත්වය, (හේ)
හිටපු ජනාධිපතිතුමාගේ පාර්ශවයේ වැරදි තිබෙන්නට පුලුවන්. නමුත් ඒ සම්බන්ධව මේ රජය කටයුතු කරන ආකාරය අනුමත කළ නොහැක. එතුමා මේ රටට වැඩක් කළ කෙනෙකි. නිදහස් රටක් යළිත් අපට උරුම කළ නායකයෙකි. එතුමාට විරුද්ධව කර ගෙන යන්නා වූ මේ මාධ්‍ය සංදර්ශනය නම් නැවැත්විය යුතුමය. නමුත් එය එසේ නොවනු ඇත. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය දක්වා මෙය ඇදගෙන යනු ඇත. හේතුව නම්, රාජපක්ෂ නාමයට තවමත් රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත තිබීම ය. කෙසේ වුවත් රාජපක්ෂ නාමය මෙරට දේශපාලනයෙන් තුරන් කිරීම අරමුණු කර ගෙන මෙම මඩ ව්‍යාපාරය තව දුරටත් පවතිනු ඇත. එසේම, ජවිපෙ සහ හෙළ උරුමයේ පැවැත්ම රදා පවතින්නේත් ඒ මතය. (නදී)
තවමත් ලංකාවේ ඔටුනු නැති රජු මහින්දමයි.(හේ)
මේ වගේ සැළසුම් ගහනකොට මීට වඩා තව ටිකක් නිර්මාණශීලී වුණොත් හොඳ නැද්ද? (නි)
මේ ගැන පරීක්ෂණයක් පවත්වා දඩුවම් දියයුතුයි. (නි)
ඡන්දය අවසාන දා රාත්‍රියේ ලොකු හමුදා කුමන්ත්‍රණයක් වෙලා රට ලේ විලක් වෙන්න ගියා.ඒක බේරුණේ රනිල් වික්රමසිංහ මහතාට පින් සිදුවන්න...මේ ගැන වහාම පරීක්ෂනයක් පැවැත්විය යුතුයි (දිල්)
රණවක මහින්ද මහතා අන්තිම ඕවරේ තාක්ෂනය නොබලා දිගට හරහා පහරදීල තරඟය දිනා ගත්තා. ඒ උනාට තරඟයේ වීරයා වෙන්න බැහැ. ෆොන්සේකා මහතා අන්තිම වෙනකම් අනිත් අන්තයේ හිටියා හොඳට ලකුණුත් අරගෙන. නායකත්වය දැරුවේ මහින්ද. අන්තිමට නියම වීරයාව කණ්ඩායමෙන් අයින් කළා පමණක් නොව ලැබිය යුතු සියලු වරප්‍රසාද පවා කපා හැරලා හිරෙත් දැම්මා. අනිතිමට 0 ට දැවී ගියා (නදී)
මෙන්න ඇත්ත (දිල්)
හොද ලිපියක් ස්තූතියි (දිල්)
මෙම විශේෂ රහස් හෙළි කිරීම පිළිබඳව අපගේ ස්තුතිය පුද කරමි.(දිල්)
හොද කතාවක්.. හොදට ලියල තියෙනවා(දිල්)
මහින්ද මහත්තයා නැතිව ඡන්දෙකට ගිහින් බලන්නකෝ. එතකොට හරියටම තේරෙයි. (නදී)
ඉතා හොද ලිපියක් (දිල්)
මේ ගැන කියනන් බොහෝ දේවල් ඇති නමුත් ,දැන් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න තත්ත්වයක් ඇති නිසා ඊට වැඩිය යමක් දැනට නොකියමි. (දිල්)
හරි එහෙම දෙයක් වුණා කියල තවම ඔප්පුවෙලා නැහැනේ.එතකොට පහුගිය ජනාධිපතිවරනේදී සරත් ෆොන්සේකා මහතා කොළඹ ප්‍රසිද්ද හෝටලයක හමුදාව තියාගෙන කාමර වෙන්කරගෙන මොකද්ද කළේ. (දිල්)
මේවා හොඳ වැඩ නෙමෙයි. කිසිම දෙයක් සදාකාලික නැහැ කියන එකත් ජය පැරදුම දෙකම ලැබිය හැකි බවත් අප තේරුම් ගෙන ජිවත් වියයුතුයි.(දිල්)
බුදුදහම දෙවිවරුන්ගේ බැල්ම ලංකාවට තාමත් තියනවා (දිල්)
මේවා මිනිසුන් නොමග යැවීමට ගොතන ලද අමුලික බොරු (දිල්)
මේකේ ඇත්ත නැත්ත හරියටම හොයන්න ඕනේ මොකද මහින්ද මහත්තය නියම මහත්මා විදියට පරාජය බාරගෙන අරලියගහ මැදුරෙන් පිටව ගියා කියල මාධ්‍යවල පළවෙද්දී බොහෝ දෙනෙක්ගේ හිත සසල වෙලා ඒ මහත්තය පැත්තට ලොකු ප්‍රසාදයක් ආවා . මට හිතෙන විදියට සමහර අයට එකට රිදුනා. තවම නීතියෙන් මෙහෙම දෙයක් එදා එතන සිදුවුනා කියලා හරියටම ඔප්පු වෙලා නැති නිසා මුකුත් කියන්න බෑ. මම කියන දේ නිවැරදිද මන්ද? (දිල්)
ජයසේකර , එහෙනම් ෆොන්සේකා මහතාට ලැබුණු වලංගු ඡන්ද කුණු කාණු සහ පිට්ටනි ගානේ තිබිල අහු වුණා. සංවිධානාත්මක ලෝක හොරු හොරකම් කරන්නේ සාක්ෂි තියල නෙවෙයි. (දිල්)
ඇතිවූ සිද්ධිය පිළිබඳ විස්තරාත්මකව පළකල හොඳ ලිපියක්. මෙතන අදහස් දමා තිබෙන ජයසේකරට අමතකද ෆොන්සේකා මහත්තයව ඔය රාජ්‍ය කුමන්ත්‍රණ කතා කියල හිර ගත කළා. එහෙමනම්, කවුරු කළත් ඒ අයව නිතිය හමුවට පමුණුවන්න ඕන. මේ රටේම ජනතාව වෙනුවෙන්.(දිල්)
මේවා මහජනයා නොමග යවන වැඩ (දිල්)
පරදින්න නෙමෙයිනේ අවුරුදු 2 ට කලින් ඡන්දෙ තිබිබේ. ඒ නිසා යන්න කෙහොමත් අදහසක් නම් තියෙන්නෙ නැතුව ඇති. කෝකටත් ඇත්ත නැත්ත හොයලා බලන එක තමයි හොඳ. (නදී)
මහින්ද ගෙදර යැව්වේ මේ ලෝකේ පවතින දර්ම තාවය අනුව. මොන සෙල්ලම දාල එදා දිනුවානම් පහු වෙනිදා වෙනකොට මාරය අරන් යනවා දෙව්දත්තර අරන් ගිය තැනටම. කවමදාවත් අායෙත් රාජපක්ෂලා කියන නමක් තියෙන කෙනෙක්ට ආණ්ඩුව කරන්න දෙන්න එපා. (නදී)