කොලිවුඩ් සිනමාවේ සුපිරි තාරකාවක් වන රජිනි කාන්ත් චිත්‍රපට රූගත කිරීමක් අතරතුර තුවාල ලබා තිබෙනවා. ඒ 2.0 චිත්‍රපටය සඳහා වෙන්නායි නුවරදී පසුගියදා රාත්‍රියේ සිදුකළ රූගත කිරීමක් අතරතුරදීයි. මෙම සිදුවීමෙන් තුවාල ලැබූ කාන්ත් රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් චිත්‍රපටයේ නිෂ්පාදකයන් ඔහු තුවාල ලැබූ පුවත ප්‍රකාශ කිරීම කැමැත්ත පළ කළ නොමැති බවටද සඳහන් වෙයි.
බොලිවුඩ් නළු ආකේෂ් කුමාර් සහ ඇමී ජැක්සන් ඇතුළු සිනමා තරු රැසක් රඟපාන 2.0 චිත්‍රපටය නිපදවනු ලබන්නේ ඉන්දීය රුපියල් කෝටි 400ක වියදමින් බවද සඳහන්.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd