
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සිරදඩුවම් නියමව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කළ අධිකරණයට අපහාස කරන ලදැයි දෙවැනි පැමිණිල්ල විභාගයට සදහා රාමනායක මහතා අද (3) දින බන්ධනාගාර නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
මෙම පැමිණිල්ල සිසිර ද ආබෲ , මුර්දු ප්‍රනාන්දු සහ ප්රිති පද්මන් සුර්සේන යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත්‍රිපුද්ල විනසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලට අදාළ චෝදනා පත්‍රය නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී.
ඉකුත් 2018 වසරේ නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත්කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශකින් අධිකරණයට අපහාස කර ඇතැයි එම චෝදනා පත්‍රයේ සඳහන්ව තිබිණි.
( ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුත් හාමුදුරුවන්ගේ... නඩුත් හාමුදුරුවන්ගේ...! එහෙම නේද හාමුදුරුවනේ...?
රංජාව ඇතුළට යවන්න කොන්ත්‍රාත්තුව ගත්ත අර නීතීඥයාට මේ ගෑස්ලිප් පුපුරන එක පෙනිලා නැද්ද? එයාට කවුරුවත් කොන්ත්‍රාත් එකක් දීලා නැද්ද?... ගෑස් සමාගම්වලට විරුද්ධව නඩුවක් දාන්න. පාරිභෝගික කටයුතු ඇමැතිට විරුද්ධව නඩුවක් දාන්න එහෙම... ?
රන්ජන් තැන නොතැනබලා කතාකරනවා.... ඒ වුණත් උණුවෙන හදවතක් ඇති ඉතාමත් අවංක පුද්ගලයෙක්. ඔහු අසාදාරණයට එරෙහිව තනිවම සටන් වැදුනා. ඔහුට දඩුවම් ලැබූයේ සත්‍ය පැවසීම නිසා. හැම ක්‍රමයක්ම, හැම ආයතනයක්ම පවතින්නේ දූෂිතයින් ආරක්ෂා කිරීම සඳහා. රන්ජන්ව හිරේ යැවීමට මූලික වූ විජේදාස, ඇමැතිකමක් නොලැබීම නිසා අද ජාතික වීරයෙක් වීමට උත්සාහ කළත් තමන් අධිකරණ ඇමතිව සිටියදී දූෂිතයින්ව ආරක්ෂා කළේ ඔහු විසිනි...
දැන් කට්ටිය උම්බෑ කියයි.
ෆොන්සේකා, අනුර කුමාර, පාඨලී වැනි අයගෙන් සෑදෙන ලබන ආණ්ඩුවේ රට ණය කළ හොරු උසාවි දක්කන හැටි බලන්න... සියල්ල සැදී පැහැදී සිටින්න...
බාරත ඇතුලු හතර දෙනෙක්ගේ මරණවලට වගකිවයුත්තා නිදහස්... පැත්ත ගියත් ඇත්ත කියපු රන්ජන් ඇතුළේ... එක රටක එක නීතියක්ලු. විරුද්ධ පාක්ෂිකයින්ට වෙනම නීතියක්...