
(සුජිත් හේවාජුලිගේ,ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා නායකත්වය දරණ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණ
මේ නොසන්සුන් තත්ත්වය ඇතිවූයේ සම්මේලනයට සහභාගී වූ තරුණ තරුණියන් දෙසීයකට අධික පිරිසක් පක්ෂය පොරොන්දු වූ ආකාරයට මුදල් මුදල් නොගෙවූ බවට චෝදනා කරමින් එහි රැස්වී කෑකෝ ගැසීම නිසාය.
පසුව පොලිසිය මැදිහත්වී තරුණ තරුණියන් දෙසීයක පමණ පිරිසක් ඔවුන්ගේ නවාතැන් වෙත පිටත් කර හැරි බව ආරංචි මාර්ග සඳහන් කළේය.
එහි සිටි තරුණයෙක් මාධ්‍ය වෙත ද අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අපි මෙතන පාට් ටයිම් වැඩකට ආවෙ. රුපියල් දෙදාහක් කෑම පැකට් එකක් දෙනවා කියලා තමයි එක්කගෙන ආවේ. කොටසකට දුන්නා. ඊට පස්සේ සල්ලි ඉවර වුණා. පස්සේ ඒක සම්බන්ධීකරණය කරපු කෙනා පොලිසියෙන් ඇවිත් අරගෙන ගියා. දැන් අපිට සල්ලි ගන්න විදිහක් නෑ. එයා දැනගන්න ඕනේ වැඩේ කළා නම් සල්ලි දීලා ඉවරයක් කරන්න.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එහි සිට තරුණ තරුණියන් පිරිසක් ඔවුන්ගේ නවාතැන් වලට පිටත් කර යැවූ බවයි.
පක්ෂ සම්මේලනයට සහභාගී වන ලෙස සියලු දෙනාට විවෘත ආරාධනයක් කළ නමුත් මුදල් දෙන පොරොන්දු මත පාට් ටයිම් තරුණයන් පිරිසක් එහි නොගෙන්වූ බව රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා පැවසීය.
සාමාන්‍යයෙන් තමාගේ රැස්වීම් වලට උත්සවවලට එන අයට හොඳින් සලකන බව බොහෝ දෙනා දන්නා කාරණයක් යැයි පැවසූ රාමනායක මහතා උත්සවයට පැමිණි සියලු දෙනාට සංග්‍රහ කළ බවද සඳහන් කළේය.
තමාගේ රැස්වීමට ඒ ආකාරයෙන් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් නොගෙන්වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
කෑ ගැසූ පිරිස කුමන්ත්‍රණකාරීන් හෝ කඩාකප්පල්කාරීන් පිරිසක් විය හැකි බවත් එම පිරිස කවුදැයි සොයා බලාගෙන යන බවත් රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.
ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑ වැටුනු වලේ දවාලේ වැටෙන්නේ නැතිවෙන්න පරිස්සම් වෙමු..
මුන් ඔක්කොම හොරු මල්ලි
ටිල්වින් සහෝදරයගෙන් ටියුෂන් ගත්තනම් ඕක වෙන්නේ නෑ රංජන්.
රන්ජන් කියන්නේ වැරැදි දැකලා කතාකරපු නළුවෙක් විතරයි. දේශපාලනයට පරිණත මදි. පව්.
කියපු විදියට සල්ලි දෙන්න. පිස්සු කෙලින් නැතිව.
මේකට කැම්පස් අයයි, HND එකේ අයයි සල්ලි දෙනවා කියලා එක්කන් ගියා. බොරුයි කිව්වොත් සාක්ෂි එක්කම ඔප්පු කරන්නම්...
විකාර තමයි..
රන්ජනුත් එහෙනම් අසූචි බාල්දියකට පයින් ගැහුවා. ඔය කවුරුත් එකයි මල්ලි කිව්වේ නිකමට නෙමෙයිනේ නේද? කතාව දෝලාවෙන් ගමන පයින්...!
රුපියල් 2500ක් සහ කෑම පාර්සලයක් ලබාදීමට පොරොන්දු ලබාදීම සිදුනොවිය යුතු වුවත් තරුණයන් වශයෙන් රුපියල් 2500 ක් සහ කෑම පාර්සලයක් බලාපොරොත්තුව දේශපාලන රැස්වීම්වලට පැමිණීම තරුණකමටත් නිගාවක්, එහෙවු තරුණයන් රටට සේවයක් නොව අනාගතයේ වැඩිහිටියන් වශයෙන් රජයෙන් සහන ( සමුර්ධි, ජනසවිය සහ වෙනත් ) බලාපොරොත්තු වන බව මේවයින් පැහැදිලිවේ
දැන්වත් තේරුම්ගන්න මෙයා කරන්නේ අමූලික බොරුවක්... අනික් අයට වඩා හපන් කෙනෙක්
සල්ලිවලට රැස්වීම්වලට යන විශ්ව විද්‍යාල සිසුන් ඉන්නවා කියන්නෙ ශිෂ්‍ය සංහතියටම අපහාසයක්. හිතන්න අමාරුයි
ගූ හැත්තෑවයි කියන්නේ මේවට
ලැජ්ජයි මහත්තයෝ , සල්ලි දීලා මිනිසුගෙනත් ආසන පුරවන්න ..එතනම බොරුව ,
පිස්සෝ රජ උනත් එකයි......රජා පිස්සු උනත් එකයි.....අපරාදේ මේ මිනිහට දෙන ඡන්ද......ගම්පහ ඇයො බලන්න පුළුවන් කන්නේ මොනවද කියලා ඕක ආවොත්....
ඔක්කොම එක වල්ලේ පොල් මල්ලි
මේ වගේ ගොන් අපත විහිලුකාරයෝ අතුගාලා දාන්න ඕනෑ... මුන් හිතන්නේ දේශපාලනය විහිලුවක් කියලා
ගොන්ජගේ Parliament Jokes
ඩොලර් 1000 මුලින් තිබ්බනම් ඇති, සරසවි ශිෂ්‍යයෝ දාල ලංකාවේ අරගලයක් පටන් ගන්න පුළුවන්. අනිත් උන් රැල්ලට යන සෙට් එකනේ ... අරගලේ කියල නම දාල මළගෙවල් වල කතන්දර කියන කය්යෝ ටිකක් සෙට් කරනන් ලංකාවේ පාලනේ ඕන ගොනෙක්ට අතට ගන්න පුළුවන් .
දෙයියෝ සාක්කි අයියෝ සල්ලි
උනුත් එකයි, මුනුත් එකයි, අපි ඔක්කෝම යාලුවෝ මල්ලී. අපිරිසිදු, වංචාකාරයින්, දූෂකයින් ගැන සොයන කථාකරන සමාජ සෝධකයින්ගේ, පරමාදර්ශී පුද්ගලයින්ගේ තත්ත්වයත් මෙහෙම නම්...! මෙයාලා කෑම බීම මුදල්දීගෙන මේ එන්නේ බුදු පසේබුදු මහරහත් යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් ප්‍රාර්ථනය කරගෙන පෙරුම් පුරන්නද..? නැහැ ජනතාව රවටා, මුලාකර පරමාධිපත්‍ය බලය සොරාගන්න. හරි නම් මේ මොහොතේ මැතිවරණ තීති රීති බලාත්මකයි. මැතිවරණ කොමිසමේ අවධානය යොමුවිය යුතුමයි. නීතිය ක්‍රියාත්මක වියයුතුමයි... මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය තුරන්විය යුතුමයි... සහ ඒ තුළ කියන්නේ නැහැ. මාලිමාව සියයට සීයක් නිවැරැදියි කියා. හැමෝගෙම වැරැදි අඩුපාඩු තිබෙනවා ඒවා නිවැරැදි කරගත යුතුයි. එවිටයි ලස්සන රටක් හැදෙන්නේ...!
අනිත් මිනිස්සු නම් රුපියල් 5000යි, බත් පාර්සලෙයි, අරක්කු කාලයි ගන්නව කියන්නෙ. රුපියල් 1500ට 2000ට කැම්පස් ලමයි ලාබයිනෙ. ඊලග පාර තව ටිකක් තාත්විකව කරමු..