ඉකුත් 26 වැනි දා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියකට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධියේ බැන වදිමින් අපහාස කිරිම ඉල්ලා අස්කර නොගන්නේ නම් ජනවාරි 30 වැනි දා රාජකාරියෙන් බැහැර වී විරෝධය පළ කරන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන සේවා සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය එහි උප සභාපති හා ලේකම් වරයාගේ අත්සනින් යුක්තව ජනපති ,අගමැති, කතානායක, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය හා ස්වදේශ ඇමැති වෙත අද (27) දහවල් ලිපි ඉදිරිපත් කොට ඇත.
මඩම්පැල්ල ග්‍රාම නිලධාරී වසමෙහි බොරළු පස් කැපීම සම්බන්ධයෙන් මහජන උද්ඝෝෂණයක් පැවති අවස්ථාවේ එහි පැමිණි සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා, සිය දුරකථනයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදුණු බව නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් කියන්නේ අසාධාරණය දුටුතැන නයෙක් වගේ කිපෙන කෙනෙක් (නි)
රන්ජන් කියන්නේ සාධාරණ මනුස්සයෙක්. ඔය සමහර ප්‍රාදේශීය ලේකම්වරු,ලේකම්වරියන් ගැන නම් අනේ මන්දා? (නි)
මට නම් පෙනෙන්නේ මෙයා හැම එකෙන්ම අනාගන්නවා කියලයි (නි)
රන්ජන් ඇමතිතුමා හරි (නි)
මේ අය කියන කතා ගණන් ගන්න එපා. (නි)
අහෝ රංජා නොදිටි මොක්පුර කිවුවලු (නි)
වරෙක සම්මාන ගනී. වරෙක් නාගනී. මෙතැන තියෙන්නේ නූගත් රඟපාන්නන්ගේ හා උගත් රජයේ නිලධාරීන්ගේ අතර පැහැදිලි වෙනසයි. (නි)
මමත් පසුගිය කාලේ පරිපාලන විභාගෙට ලිව්වා. එ් කාලේ පත්කළේ හිටපු පාලකයන්ට ඕනෑ අය. දැන් ඔය පිකටින් කරන්නේ ඒ අය තමයි. ඒ කාලේ විභාග දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත්වුණ හයදෙනාම සමත්කළා. ඔවුන් වර්තමාන පාලකයන්ට අකමැතියි (නි)
රන්ජන් කියන්නේ අසාධාරණයට විරුද්ධව හඩනඟන කෙනෙක් (නි)
නිසිපරිදි ඉගෙනීමක් නොලත් මෝඩයෝ දේශපාලනයට අාවහම ජෝකර්ලා වෙනවා. මිනිසුන්ට කතාකරන්න කියන්නේ මොනවද, කරන්නේ මොනවද කියලවත් තේරුමක් නැහැ (නි)
මේ රජයේ නිලධාරින්ට කිසිම වගකීමක් තියනවද? නිකම් ලිපි ගොනුවක් හදයි. හොදට ජරාව කකා ඉන්නවා. මේ නිලධාරීන් නිකන් ඉන්නවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාටත් මේ දේ වෙනස් කරන්න බැරිවුණා (නි)
ඔය වෘත්තීය සමිතීන් වලට සාධාරණ අසාධාරණත්වයක් ඕනෑ නැහැ වෘත්තීය ක්‍රියාවකට යන්න. ඔන්න ඔවුන්ගේ තත්වය. අදාළ අමාත්‍යාංශයෙන් ඔය ගැන නිවැරදි පරීක්ෂණයක් කරලා, අවශ්‍ය දඬුවම් දෙන්න ඕනෑ. (නි)
මම රන්ජන් විරුද්ධවාදියෙක්. එ්ත් එදා ඒ කළ කතාව මම දැක්කා. මම මේ අවස්ථාවේ සම්පුර්ණයෙන්ම රන්ජන්ට එකඟවෙනවා (නි)
රන්ජන් අද කාලේ සැබෑ වීරයෙක් (නි)
බොහෝ ඇඟ ලොකු අයට මොළය නැත. ඔහු නැවත වරක් එය පසක්කර ඇත. (නි)
රඟපාන්න අාවා, සිංහල සිනමාව කාලා දැම්මා. මිනිස්සු චිත්‍රපට බැලීල්ලත් නවතා දැම්මා. දැන් දේශපාලනයට ඇවිල්ලා එ්කත් කනවා (නි)
මේ පස් කැපීම නීතිවිරෝධීව සිද්ධවෙලා තියෙන්නේ. ඉතින් එම නිලධාරිනියට වහාම ඉල්ලා අස්වෙන්න කියන්න. මෙම ස්ථානවලට සුදුසු පුද්ගලයින් පත් කරන්න (නි)
එම නිලධාරිනිය මුකුත් දන්නේ නැහැ. රන්ජන්, කොහොමහරි මේ පස් කපන එක නවත්තලා දෙන්න. ඔබට පින්. (නි)
රන්ජන් මම දකින කොන්ද පන තියෙන, රටට අවංකව සේවය කරන එකම දේශපාලකයායි. ජය වේවා!! (නි)
නිලධාරිනියට කට උත්තර නැතුව දුරකථනය විසන්ධි කළා නේද. (නි)
වැරැද්ද දැක දැක ඇස් පියාගෙන ඉඳලා කියනවා ලිඛිතව එවන්නලු. එතකොට රන්ජන් කිව්වේ හොම්බට ඇන්නොත් පැමිණිල්ලක් එනකල් ඉන්නවද කියලා? තර්කය 100% ක් හරි. (නි)
අද ඇතැම් රජයේ නිලධාරීන් මේ පස් හොරුන්ගේ සල්ලි වලට යටවෙලා. ඒ ගැන හොයනකොට මඟ අරිනවා. (නි)
අද රන්ජන්ට විපක්ෂයේ අය විතරක් නෙමේ ආණ්ඩු පක්ෂේ අයත් බයයි. ඇයි හොරකම් සේරම එළියට දානවනේ. (නි)
රන්ජන් මහතාව හොරුන් විසින් උපහාසයට ලක්කිරීමේ කුමන්ත්‍රණයක් තියෙන බවට ආරංචියන් තියෙනවා. මොකද මේ මහත්තයා මහජන මුදල් හොරකම් කරන අයගේ පරම හතුරනේ. (නි)
රන්ජන් නොහිටින්න යහපාලනයත් හොරුන් ගිලගෙන. (නි)
රන්ජන්, මේ පස් හොරුන් හින්දා අපේ පැත්තේ ගෙවල් ගණනාවක් නායයාමේ තර්ජනයට ලක්වෙලා. පස් මුදලාලිලා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ සාක්කු පුරවනවා. රන්ජන්, ගම්පහ විතරක් නෙමෙයි අනිත් පැති ගැනත් සොයන්න. (නි)
ගොඩක් දේශපාලකයෝ මේ ප්‍රශ්නෙට අත දැම්මේ නැහැ. බලවතුන් මැදිහත් හින්දා. රන්ජන් ඔබ මිහිබට දෙවියෙක්. මේ පස් කැපිල්ල හින්දා පළාතම අපායක්. එක දේශපාලකයෙක් පැත්ත පළාතේ අාවේ නැහැ. රන්ජන් ඔබට තෙරුවන් සරණයි. (නි)
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු. රන්ජන්, ඔබ යහපත් මිනිසෙක්. අසරණ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින ඔබට වරදින්නේ නැහැ. (නි)
රන්ජා මැදිහත් නොවෙන්න මෙතන මරියානා අාගාධයක් කරලා නවත්තන්නේ. පුදුම පස් කැපිල්ලක් කැපුවේ. අපි මේ ගැන මෙතුමිය හම්බවෙලා කීප වතාවක් කිව්වා. අපිට කරන්න දෙයක් නැහැ කියනවා. අරයා මෙයා කරන්නේ කියනවා. මේ නිලධාරින්ට කියන්න හරියට කරන්න බැරිනම් ගෙදර යන්න කියලා. (නි)
වර්ජනය කරන අයව ගෙදර යවන්න. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හොරු ගුහාවක්. (නි)
රන්ජන් අයියේ, ඔයා නම් කියලා වැඩක් නැහැ. මාව ඇතිවෙන්න රස්තියාදු කළා ඔය නිලධාරීන් (නි)
ඒ තරම්ම පිරිසිදු රජයේ නිලධාරීන්.(හේ)
රන්ජන්ට ජය වේවා!! ඔබේ යහපත් කටයුතු ඉදිරියටත් කරගෙන යන්න. ඔබේ සටන සාර්ථක වේවා!! මේ හොර නිලධාරීන්ට විරුද්ධව දැඩි දඩුවම් පැමිණවීමට ඔබට හැකියාව ලැබේවා !! (නි)
රුපවාහිනී පුවත් මගින් මාද මේ සිද්ධිය දුටුවෙමි රාජ්‍ය නිලධාරියකුට නුගත් දේශපාලකයකු කතාකළ ආකාරය ඉතාම ලජ්ජා සහගතය උගත් පරිපාලන නිලධාරීන් මෙසේ හැල්ලුවට ලක්වීම ගැන මට හිතෙන්නේ මගේ රට මොනතරම් පහත් තත්වයකට අැදවැටිලද කියලයි කණගාටුයි (බ)
දැන් එතකොට පස් කැපීම ගැන මොකද කියන්නේ? රාජකාරියෙන් ඉවත් වෙලා නිකං ඉන්න දවසේ නරකද පොඩ්ඩක් එලියට බැහැලා මොකක්ද මිනිස්සු කියන්නේ කියලා බැලුවා නම්? (බ)
විජයට දුප්පත් මිනිසුන්ගේ අසරණකම හොඳට දැනුනා. ඔහු හොරුන්ට, දුෂිත නිලධාරීන්ට විරුද්ධව හඩ නැගුවා. ඔබටත් තියෙන්නේ ඒ ගතියමයි. තෙරුවන් සරණයි ඔබට. (නි)
රන්ජන් ජනතා වීරයෙක්. මේ නිලධාරීන්ට කියන්න ගෙදරම යන්න කියලා. සුදුසු අයට මේ තැන් දෙන්න. (නි)
රන්ජන් හොම්බට ඇන්නොත් කොම්ප්ලේන් එකක් එනකල් ඉන්නවද කිව්වේ උදාහරණයක්. එ්ක තේරෙන්නේ නැති අයත් ඉන්නවනේ. රන්ජන් 100% හරි. තමුන්ට ප්‍රශ්නයක් වුණොත් තමයි හැමෝටම රිදෙන්නේ. (නි)
ජයවේවා රන්ජන් මහත්තයෝ! දුෂිත නිලධාරීන්ට එරෙහි සටන 100% ක් සාර්ථක වේවා!! (නි)
අර පහුගිය ආණ්ඩුව කාලේ ගුරුවරියක් දණ ගැස්සුවා කියල කෑ ගහපු සංවිධාන මේ ප්‍රා ලේකම් තුමියට ප්‍රසිද්ධියේ අපහාස කරපු මේ දේශපාලකයට මොකද දන්නේ නෑ කියන්නේ (බ)
දැන් ඒ කථාව ඉල්ලා අස්කර ගත්තහම එ් අවස්ථාවේ එම ස්ථානයේ හිටපු අයගේ කන්වලට ඇසුනු දේ සහ එම අවස්ථාව මාධ්‍යය තුලින් රටටම පෙන්නකොට රටේ මිනිසුන්ට ඇසුනු දේවල් ඒ සියළුම දෙනාගේ මතකයෙන් ගිලිහි ඒ වචන ටික නැවත රංජන් මහත්තයාගේ කට ඇතුළට යනවාද......? (නි)
රන්ජන් මොනවටද සමාව ගන්නේ? (නි)
ජීවා, ඔයා කවුරු ගැනද කියන්නේ? (නි)
අනේ දිලාන්, නයෙක් වගේ කිපෙන ගැරඩියෙක් කියලා තමා කියන්න වෙන්නේ. ඔය කියනවා ඇත්තේ අර අන්තිමට ප්‍රදර්ශනය වුණ චිත්‍රපටය ගැන වෙන්න ඇති නේද? (නි)
රන්ජන් සමාව ගත්තා කියමු. අර පස් කපලා තියෙන්නේ අවුරුදු ගණනාවක සිට. එතකොට ජනතාවගෙන් සමාව ගතයුතුයි මේ නිලධාරීන්. එහාට මෙහාට බෝල පාස් කරනවා. (නි)
ඇඟ විතරක් තිබ්බට මදි . මොලේ තියෙන්නත් ඕනේ .(බ)
මේ පර්මිට් එක දීල තියෙන්නේ කොහොමද. නිලධාරිනියත් බෝලේ පාස් කරනවා කියලා අපිට හිතෙනවා පර්මිට් එක දෙන තැනට. පරීක්ෂණයක් කරන එක නේද හොඳ? (නි)
රන්ජන් රාමනායක නමැති තුප්පහියාට හොම්බට දෙකක් දුන්න දිවුලපිටිය එඩිතර ප්‍රාදේශීය ලේකම්තුමියට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි. (බ)
හැම රජ කෙනෙකුටම රාජ සභාවේ කවටයෙක් උන්නා. එයාට රජ කාලේ අන්දරේ කිවුව. පසුගිය කලේ අර ආචාර්ය තුමා උන්න. මේ කාලේ මෙයා. ඕක ඉතිහාසේ ඉඳම්ම එන දෙයක්. (බ)
ඔය කියන තරම් බැන වැදීමක් වුණේ නැහැ. ඒත් රන්ජන් මහත්තය තමන්ගේ ෆෝන් එකේ ස්පීකර් දාගෙන මාධ්‍ය ඉස්සරහ විවධ අයට කතා කිරීම හොඳ නැහැ.(බ)
මොනවා වුණත් කෙලින් කතා කරපු ප්‍රාදේශීය ලේකම්වරියකට අපේ ආචාරය. දෙන්නගේ අධ්‍යාපන සුදුසු කම් බැලුව නම් කතාවේ වෙනස ඉතා පැහැදිලිව තේරෙනවා. සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධන. මේ අවුරුදු 2 ටම කළේ හොරා පොලිස් වැඩ. කාට හරි ලියන්න පුලුවන්ද මොනවද කරලා තියෙන්නේ කියල සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධන කටයුතු සදහා කියල. කාලයක් කළේ හෝටල් ඉස්සරහ, ආවාස ඉසරහ පොටෝ අරන් පෙන්නන එක අල්ලපු හොරෙක් නැතුව හොරු අල්ලනවා කියපු එක විතරයි. අයියෝ මෙයාලගේ නඩත්තුවට යන ජනතාවගේ බදු මුදල්. (බ)
ඇත්තටම මිනිසෙක් කරන්නාවූ ක්‍රියා තුලින් ඔහුගේ බුද්ධි මට්ටම මානව පැහැදිලිවේ.මේ ක්‍රියාවන් දකින විට සමහර විට අපට අප ගැන දුකක් ඇතිවේ.මන්ද යත් අපගේ බුද්ධිය හා කතා නායක ගේ බුද්ධි මට්ටම අහස ,පොළොව සේ වෙනස් නිසාවෙනි. (හේ)
රන්ජන් ඇමති කතාකරපු විදිය වැරදියි. හැමදෙයටම උද්ඝෝෂණය කරන ඔය කට්ටිය ඉස්සර ගුරුවරු දණගස්සනකොට, නිලධාරීන් ගස් බඳිනකොට, වාසුදේවලා පාර්ලිමේන්තුවේදී අසැබි වදන් කියනකොට ඇහුනේ දැක්කේ නැද්ද? (නි)
අපිට නම් රන්ජන් ගැන දැනුනේ ලොකු ආඩම්බරයක් (නි)
නිකන් චිත්‍රපට ඇක්ටින් දාන මෙයාලා පාර්ලිමේන්තුවට යැව්වා අයට ගහන්න ඕනෑ බූවල්ලෙන්. වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් තියෙනවද දන්නේ නැහැ. (නි)
රන්ජන් ඇමතිතුමා හිතන්නේ රඟපාලා ඔක්කොම කරන්න පුළුවන් කියලා. මට මතකයි ඉස්සෙල්ලම රත්නපුරෙන් ඡන්දෙට ඉල්ලපු වෙලාවේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගෙන් ගුටිත් කාලා අතේ තුවාලේ පෙන්න පෙන්නා රැස්වීම්වල කතා කළා. සිනමාවේ වීරකම් ප්‍රායෝගික නැහැ කියලා තාම දන්නේ නැහැ. (නි)
සමාව ගතයුත්තේ මොහුට ඡන්දය දුන් ඡන්දදායකයන්. (නි)
ඇඟ දුන්නට මොළය දීලම නැහැ වගේ (නි)
අපෝයි ඔව්, මිනිස්සු වැඩක් කරගන්න කියාම රස්තියාදු නොකර අඬගහලා කරලා දෙනවනේ මේ සංගමේ කාර්යාල නේද? (නි)
පිරිසිදු දේශපාලනයක් කරන රන්ජන් වගේ කෙනෙකුට මෙහෙම කියන අය වසර ගණනාවක් ඇස් කන් නැහැ වගේ හිටියා. (නි)
කණගාටුවෙන් වුණත් මට කියන්න තියෙන්නේ පිරිමිකම කියලා අපි කියන්නේ ඔය වගේ හැසිරීමට නොවේ කියායි (නි)
වරදක් දැක කතාකිරීම වරදක්ද? මොකද ගස් බැන්ඳේ නැහැනේ (නි)
උද්දච්ච නිලධාරීන් අහිංසක මිනිසුන්ට දාන පාට් නිකමට හරි දැකලා තියෙන කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ රන්ජන් සමාව ගන්න ඕනෑ කියලා. (නි)
රන්ජන් ඇමතිතුමනි, පුලුවන්නම් අර්ජුන් මහේන්ද්‍රන්ටත් මෙහෙම බනින්නකෝ අනේ! (නි)
දැන් එතකොට රන්ජන්ද වැරදි? (නි)
කවුද කතාකළේ එදා මර්වින් රජයේ සේවකයන් ගස් බඳිනකොට? පුත්තලමේ ගුරුතුමිය දණ ගස්සනකොට? (නි)
රාජ්‍ය නිලධාරීන්ගේ බොරු සෝබන ටිකක් අඩු කරගත්තොත් මොකද? (නි)
රංජන් වැරදියි කියමුකෝ, මේ සංගමයේ අයගෙන් බහුතරයක් කථා කරන්න දන්වාද? (නි)
රාජකාරි වලින් නම් කොයිතරම් නොකියා බැහැරවෙලා ඇද්ද? (නි)
අපේ සමහර මිනිසුන්ට තේරෙන්නේ නැහැ නළු නිලියෝ කරන්නේ රඟපෑමක් බව. මොවුන්ගෙන් වැඩිදෙනාට රඟපෑම ඇරෙන්න වෙන කිසිම දෙයක් කරගන්න බැහැ. ඒ නිසා එක එක රඟපෑම් කරලා ජනතාව රවටනවා (නි)
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමියට මගේ ආචාරය! මුග්ධ දේශපාලනඥයින් පාර්ලිමේන්තුවට යවන ජනතාවට යළිත් ඒ පිළිබඳව සිතීමට කාලයයි. නියම වීරයින්ට ඇඟ නැතත් මොළය තියනවා. චිත්‍රපටි වීරයින්ට මොළය නැතත් ඇඟ තියනවා. (නි)
ගිය ආණ්ඩුව කාලේ මේ සමාගම් කොහෙද දන්නෙ නැහැ තිබුනේ? (නි)
මම කලිනුත් කියලා තියෙනවා, මෙයාටත් හරියට "හැම ගහකටම කොට කොටා ගිහින් කෙසෙල් ගහට කොටපු කොට්ටෝරුවට වෙච්ච දේ“ වෙයි කියලා. (නි)