තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එක්සත් ජනතා නිදහස් සංධාන කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සහ අමාත්‍ය රොජිනෝල්ඩ් කුරේ මහතා කියයි.
වසර 29ක් දේශපාලනය කළ බවත් දේශාපාලනයේ සමුගැනීමට හේතුවක් සඳහන් නොකළ අතර තරමක් කලකිරීමෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීය.
ජාතික දේශපාලනයට ඒමට මුදල් නැතැදිය ඔහු කීවේය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාගේ තීරණයට හිස නමා ආචාර කරමි (නි)
ඔන්න බලන්න රටකට අවශ්‍යම පුද්ගලයෝ.බුද්ධිමත් උගත් අනාගත පරපුරකට මිනිස්කම හැදියාව රැකදෙන්න හිටපු මනුස්සයෙක්. ඒ වැනි මිනිසුන්ගෙන් රටට වැඩක් ගන්න ඉඩදෙන්නේ නැහැ (නි)
ජයවේවා! (නි)
කුරේ මහතා හොඳ මනුෂ්‍යයෙක් (නි)
කුරේ අපිට අපි කුරේට! (නි)
ඇත්තටම තණ්හාවක් නැති කෙනෙක් (නි)
කට්ටිය මදි වෙලා හොයනවා නගින්න අලියට (බ)
අනේ රටට ජාතියට කල ලොකු දෙයක්! (අ)
බලයට කෑදර නැති දන්න තරමින් අවංක මහත්මෙයක් (අ)
අනේ පව් මේ මනුස්සයාට අපි දන්නා විදිහට පැලියගොඩ පැත්තේ මහා විශාල තට්ටු හතරක බිල්ඩිමක් විතරළුද කොහෙද තියෙන්න ඉන්න ගෙයක්වත් නැහැ කියනවනේ. පව්නේ මෙයා..අපි. (බ)
"සන්ධානයෙන් ඉල්ලුවානම් ඇපත් නැතිවෙනවා". මේ පෙන්නන්නේ සන්ධානේ තත්වයයි. බුද්ධිමතුන්ට ඇපත් නෑ. සතුටුයි නේ?(නදී)
අනේ ඉතින් ගුනේකුත් නෑ, අගුනෙකුත් නෑ. ඔන්න ඔහේ ගියාවේ ගෙදර. (නදී)
සල්ලි නැති බව මහින්ද මහත්තයාට කිව්වානම් ඔබ තුමාට සල්ලි පොම්ප කරාවි. .(නදී)
මම දන්නා තරමින් මෙතුමා ' හොරෙක් ' නොවෙයි..(නදී)
ගෝල බාලයොත් එක්ක හොඳට සැප ගත්තා අපි දන්නවා. (නදී)
පරණ ටියුෂන් ටික කරගෙන ගෙදරට වෙලා ඉන්න මහත්තයෝ (නදී)
මහින්දට සහය දෙන්න තිබුනේ. (බ)
අනේ ලොකු උදව්වක්. ඔයාලට හිටියත් අපේ ඡන්ද හම්බ වෙන්නේ නැහැ (අ)
අපේ රටේ අනාගතේ දේශපාලනේ ඉන්න ඕනෑම කෙනෙක් .පක්ෂ භේදයකින් තොරව ලංකරගන්න වටින කෙනෙක් (අ)
හොඳ දෙයක් (නදී)
ඉතා හොඳ තීරණයක් (නි)
පව් , අරකයි මෙකයි දෙකම නැතුව ගිහින් වගේ...(අ)
විජිත් හොරෙක් නෙමෙයි හොර ගෙඩියක් (බ)
අපි මාල කඩපු අයට, බස් කම්බස් කරපු අයට ඡන්දය දෙන්නේ නැහැ (නදී)
නැවත් සිතන්න. ඔබට සුදුසු තැන තවම ඇත. (නදී)
ඔබ කාටවත් මඩ ගහපු නැති හොඳ මහත්මයෙක් (නදී)
ඔබගේ තීරණයට අපේ ආචාරය! (නි)
සන්දානෙන් ඉල්ලුවා නම් ඇපත් නැති වෙනවා (නදී)
ඇත්තටම ඉවත් වෙනවා නම් ඔබතුමා දිනුම්. මොකද දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ හැසිරීම දැක්කම එ්ක තනිකරම කුණු කන්දක් (නදී)
කුරේ මැතිඳුනි, මිනිසුන්ගේ අඩුපාඩුකම් තියෙනවා එ්ත්, ඔබතුමාට ඇත්තේ අවම ප්‍රමාණයක්. ඒ ගැන හිතන්න ,නිවාඩුවක් ගැනීම ඉතා හොඳයි, මම හලාවතදී දැක්කා "මෙන්න මනුෂ්‍යයා"කියල පෝස්ටරයක් අලවල තියෙනවා. එතුමාගේ ඡන්ද වැඩවලට වියදම් කොහෙන්ද? ගැටලුව එයයි. ඔබතුමා නිදුක් වේවා! නීරෝගි වේවා! (නදී)
මඩ දේශපාලනය නැති මහත්තයෙක් (නදී)
හිරුනිකා හරි තීරණේ අරගෙන තියෙන්නේ රට ඉදිරියට ගෙනියන්න නම් එ ජා ප. ය මෙවර එකතුවෙන්න ඕනි. හැමදාම එකම විදියට හිතන්න බැහැ ලෝකේ ඉදිරියට යන්නේ ඒ අනුව හැඩ ගැහෙන්න ඕනි. (නදී)
රජයේ මුදල් තවත් යටි මඩි නොගසා අහිංසක විනය ගරුක නිලධාරින්ගේ ජීවිත වලට බලපෑමී නොකර කරුනාකර සමාදානයේ සැතපෙන්න (නදී)
නෝනව දාල කියල ආරංචියක් තියෙනවා. (නදී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බර ඇදපු, කුණු ඇදලා පිරිසිදු කිරීමට මහන්සි වූ අවංක දේශපාලකයෙක්. එහෙත් ඔහුට අවශ්‍ය තැන පසුබිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබුනේ නැහැ. එනිසා වුණ කළකිරීමක් වන්නට ඕනෑ (නි)
අනේ මට දුකක් දැනුනා! (නි)
දැන් ඔබ විවේක ගන්න (නි)